Hellfire Caves වංශවතුන්ගේ පාතාල තිප්පොල

සමාජ සම්මතයට රහසින් හෝ පිටුපාමින් යම් යම් ක්‍රියාවන්හි යෙදීමට සමහරු කැමැත්තක් දක්වති. සමහරු කණ්ඩායම් ලෙසින් එක්ව එවන් කටයුතුවල යෙදෙති. එවන් කණ්ඩායමක් එක්වූ තැනක්  එංගලන්තයේ බකිම්හැම්ප්ශයර්හි  හයිවිකම් ප්‍රදේශයේ තිබේ. එය  Hellfire Caves නමින් හැඳින්වේ

DSC00274

West Wycombe

DSC00261

ඇතුළුවන දොරටුව

1748,49,50 කාලයේදී එංගලන්තයේ ඇතිවූ වගා හානි ආදිය නිසා හයිවිකම් ප්‍රදේශයේ විරැකියාවට  හා දරිද්‍රතාවයට පිලියමක් ලෙස මේ ප්‍රදේශයේ අලුතින් තණන පාරවල් වල ඇතිරීම සඳහා ගල් ලබා ගැනීමට, Sir Francis Dashwood විසින්කැණීම් වැඩ බිමක් පවත්වා ගෙන ගොස් ඇත. මේ කැනීම් වල ප්‍රතිපලයකි Hellfire  Caves . ගල් ලබා ගැනීම සඳහා මේ කැනීම් කරගෙන යාමේදී පටු මංපෙත් ඔස්සේ ගොස් විවිධාකාර කාමර ඇතිවනසේ  කැනීම් කිරීම Sir Francis Dashwood ගේ කිසියම් යටි අරමුණකින් සිදු කරන ලද කාර්යයක් ලෙස සමහරු සැලකුහ.

09010004

Sir Francis Dashwood දේශපාලනඥයින්, රදලයින්,හා වෙනත් ප්‍රභූ පුද්ගලයින් කිහිප දෙනෙක් එකතුව පිහිටුවා ගන්නා  ලද සමාජය අමුතු චාරිත්‍ර හා ක්‍රියාකාරකම් කරනු ලබන්නවුන්ගේ සමාජයකි. පසු කලක එය  Hellfire Club නමින් හැඳින් වින.  ගල් ලබා ගැනීම සඳහා කණින ලද ලෙන් සමුහය පසුව  මේ සමාජයේ තිප්පොළ බවට පත්විණ.

09010002

1760 පමන වන විට Hellfire Club නම් සමාජය අහෝසිවීමෙන් පසු මෙම ලෙන් සංකීර්ණය වැසි ගියේය.  දෙවන ලෝක යුද්ධයේදී මෙය ආරක්‍ෂිත ස්ථානයක් ලෙස භාවිත කරන්නට සැලසුම් කෙරින. 18 වන සියවසේ මැද භාගයේදී Hellfire සමාජයට නිවහන වූ  මේ ලෙන් 1950 දී පමණ Dashwood පවුලේ උරුමකරුවන් විසින් ප්‍රතිසංස්කරණය කොට සංචාරක ස්ථානයක් බවට පත් කෙරින. 1951 පමණ සිට මෙය සංචාරක ආකර්ෂණ ස්ථානයක් බවට පත්ව ඇත.

DSC00272

සාන්ත ලෝරන්ස් පල්ලිය

DSC00275

ඩෑෂ්වුඩ් සොහොන් ගෙය

Layout-of-the-Hellfire-Caves

ලෙන්වල සැලසුම (අන්තර් ජාලයෙනි)

DSC00262

පටු මංපෙත්

බටහිර හයිවිකම් ගමේ සාන්ත ලෝරන්ස් පල්ලියට හා ඩෑෂ්වුඩ් සොහොන් ගෙයට මීටර් 90 ක් පමණ  යටින් පිහිටි මේ ලෙන් සංකීර්ණයට ඇතුළුවන දොරටුව ගොතික් පල්ලියක් සිහිගන්වයි. මෙය මීටර් 400 ක් පමණ ඇතුලට විහිදී ඇත. මෙය පටු උමං මාර්ග වලින් සම්බන්ද කෙරෙන Steward’s Chamber,  Whitehead’s Cave, Lord Sandwich’s Circle, Franklin’s Cave, the Banqueting Hall, the Triangle, Miner’s Cave, Inner Temple, ආදී ශාලා කීපයකින් සමන්විතය.

ශාලා ඇතුලත

මේ ලෙන් තුල නොයෙක් ආකාරයේ අද්භූත සිදුවීම් වන බවත්, නොයෙක් අවතාර සැරිසරන බවත් සමහරු කියති.  මේ ස්ථාන කුඩා උත්සව පැවැත්වීමට හා රුපවාහිනී වැඩසටහන් ආදිය පටිගත කිරීම් ආදියට කුලියට දීමද කරනු ලැබේ. මේ ලෙන්වල ගුප්ත ස්වභාවය, ආලෝක කරණය, ආදිය ගැන සලකා බලන විට මෙය හැලොවීන් උත්සව පැවැත්වීම  සඳහා ඇති විශිෂ්ට ස්ථානයක් වේ.

එන්.එච්. සමරසිංහ  2017.04.16

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.