මුහුදට යටින් එතෙරට

Channel Tunnel හෙවත් යුරෝ උමං මග

අවුරුදු 3000 කට පමණ පෙර කාලයේදී බැබිලෝනියාවේ යුප්‍රටීස් ගඟ හරහා පදිකයන්ට හා අශ්ව රථ ගමන් කිරීමට උමං මාර්ග තනා තිබු බව හෙළිවී ඇත. පර්සියානුවන්, රෝමන් හා ග්‍රීක් වරුන් උමං මාර්ග තනා මාර්ග තැනීමට හා ජලය ගෙන යාමට කටයුතු කර ඇත. උමං කැනීමේ ඉතිහාසය ඉතා දිගු වුවත් ඉදි කිරීමට ඇති අපහසු තාවය නිසා මුහුදෙන් එතෙර තිබෙන ගමනාන්තකට යාමට නැව් මගින් දිය මතින් හෝ මුහුදට ඉහලින් ගුවන් මගින් හෝ යාමට පියවර ගත්තා විනා උමං මාර්ගයෙන් මුහුදට යටින් යාමට උත්සාහ ගත්තේ නැත.

එහෙත් පසු කාලීනව ඉංජිනේරු තාක්ෂණයේ දියුණුවත් සමග කඳු හරහා දුම්රිය මාර්ග තැනීම් ආදියේදී උමං මාර්ග ඉදිකරන ලදී. 1825 – 1843 දී පළමු වරට ලන්ඩනයේ තේම්ස් ගඟට යටින් Rotherhithe හා  Wapping අතර   උමං මාර්ගයක් තනන ලදී. යුරෝපයේ පළමුවරට මුහුදට යටින් රටකින් රටකට යාම සඳහා ඉදි කරන ලද උමං මාර්ගය වන්නේ එක්සත් රාජධානියේ කෙන්ට් හි  Folkestone,සිට උතුරු ප්‍රංශයේ Coquelles, Pas-de-Calais දක්වා ඉංග්‍රීසි ඕඩය (English Channel) හරහා 1988 දී කැනීම් ආරම්භ කොට 1994 දී විවෘත කරන ලද Channel Tunnel හෙවත් යුරෝ උමං මගයි.

Channel_Tunnel_geological_profile_modified-823

                                               උමන් මාර්ගයේ හරස් කැපුම (අන්තර් ජාලයෙනි)

82671779_0865852069_b

tunnel-437225

                උමං මාර්ගයේ  දෙපස පිවිසුම් (අන්තර් ජාලයේ පළවූ ඡායාරුප)

මෙහි දෙපසට ගමන් කිරීම සඳහා උමං දුම්රිය මාර්ග දෙකක් හා එක් සේවා උමං මාර්ගයක් වේ. මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 50.45කි. මෙය ලෝකයේ මුහුදට යටින් වැඩිම දිග ප්‍රමානයක් ඇති උමං මාර්ගයයි. උමගේ ගැඹුරුම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 100 කි. මෙම උමං මාර්ගය බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන දෙරටේ සිටම දෙපසින්ම කැනගෙන විත් මැදදී එකට මුණ ගැසින. මේ සඳහා නවින තාක්ෂණ උපක්‍රම හා විශාල කැනීම් යන්ත්‍ර උපයෝගී කරගන්න ලදී. 

British-And-French-Workers-Meet

1990 12.01 දින Graham Fagg හා Philippe Cozette දෙපසින් විත් මුණගැසී දෙරටේ කොඩි හුවමාරු කර ගැනීම (අන්තර් ජාලයේ පළවූ ඡායාරුපයක් )

_44095239_borning_machine1_629

කැනීම් යන්ත්‍ර (අන්තර් ජාලයේ පළවූ BBC ඡායාරුපයක් )_DSC5212

කැනීම් සඳහා යොදාගත් දුම්රියක්, යෝර්ක් හි ජාතික දුම්රිය කෞතුකාගාරයේ

Groupe Eurotunnel SE සමාගම මගින් උමන් මාර්ගය නඩත්තුව හා මෙහෙයවීම සිදු කරන අතර පාවිච්චි කරනු ලබන්නේ දුම්රිය ගමනාගමනය සඳහා පමණි. මෙ තුලින් ධාවනය වන දුම්රිය මගින් වාහන, බඩු  බාහිරාදිය හා මගින් සියල්ල ප්‍රවාහනය කෙරේ. මගී ප්‍රවානයේ ඒකාධිකාරය ඉයුරෝ ස්ටාර් සතුය.

DSC00080

DSC08611

DSC08609

ඉයුරෝ ස්ටාර් දුම්රිය

ඉයුරෝ ස්ටාර් දුම්රිය ප්‍රධාන නගර තුනක ජ්‍යත්ත්‍යන්තර දුම්රිය ස්ථාන තුනක් අතර ක්‍රියාත්මක වෙයි. ඒ ලන්ඩන්  St  Pancras   පැරිස් Gare du Nord හා බ්‍රසල්ස්හි Brussels Midi අතරයි. Ebbsfleet International, Ashford International, Calais-Fréthun, Lille-Europe ආදිය අනෙකුත් නැවතුම් ස්ථානයි.

DSC08610

Brussels Midi දුම්රිය ස්ථානය

DSC08644

ලන්ඩන්  St  Pancras  දුම්රිය ස්ථානය

ඉයුරෝ ස්ටාර් දුම්රිය සේවය e 320  e 300 ආදී විදුලි දුම්රිය යොදාගන්න අතර සමහර අවස්ථාවල පැයට කිලෝ මීටර් 300 ක පමණ වේගයකින් ධාවනය වෙයි. මෙහි මැදිරි 16-18 පමණ ඇති අතර මගී ආසන 900ක් පමණ ඇත.

මහා බ්‍රිතාන්‍යයට  යුරෝපිය විසා මගින් ඇතුළුවිය නොහැකි නිසා මේ දුම්රියට ඇතුළු වන්නට පෙර දෙරටේ ආගමන විගමන කවුළු හරහා ගොස් අදාළ අවසර ලබාගතයුතුය. මේ සඳහා එකම ස්ථානයක දෙරටේම ආගමන විගමන නිලධාරීහු සේවයේ යෙදී සිටිති.

2. Øresund පාලම හා උමං මග

යුරෝපයේ රටකින් වෙනත් රටකට යාමට මුහුද මැදින් ඉදිකර ඇති තවත් උමං මාර්ගයක් හා පාලමකි  Øresund පාලම හා උමං මග

කෝපන්හේගන් නගරයට පළමුවරට ගුවනින් යන ඕනෑම කෙනෙකුගේ කුතුහලය දනවන දර්ශනයක් වන්නේ ගුවන් යානය ගොඩබැස්වීමට ආසන්නයේ ගුවනට පෙනෙන මුහුද මැදදී අවසන්වන පාලම. මේ Øresund පාලම මතින් දිවෙන මංතීරු හතරකින් යුත්  E 20 මාර්ගය හා ද්විත්ව දුම්රිය මාර්ගය මගින් ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් නගරය හා  ස්වීඩනයේ Malmö නගරය සම්බන්ද වෙයි. මේ මාර්ගය  මගින් මධ්‍යම හා බටහිර යුරෝපිය රටවල් ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා සම්බන්ද වෙයි. නාවික ගමනාගමනයට හා කෝපන්හේගන් ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් වලට අවහිර නොවන පරිදි මේ ගමන් මගේ කොටසක් උමං මගින් නිමවා ඇත. මුහුද මැද තැනු Peberholm නම් කෘතීම දුපතක් දක්වා වන පාලමකිනුත්  එතැන් සිට උමං මාර්ගයකිනුත් මේ මාර්ගය Oresund සමුද්‍ර සන්ධිය තරණය කරයි . කේබල් මගින් රඳවා ඇති පාලම කිලෝ මීටර 8 ක් පමණ වන අතර උමං මාර්ගය කිලෝ මීටර 4 ක් පමණ වේ.

DSC08128

DSC08417

කෝපන්හේගන් දුම්රිය වේදිකාවක්

DSC08062

Kastrup ගුවන් තොටුපල දුම්රිය ස්ථානය

 oresund-bridge-tunnel-connects-denmark-and-sweden-13

oresund-bridge-tunnel-connects-denmark-and-sweden-12

 ඡායාරුපය  Koosha Paridel (අන්තර්ජාලයෙනි)
මුහුද මැදදී අවසන්වන පාලම අහසට පෙනෙන ආකාරය

මෙයද ඉංජිනේරු කර්මාන්තයේ විශිෂ්ට නිමැවුමකි. 1995 ඉදිකිරීම්  ඇරඹුන මෙහි වැඩ  1999 08.14 දින පෙරවරු 6 ට පාලමේ අවසන් කොන්ක්‍රීට් තට්ටුව තබා අවසන් කරන ලදී. ඉන් පැය 6 කට පසු ස්වීඩනයේ වික්ටෝරියා කුමරිය හා ඩෙන්මාර්කයේ ෆෙඩ්රික් රජු පාලම මතදී මුණගැසී දෙරටේ එක්වීම සනිටුහන් කරන ලදී.   2000 වසරේදී මෙය ගමනාගමනය සඳහා විවෘත කෙරින.

මේ පාලමේ දිග මීටර් 7845 කි.  උස මීටර් 204 කි. පළල මීටර් 23.5 කි. ගැඹුර මීටර් 57 කි.  මෙය ලෝකයේ කේබල් මගින් රඳවා ඇති දිගම පාලමයි. මේ පාලමේ මීටර් 490 ක දුර  ප්‍රමාණයක් කේබල් මගින් රඳවා ඇත. මේ මතින් දිනකට වාහන 20000 ක් පමණ ගමන්ගන්නා අතර සාමාන්‍යයෙන් වාහනයකට ඉයුරෝ 54 ක පමණ ගාස්තුවක්  ගෙවන්නට සිදුවේ.oresund-bridge-tunnel-connects-denmark-and-sweden-10

ඡායාරුපය  Koosha Paridel (අන්තර්ජාලයෙනි)

oresund-bridge-tunnel-connects-denmark-and-sweden-8

ඡායාරුපය Koosha Paridel (අන්තර්ජාලයෙනි)

oresund-bridge-tunnel-connects-denmark-and-sweden-4

ඡායාරුපයKoosha Paridel (අන්තර්ජාලයෙනි)
උමං පිවිසුම

oresund-bridge-tunnel-connects-denmark-and-sweden-2

ගාස්තු අයකරන ස්ථානය

oresund-bridge-tunnel-connects-denmark-and-sweden-1

ඡායාරුපයKoosha Paridel (අන්තර්ජාලයෙනි)

මෙම පාලම යුරෝපයේ දුම්රිය හා මෝටර් රථ එකට ධාවනය කරන දිගම පාලම වේ. පාලමේ තට්ටු දෙකකින් සමන්විත වේ. උඩ තට්ටුවේ මෝටර් රථ ධාවනය වන අතර යට තට්ටුවේ දුම්රිය ධාවනය සිදුවේ

oresund-bridge-tunnel-connects-denmark-and-sweden-14

ඡායාරුපයKoosha Paridel (අන්තර්ජාලයෙනි)
උඩ තට්ටුවේ මෝටර් රථ හා යට තට්ටුවේ දුම්රිය ධාවනය.

 

එන්.එච්. සමරසිංහ   2017.03.31

Protected by Copyscape

Advertisements

3 thoughts on “මුහුදට යටින් එතෙරට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.