තාරා දෙවඟන, අපට අහිමිවූ උරුමය Goddess Tara Statue

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දකුණු ආසියානු ගැලරියට පිවිසුණු වහාම නෙත ගැටෙනුයේ ලෝකයේ වැදගත්ම කෞතුක භාණ්ඩ(History of the world in 100 Objects)100 න් 54 වන ස්ථානයට ගැනෙන අපේ හෙළ කළා කරුවන් අතින් නිමවුණු විශිෂ්ඨතම කාන්තා පිළිරුව වන තාරා දෙවඟන ගේ පිළිරුවයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශණ භාණ්ඩ අතරින් එයට හිමිව ඇති තැන කුමක්ද යන්න ඒ කෞතුකාගාරයේ මාර්ගෝපදේශ අත්පොත අතට ගත් වහාම මට පෙනිගියේය. ඒ එහි මුල් පිටුවේ දැක්වෙන ප්‍රතිමාව මෙය වූ බැවිනි.

1

උස 143.75 cm,  පළල 44cm හා ගැඹුර 29.5 cm ක්වූ ලෝහයෙන් නිර්මාණය කොට රන් ආලේපිත මේ තාරා දෙවඟනගේ ප්‍රතිමාව, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ තිකුණාමලය හා මඩකලපුව අතර ස්ථානයක තිබී හමුවී 1812 – 1822 දක්වා කාලයේ  ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබර්ට් බ්‍රවුන්රීග් විසින් 1930 දී මේ කෞතුකාගාරයට ලබා දෙන ලද බව සඳහන් කොට ඇත.DSC06905

DSC06904

ප්‍රදර්ශනශාලාවේ මුල්තැන

DSC06958

පැරණි රෝම, ග්‍රීක ආදී බටහිර රටවල නිර්මාණ කරුවන් කාන්තා රුව තම නිර්මාණ සඳහා කොතෙකුත් යොදාගෙන තිබුනත් හෙළ කලාකරුවන් විසින් කාන්තා රුවක් ප්‍රතිමාවක් සඳහා යොදාගෙන ඇත්තේ ආගමික හැඟීමක් මුල්කොට ගෙන පමණක් බව පෙනේ. එයිනුදු බොහෝවිට බෞද්ධාගමික කාන්තා ප්‍රතිමාවක් ලෙස අපට දක්නට ලැබෙන්නේ තාරා දෙවඟනගේ ප්‍රතිමාව පමණෙකි. ආගමික පසුබිමක් ගැන නොසලකා බලනු ලැබුවත් මේ ප්‍රතිමාව කාන්තා ලාලිත්‍යය විශිෂ්ට ලෙස නිරුපනය කර ඇති කලා  නිර්මාණයකි.

tara 1

මේ ප්‍රතිමාව ඉඟටියෙන් මඳක් නැමී සිටින ආකාරයෙනුත්, දකුණු අත වර මුද්‍රාවෙනුත්  වම් අත විතර්ක මුද්‍රාවෙනුත් නිම කර ඇති අතර ශරීරයේ ඉඟටියෙන් පහල කොටස වළලු කර දක්වා රැලි සහිත වස්ත්‍රයක් ඇඳ සිටින සේත් උඩුකය නිරුවත් ලෙසත් නිර්මාණය කර ඇත. මේ පිළිමයට මැණික් ගල් රැසක් අල්ලා තිබෙන්නට ඇත  මෙහි සිරස් පළඳනාවේ ඇති කුහරය ඊට මැණික් ගලක් අල්ලා තිබු බවට සාක්ෂියක් වේ. මේ කුහරය තුල ධ්‍යානි බුදු රුවක් තිබෙන්නට ඇති බවට අනුමාන කෙරේ.

tara 2

හිස පලඳනාවේ  මැණික් ගල් රැසක් තිබෙන්නට ඇත

7 , 8 හෝ 10 වැනි සියවසේ පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මේ ප්‍රතිමාව වරෙක ආනන්ද කුමාරස්වාමි මහතා පත්තිනි දේවියගේ ප්‍රතිමාවක් ලෙස හඳුන්වා ඇත. මේ ප්‍රතිමාවේ ආභරණ කිසිවක් පැළඳ නො සිටින සේ නිර්මාණය කර ඇති බැවින්ද මෙය පත්තිනි දේවියගේ ප්‍රතිමාවක් බවට සමහරු අදහස් දක්වා ඇත.

මෙම පිළිමය මහායාන අවලෝකතීශ්වර බෝධිසත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පොදු මතයයි. ලංකාවේ නාථ දෙවියන්ට මෙන්ම තාරා දෙවඟනටද බාර හාර පුද පුජා කල බවට සාක්ෂි ඇති බව සමහරු පවසති. මේ ප්‍රතිමාව සොයාගත් ස්ථානයක් නිශ්චිතව සඳහන් කොට නැත. මෙය මහනුවර නාථ දේවාලයේ තිබී ජෝන් ඩොයිලිගේ මැදිහත්වීමෙන් මහනුවරට කඩා වැදුණු ඉංග්‍රීසි හමුදාව කොල්ලකාගෙන බ්‍රවුන්රීග් ආණ්ඩුකාරයාට දෙන්නට ඇතැයි සමහරු විශ්වාස කරති.

1930 දී මේ ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලැබුනත් වික්ටෝරියානු ආකල්ප නිසාදෝ බොහෝ කලක් මෙය ප්‍රදර්ශනය නොකොට ගබඩාවක තිබී ඇත. මේ පිළිමය ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට ආධාර සඳහා 1981දී යුනෙස්කෝ ආයතනයෙන් පැවැත්වූ ප්‍රදර්ශනයකට කෞතුකාගාරයෙන් පිටතට ගෙනගිය  අවස්ථාවේදී ප්‍රතිමාව ඇමරිකානු ඩොලර් මිලියන පහකටත් වැඩි ගණනකට රක්ෂණය කොට ඇත. මෙය අපට ලැබිය යුතු අපේ උරුමයක්  වුවත් මේ ප්‍රතිමාවට ලබාදී ඇති ආරක්ෂාව හා ලබාදෙන ප්‍රදර්ශන ආකර්ෂණය  ගැන සලකා බලන විට මෙය මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබීම ගැන අපට සතුටුවිය හැකිය .

DSC06920

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති තවත් අපේ ප්‍රතිමාවක්

Goddess Tara

කොළඹ කෞතුකාගාරයේ ඇති අනුරුව

එන්.එච්. සමරසිංහ  2017.04.25

Protected by Copyscape

Advertisements

One thought on “තාරා දෙවඟන, අපට අහිමිවූ උරුමය Goddess Tara Statue

  1. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට දෙවරක් ගොඩ වදින්න වගේම මෙය නැරඹීමටත් වාසනාව ලැබුණ. නමුත් තවත් බලන්න මග ඇරුන බොහෝ දේ තියනව.

    බොහොම ස්තූතියි මේ විස්තරයට 👌

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.