මුහුදෙන් එතෙර වෙන්නට වැල් පාලමක් Carrick-a-Rede Rope Bridge

p1020652

ලංකාවෙ අපිට නම් වැල් පාලම් අමුතු දෙයක් නොවෙයි. ඒත් ලෝකයේ ලස්සනම මාර්ගයක් සේ සැලකෙන  උතුරු අයර්ලන්තයේ වෙරළබඩ පාරේ ඇති ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය දිනාගත් වැල් පාලමක් Carrick-a-Rede Rope Bridge. අත්ලාන්තික් සැමන් මාළුවන්ගේ ජිවන චක්‍රයේ  බටහිර බලා යන ගමන් මාර්ගය Carrick දුපත අසලින් වැටි ඇත. මෙම මාළුවන් අල්ලා ගැනීම සඳහා මේ (Carrick) දුපතට යාමට අවුරුදු 350 කට පමණ පෙර ධීවරයන් විසින් මේ පාලම ගොඩනගා තිබේ. වෙරළ මට්ටමේ සිට මීටර 30ක් පමණ උසකින් මීටර 20ක් පමණ දිගකින් යුක්තව මෙය ගොඩ නගා ඇත.

p1020635

dsc03750

මේ Carrick දුපතේ සිට ඩොල්පින් ආදී මසුන් හා කුරුල්ලන් නැරඹීමට, කුඩා මල් වර්ග ආදිය අධ්‍යයනට, පැරණි ධීවරයන්ගේ නිවෙස් බැලීමට යාමට හා Rathlin දුපත ආදියේ අවට සිරි නරඹමින් වෙරළ ඔස්සේ පා ගමනින් යාමට සංචාරකයෝ කැමැත්තක් දක්වති.

p1020647

බැවුම් වල ඇති මුහුදු පක්ෂීන්ගේ නිවහන්

p1020642

p1020622

dsc03759

dsc03749

dsc03745

වෙරළබඩ මහා මාර්ගයේ Ballintoy සිට මෙම ස්ථානයට යාමට කිලෝ මීටරයක් පමණ පා ගමනින් යා යුතුය. ඉතා කුඩා ස්මාරකයක් අවන් හල්,සමරු භාණ්ඩ අලෙවි හල්, රථ ගාල් ආදිය  පවත්වාගෙන යමින්     මුදල් අය කොට පෙන්වමින් ලෝකප්‍රකට සංචාරක මධ්‍ය ස්ථානයක් කර ගන්නට උතුරු අයර් ලන්තයේ  National Trust සංවිධානය සමත්ව ඇත.

p1020621

එන්.එච්. සමරසිංහ  2017.03.03

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.