දළදා මලුව – පොළොන්නරුව. DALADA MALUWA – POLONNARUWA

අනුරාධපුර රාජධානිය 1017දී චෝල ආක්‍රමණයෙන් සොළින්ට අයත්වූ පසු පොළොන්නරුව පාලන නගරයක් ලෙස වර්ධනය විය. විජයබාහු  රජතුමා විසින් චෝල පාලනයෙන් රට බේරාගෙන දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුව පොළොන්නරුවට ගෙනෙන ලදී. එතුමා විසින් මෙහි දළදා මාලිගාවක් තනවා ධාතුන් වහන්සේලා මෙහි තැන්පත්  කරවන ලදී. එතුමා විසින් නිර්මාණයකරවූ ප්‍රධාන විහාර සංකීර්ණය පොළොන්නරුවේ දළදා මලුවයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මෙය වැඩි දියුණුවූ අතර, වැව්, විහාරාරාම, රාජකීය මාලිගා ආදියද පොළොන්නරුවේ නිර්මාණය විය. එසේම  මෙම දළදා මලුව නිශ්ශංක මල්ල රජුගේ කාලයේදී තවත් සංවර්ධනය වින.

දළදා මලුව අංග ගණනාවකින් සමන්විත විය.  පහත සිතියමේ දැක්වෙන්නේ එම අංගයන්ය.daladaa-maluwa

  1.      ඇතුළුවන දොරටු
  2.      නිශ්ශංක මල්ල රජු තැනු දළදා ගෙය
  3.      පළමුවන විජයබාහු රජු තනු දළදා ගෙය
  4.      වටදාගේ
  5.      බෝධිසත්ව රුව
  6.      ථුපාරාමය
  7.      බෝධිඝරය
  8.      ඔත් පිළිමය
  9.      විහාරය, උපොෂතාගාරය
  10.      ගල් පොත
  11.      සත් මහල් ප්‍රසාදය.

ඇතුළුවන දොරටුව

Prawesha Mandapaya

 නිශ්ශංක මල්ල රජු තැනු දළදා ගෙය – හැටදාගේ

හැටදාගේ, දිග අඩි 120ක් හා පළල අඩි 90ක් පමණ භුමි ප්‍රමාණයක,  කැටයම් කෙරුණු ගල් බිත්තිවලින් තැනුන ප්‍රවේශ ශාලාවකින් හා ඇතුළු කුටියකින් සමන්විත ගොඩනැගිල්ලකි. මෙය මහල් දෙකකින් සමන්විතව තිබී ඇත. උඩු මහල දැවයෙන් තනා තිබෙන්නට ඇති අතර එහි දන්ත ධාතුව, පාත්‍රා ධාතුව හා අනෙකුත්  ධාතුන්වහන්සේලා තැන්පත් කර තිබෙන්නට ඇත. පහත මාලය බුදු මැදුරක් ලෙස භාවිතා කළ බව පෙනේ. මෙම ගෘහය තුල හිටි බුද්ධ ප්‍රතිමා තුනකි.

මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් බවත්, නිශ්ශංක මල්ල රජු එය අලුත්වැඩියා කල බවත් චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා  කියයි. බිත්තිවල අලංකාර කැටයම් හා නිශ්ශංක මල්ල රජු වර්ණනා කෙරෙන ශිලා ලේඛන පිහිටුවා ඇත. මෙම ගොඩනැගිල්ල පැය හැටක් ඇතුලත නිමවන ලද බවක් කියවේ. එහෙයින් මෙය හැටදාගේ යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. එමෙන්ම මෙහි ධාතුන් වහන්සේලා හැට නමක් තැන්පත්කොට තිබු හෙයින් හැටදාගේ කියූ බවක්ද කියති. මෙම ගොඩනැගිල්ලේ සඳකඩ පහනේ සිංහ රුපය දක්නට ලැබීම විශේෂත්වයකි. මේ යුගයේ අනෙකුත් සඳකඩ පහන්වල සිංහ හා වෘෂභ රුප දක්නට නැත.

හැටදාගේ

Hatadage (Tooth relic shrine of Nissankamalla)

හැටදාගේHatadage (Tooth relic shrine of Nissankamalla)

කැටයම් හා ශිලා ලිපි සහිත බිත්ති

Hatadage (Tooth relic shrine of Nissankamalla)Hatadage (Tooth relic shrine of Nissankamalla)

සඳකඩ පහනHatadage (Tooth relic shrine of Nissankamalla)

බුද්ධ ප්‍රතිමාHatadage (Tooth relic shrine of Nissankamalla)

පළමුවන විජයබාහු රජු තැනු දළදා ගෙය -අටදාගේ

දළදා මළුව තුල ඇති පැරණිතම ගොඩනැගිල්ල වන මෙය අඩි 75ක් දිග හා අඩි 45ක් පළලින් යුක්තය. කොරවක් ගල් සහිත පිය ගැටපෙලක්, අන්තරාලයක් හා ගර්භ ගෘහයක් මෙහි දක්නට ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ ගල් කුළුණු 60ක් පමණ ප්‍රමාණයක් පමණි. මේ සමහර කුළුණුවල, කල්පලතා මෝස්‌තර, වාමන රුප, නාට්‍යන්ගනාවන්ගේ රුප, බෝධිසත්ව රුප ආදිය කැටයම් කොට තිබෙනු පෙනේ. මහා විජයබාහු රජතුමා විසින් තනන ලද මෙය මහල් දෙකකින් යුක්තව තිබී ඇත. ඉහල මහල දැවයෙන් තනා උළු සෙවිලිකර තිබුනාවිය හැකිය. දන්ත ධාතුන්වහන්සේ හා පාත්‍රා ධාතුව මෙහි ඉහල මහලේ තැන්පත්කොට තිබෙන්නට ඇති අතර බිම් මහල බුදු ගෙයක් ලෙස භාවිතා කරන්නට ඇත.  මෙය ඉදිකිරිම සඳහා වෙනත් ගොඩනැගිලි වලින් කොටස් ගෙනවිත් ඇත.

මිට අටදාගේ යනුවෙන් ව්‍යවහාර කරනුයේ පැය අටකින්,හෝ  දින අටකින් නිමකළ බවක් කියවෙන නිසා හෝ මෙහි ධාතුන් වහන්සේලා අටනමක් තැන්පත්කොට තිබු නිසා වන්නට පුළුවන. මේ ආසන්නයේ වේලක්කාර ද්‍රවිඩ සෙල්ලිපියද දක්නට ඇත. එහි දැක්වෙනුයේ දළදා ගෙයි ආරක්ෂාව වේලක්කාර හමුදාව භාරයේ තිබුණු බවයි. අටදාගෙය ප්‍රතමාභිශේකය සඳහාද පාවිච්චිකළ බව කියති.

අට දාගේ

Atadage

අට දා ගේ

Atadage

කල්ප ලතා කැටයම් සහිත කුළුණු

Kalpalatha

Kalpalatha

_dsc6688

වේලක්කාර ද්‍රවිඩ සෙල්ලිපිය

Welakkara Sel Lipiya

වටදාගේ

වටදාගේ පොළොන්නරුවේ දළදා මළුවේ පිහිටි වැදගත් හා අලංකාර ස්මාරකයයි. නිශ්ශංක මල්ල රජුට පෙර මෙය ඉදිකර ඇති අතර නිශ්ශංක මල්ල රජු විසින් නැවත ප්‍රතිසංස්කරණය කොට ඇත  වෘත්තාකාර ගොඩනැගිල්ලක් වන මෙහි විෂ්කම්භය අඩි 120කි. පොලව මට්ටමේ සිට උස අඩි 4 අඟල් 6 කි. සිව් දෙසින් මෙයට ඇතුළු වීමට තනා ඇති පියගැටපෙළ ඉතා අලංකාර කැටයමින් යුක්තය. සඳකඩ පහන්, දෙපස මුරගල් වලින් හා වාමනයන් දරා සිටින මකර වැටවලින් යුක්තය.  මධ්‍යයේ සිව් දිසාවන්ට මුහුණලා ඇති බුද්ධ ප්‍රතිමා හතරකට මැදිව පිහිටි ස්තුපයකි. වහලයක් තැනීම සඳහා පිහිටුවා ඇති ශෛලමය කුළුණු පේලි දෙකක් තිබී ඇත  දැනට ඉතිරිව ඇත්තේ එක පේලියක් පමණි. පිටත වටයේ පිහිටි මෙම ගල් කුළුණු අතර අඩි 2 අඟල් 9 ක් උසට තැනු  ප්‍රාකාර බැම්මකි. මෙය මල් මෝස්‌තර වලින් අලංකාර කොට ඇත.  කුළුණු පේලි අතර ඇති ගඩොල් බිත්තිය ආරක්ෂිතව තිබෙනු දැකිය හැකිය.

මෙහි ඇති බුද්ධ ප්‍රතිමා ලක්ෂණ මෙම ස්ථානයටම ආවේනික වුවකි. ප්‍රතිමා වල ශීර්ෂය, සිවුර නිමකළ ඇති ආකාරය අන් ස්ථාන වල ප්‍රතිමා වලට  වඩා වෙනස්ය.  සඳකඩ පහනෙහිද අනුරාධපුර යුගයේ සඳකඩ පහන්වල දක්නට ඇති  වෘෂභ රුපය දක්නට නැත. ඒ හින්දු ආගමේ වෘෂභ රූපය දේවත්වයේ ලා සැලකූ නිසා විය හැකිය. වෘෂභ රූපය මුරගල පසෙක කැටයම් කොට තිබෙනු පෙනේ.

වටදාගේ

Watadage

Watadage

මුරගල් හා පඩි

Watadage

සඳකඩ පහන

Watadage

මුරගල්

මල් කැටයම්

බුදු පිළිම

මුරගල පසෙක වෘෂභ රුපය

Watadage

බෝධිසත්ව රුව

වටදාගෙයට පසෙකින් පිහිටුවා ඇති පිළිමය බෝධිසත්ව රුවක් හෝ නිශ්ශංක මල්ල රජුගේ ප්‍රතිමාවක් යයි විස්වාස කෙරේ.

Boddhisathwa Statue

ථුපාරාමය – පිළිම ගෙය

මේ පිළිමගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකුවූ මහින්ද නැමැත්තා ඉදිකලේද, නැතහොත් විජයබාහු රජු ඉදිකලාදැයි අවිනිශ්චිතය. කෙසේවුවත් මෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයකි. මෙය වක්‍රාකාර ගඩොල් වහලක් සහිතව  අවුරුදු 900 කට වඩා කාලයක්  හොඳින් ආරක්ෂා වී ඇති ගොඩනැගිල්ලකි. මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහ යන අංග වලින් සමන්විතය.පිටත බිත්ති විමාන වර්ගයේ රූකම් වලින් අලංකාර කොට ඇත. මේ පිළිම ගෙයි ගඩොලින් නිමවූ හිඳි බුදුපිළිමයක් තිබී ඇත. ශෛලමය හිටි බුදු පිළිමයක් දක්නට ඇත.මේ බුදු පිළිමයේ නේත්‍ර මැණික් ගල්වලින් පිහිටුවා තිබු බවත්, ජනෙල වලින් හිරු රැස් ඊට පතිතවන ආකාරයට නිමවා තිබු බවත් කියති. මෙහි බිත්ති අඩි 7 ක් පමණ පළලය.

Thuparama Prathima Gruhaya

Thuparama Prathima Gruhaya

හිටි බුදු පිළිමය

Thuparama Prathima Gruhaya

පිටත බිත්තිවල විමාන රුප හා කැටයම්

බෝධිඝරය

ථුපාරාමය  අසල ඇති කුඩා ගොඩනැගිල්ල බෝධිඝරයක නටබුන් යයි විශ්වාස කෙරේ.

_dsc6665

_dsc6667

ඔත් පිළිමය

ගඩොලින් නිමකළ ප්‍රාකාරයක් සහිත නටබුන් සැතපෙන පිළිමය තිබු ගොඩනැගිල්ලයි. මෙහි පිළිමය ගඩොලින් හා බදාමයෙන් නිමකොට වර්ණාලේපිත කර තිබෙන්නට ඇත. දැනට ශේෂව ඇත්තේ ගඩොල් ආකෘතියක් පමණි.

_dsc6681

විහාරය, උපොෂතාගාරය

දළදා මළුවේ කෙළවරක විහාරයක් හෝ උපොෂතාගාරයක නටබුන් දක්නට ඇත.

නිශ්ශංක ලතා මණ්ඩපය

නෙලුම්මල් සහිත  දඬු මෙන් පෙනෙන අඩි 8 ක් පමණ උස කුළුණු වලින් සමන්විත  වේදිකාවක් මත ගොඩනංවන ලද අඩි 34අඟල් 3 ක් දිග   අඩි 28 අඟල් 6 පළල ගොඩනැගිල්ල නිශ්ශංක ලතා මණ්ඩපය ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ල මැද  කුඩා දාගැබකි. ගල් ගරාදි වැටකින් වටකර ඇත.  නිශ්ශංක මල්ල රජු  මෙහි සිට පිරිත් ඇසු බව මෙහි ශිලා ලේඛනයක දැක්වේ.

නිශ්ශංක ලතා මණ්ඩපය

ගල් පොත

මිහින්තලේ ප්‍රදේශයෙන් ගෙනවිත් ඇති දිගින් අඩි 26 අඟල් 10ක්, පළලින් අඩි 4 අඟල් 7ක් හා ඝනකමින් අඩි 2ක් පමණ විශාල ගල් පුවරුවක පේලි 72ක අකුරු 4300 කට වැඩි ගණනකින් සෙල් ලිපියක් නිශ්ශංක මල්ල රජු විසින් කොටවා  ඇත.  දිගු අතට දෙපස හංස පේලි දෙකක් හා පළල අතට දෙපස ජලය වත්කරන ඇතුන් දෙදෙනෙකු හා පියුමක් අතින්ගත් ගජ ලක්ෂ්මි දේවිය කැටයම් කොට ඇත.  නිශ්ශංක මල්ල රජුගේ පරපුර, ඔහුගේ වීරක්‍රියා, පින්කම් හා  විදේශ රටවල් සමග පවත්වන ලද සබඳතා ආදිය ගැන මෙහි සඳහන්වේ.

ගල් පොත

Gal Potha

ගජ ලක්ෂ්මිLaxmi Deviya

සත් මහල් ප්‍රාසාදය

අඩි 30 ක් පමණ උස ක්‍රමයෙන් ඉහලට පටුවී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැගිල්ලක් දළදා මලුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය දාගැබක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සත් මහල් ප්‍රාසාදය

Sathmahal Prasadaya

මානව නිර්මාණ ශිල්පීයදක්ෂතා, හෙළිවන සංස්කෘතික සාම්ප්‍රදාය හා   කැපී පෙනෙන විශ්වීය වැදගත්කම ආදී කරුණු සලකා 1982 සිටම UNESCO සංවිධානය විසින් දළදා මළුවද ඇතුළු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස  ප්‍රකාශයට පත්කර ඇත.

Advertisements

2 Comments Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )