ඩෙල්ෆ්ට් දුපත – Delft

ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයේ යෙදෙන බොහෝ දෙනෙක් අමතක කරන තැනක් ඩෙල්ෆ්ට් දුපත. එහි යාම සඳහා ගතවන කාලය, ගමන් අසීරුව ආදිය ගැන සිතා දේශීය සංචාරකයින් ඩෙල්ෆ්ට් දුපත අව තක්සේරු කොට  ඇති බවක් පෙනේ. එහෙත් එය ඔබ නරඹන්නට ගියහොත් එහි ඇති පාරිසරික වෙනස්කම් හා බැඳුනු අලංකාරය කිසිදා ඔබට අමතක නොවනු ඇත.

Delft 1

ඩෙල්ෆ්ට් දුපත

යාපනයේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් යාපනයට නිරිත දෙසට වන්නට පිහිටා ඇති ඩෙල්ෆ්ට් හෙවත් නෙදුන්තිවූ දුපත ලංකාවේ විශාලතම දුපතයි. වර්ග කිලෝමීටර් 50 කට ආසන්න මේ දුපත දිගින් කිලෝ මීටර් 8 ක් පමණ හා පළලින් කිලෝ මීටර් 6 ක් පමණ වේ. දල වශයෙන් මෙහි 4500 ක පමණ ජනගහනයක් ඇත. මයෝසින යුගයට අයත් පාෂාණ සහිත, වැලි හා හුණුගල් මිශ්‍ර පසකින් සැදී මේ දුපත මනස්කාන්ත වෙරල තිරයකින්, වගුරු බිම් වලින් හා විශාල තැනිතලා වලින් යුක්තය. දිවයින පුරා හුණුගල් තට්ටු දකින්නට ඇත. මෙහි පැරණි ගොඩනැගිලි මායිම් තාප්ප ආදිය (කොරල්) හුණුගල් වලින් තනා ඇත. මෙහි ජිවත්වන ජනතාවකොට්ට කෙලංගු වැවීමේ  හා ධිවර කර්මාන්තයේ යෙදෙමින්  දැඩි ආර්ථික අපහසුත මධ්‍යයේ ජිවත් වෙති. ඉන්දීය ධීවරයන්ගෙන් මෙහි අහිංසක ධීවරයන්ට එල්ලවී ඇති තර්ජනය සුළුපටු නොවන බව කියති. මෙහි දැනට පාසල් 8 පමණ, රෝහලක්, තැපැල්  කාර්යාලයක්, පොලිසියක්, ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයක් ප්‍රාදේශීය සභාවක්, ලංකා බැංකු ශාඛාවක්, ඉන්ධන පිරවුම් හලක්, නාවික කඳවුරක් ආදිය පිහිටා ඇත. දැනට මෙහි ආගමික ස්ථාන වශයෙන් ඇත්තේ ක්‍රිස්තු භක්තික දේවස්ථාන කීපයක් හා හින්දු සිද්ධස්ථාන කීපයක් පමණි.   _DSC0620

_DSC0619

ප්‍රාදේශිය මහලේකම් කාර්යාලය

_DSC0617

තැපැල්  කාර්යාලය

_DSC0621

ප්‍රාදේශීය සභාව

_DSC0618

පොලිසිය

DSC05628

රෝහල

DSC05583

DSC05606

හින්දු සිද්ධස්ථාන

_DSC0541

විශාල තැනිතලා

DSC05594

කඩයක්

_DSC0623

හුණු ගල් තාප්ප

ඩෙල්ෆ්ට් දිවයින පෘතුග්‍රීසීන් විසින් අල්ලා ගැනීමෙන් පසු එය  “අයිෆා ඩාස්‌ වැකාස්‌” නමින් හඳුන්වා ඇති අතර එය ලන්දේසින් අල්ලාගැනීමෙන් පසු නෙදර්ලන්තයේ පිහිටි නගරයක නමින් “ඩෙල්ෆ්ට්” නමින් හඳුන්වා ඇත.

ඩෙල්ෆ්ට් දුපතට යාමට කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට කිලෝමීටර් 12 ක පමණ දුරක් මුහුදු ගමනක යෙදිය  යුතුය.මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සේවයේ යොදවා ඇති වඩතාරකී නම් නැව වරකට මගින් 100 ක් පමණ නොමිලේ ප්‍රවාහනය කරයි. පෞද්ගලික බෝට්ටුද කුරිකඩ්ඩුවාන් හා ඩෙල්ෆ්ට් අතර මගී ප්‍රවාහනය සිදු කරයි.

DSC05524

_DSC0634

වඩතාරකී  හා ඩෙල්ෆ්ට් ජැටිය

DSC05544

_DSC0683

_DSC0662

පෞද්ගලික බෝට්ටු

_DSC0639

නාවික මුර සංචාර

_DSC0655

රෝගීන් ගෙනයන බෝට්ටුවක්

_DSC0646

ධීවර බෝට්ටුවක්

ඩෙල්ෆ්ට් දුපතේ සංචාරය කරන්නන්ට නවාතැන් ගතහැකි ස්ථාන හෝ ආහාරපාන ලබාගතහැකි ස්ථාන විරලය. කලින් ඇනවුම් කළහොත් ඔබට මේ දුපතේ මිහිරිම ආහාරය වන පිට්ටු හා සුඩයන් හොද්දක් රස බැලිය හැකිවනු ඇත. දුපත තුල ගමන් කිරීමට කුඩා ට්‍රක් රථයක් නම් පහසුවෙන් සොයාගත හැක. 

_DSC0533

කැලෑ අශ්වයින්

දුපත තුල නැරඹීමට ඇති ඓතිහාසික හා ස්වාභාවික වශයෙන් වැදගත් දේ බොහෝය. ලංකාවේ කැලෑ අශ්වයින් සිටින එකම ස්ථානය ඩෙල්ෆ්ට් දුපතයි. මේ දුපතේ එක් ප්‍රදේශයක් අභය භූමියක් ලෙස පවත්වාගෙන යයි. එහි කැලෑ අශ්වයින් වාසය කරයි. මේ දුපතට අශ්වයින් ගෙනවිත් ඇත්තේ පෘතුගීසින් විසිනි. පසුව ලන්දේසින් අශ්වයන් බෝකර වෙළඳ නෞකා වලට අලෙවි කර ඇත. අශ්වයන් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ශාක වර්ග මෙහි රෝපණය කර ඇත. එමෙන්ම අශ්ව ස්තාලයක්ද තනා තිබී ඇත. එහි නටබුන් අදද දැකිය හැකිය.  මෙහි දක්නට ලැබෙන බයෝබැබ් ගස එසේ ගෙනවුත් රෝපණය කරන ලද්දකි. දැනට මෙහි අශ්ව ගහනය 500 ක් පමණ වේ. මේ දුපතට වර්ෂාව ලැබෙන්නේ අවුරුද්දේ එක කන්නයක  පමණක් බැවින් ජලය හා තණකොළ හිඟකම නිසා අශ්ව ගහනය වර්ධනය සීමාවී තිබේ. එමෙන්ම දැනට බිහිවන අශ්වයින්ගේ උස අඩුවීමක් දක්නට ලැබේ. එහෙයින් දැන් ඔවුන් පෝනියන් ලෙස හැඳින්වීමටද සමහරු පෙලඹවී ඇත.

DSC05567

DSC05570

බයෝබැබ් ගස

අශ්වයන්ගේ ආහාර සඳහා වගා කරන ලද බයෝබැබ් ගසක් අද ඉතා විශාලව වැඩි තිබෙනු දැකිය හැක. අඩි 43 ක් උස, අඩි 86 ක ප්‍රදේශයක් සෙවන කරන වට අඩි 52 ක් වූ මේ ගසේ ස්වාභාවිකව තැනි ඇති ගුහාව තුල මිනිසුන් 10 කට පමණ සිටිය හැකිය. ඇඩසෝනියා ගණයට අයත් මේ වෘක්ෂයේ නියං සමයට ඔරොත්තු දීම සඳහා කඳෙහි ජලය රඳවා තබා ගනී. වියලි කාලයේ පත්‍ර හැලේ. මෙහි අඟල් 7 ක් පමණවන සුවඳවත් මල් හටගන්නා අතර එහි ඵලය ඉතා පෝෂ්‍යදායි  සේ සැලකේ. මේ ගස පිහිටි පරිශ්‍රය උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇත

DSC05568

ගසේ ස්වාභාවිකව තැනි ඇති ගුහාව

DSC05576

මල්

වසර 500ක් පමණ පැරණි යයි සිතියහැකි ඇති විශාල නුග ගසක් අක්කර භාගයක පමණ බිම් කඩක් වසා සිටිනුද මෙහි දැකිය හැකිය. පහලට එල්ලී තිබෙන මුල් වලින් තවත් ගස් පැලවීම නිසා මෙහි මුල් ශාඛාව කුමක්දැයි සොයා ගැනීමද අසීරුය.

DSC05600

විශාල නුග ගස

දිනෙන් දින වැඩෙනවා යයි විශ්වාස කරන ගලක් මේ දුපතේදී ඔබට දැකිය හැකිය. මේ ගලට මෙහි වැසියෝ  පුද පුජා පවත්වති

DSC05586

වැඩෙනවා යයි විශ්වාස කරන ගල

අනුරාධපුර යුගයේදී මේ දුපතේද  බෞද්ධාගමිකයන් විසු ජනාවාස තිබෙන්නට ඇතැයි විශ්වාසකෙරේ. ඒ මෙහි අනුරාධපුර යුගයේ බෞද්ධ නටබුන් හා සමාන ස්තුප තුනක නටබුන් දැකිය හැකි නිසාය. මේ ප්‍රධාන දාගැබේ විෂ්කම්භය අඩි 34 කි. ප්‍රධාන දාගැබට නැගෙනහිරින් හා බටහිරින් පරිවාර දාගැබ් දෙකක නටබුන් හා ඊසාන දෙසින් ගොඩනැගිල්ලක නටබුන් ඇත

_DSC0554

ස්තුප නටබුන්

ක්වින් ටවර් යනුවෙන් හැඳින්වෙන අමුතු ආකාරයේ ප්‍රදීපාගාරයක් මේ දුපතේ ඇත. මේ කුලුනේ පතුලේ දල්වන ලද ගිනි සිලුවල ආලෝකය කුලුනේ කුහරය තුලින් ගොස් කුලුන මුදුනෙන් ඉතා දීප්තිමත්ව  ප්‍රදර්ශනය වීමට නිර්මාණය කොට තිබේ.

_DSC0508

ක්වින් ටවර්

DSC05620

කුලුනේ කුහරය

ඕලන්ද බළකොටුවක නටබුන් ඩෙල්ෆ්ට් රෝහල සමීපයේ දක්නට ලැබේ.

_DSC0567

ඕලන්ද බළකොටුවක නටබුන්

ලන්දේසින් විසින් ඩෙල්ෆ්ට් සිට යාපනයට පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ පරෙවියන් මගිනි. මේ පරෙවියන්ට ලැගුම් ගැනීමට සාදන ලද පැරණි පරෙවි කුඩුවක් අදද දකින්නට ඇත

_DSC0605

පරෙවි කුඩුව

යෝධයාගේ පාදය, නැතහොත් ආදම්ගේ පාදය යයි සැලකෙන ගලක එරිගිය යෝධ පා සලකුනක්ද මේ දුපතේදී  ඔබට දැකිය හැක.

_DSC0551

යෝධයාගේ පාදය

මේ දුපතේ පානිය ජලය හිඟය. එහෙත් මිරිදිය පිරි අපුරු ළිං හතක් රෝහල අසල වෙරළාසන්නයේ ඇත. මේ ස්ථානය උද්‍යානයක් වශයෙන් සංවර්ධනය කර ඇත. අතීතයේ මේ ළිං වලින් නෑමට අවසර තිබුනේ ඉහල කුළ වල අයට පමණක් බවත්, ළිං හතෙන්ම නාන අයගේ තාරුණ්‍යය රැකෙන බවට විශ්වාසයකුත් තිබුන බවත් කියති

_DSC0593

_DSC0592

මේ දුපතේ ප්‍රධාන බෝගය තල් ගසයි. පොල් වගාවද මෙහි දැකිය හැක. කෝමාරිකා හා බින් තඹුරු, නාග දරන, මුදු මහන ආදී වෙරළාශ්‍රිත ශාඛ හා මිනී  මල් ආදියද වැවී තිබෙනු පෙනේ. වැලි පොළඟුන්ද මෙහි බහුලව සිටින බව කියති.

DSC05564

_DSC0591

_DSC0601

ඩෙල්ෆ්ට් දුපතේ නැගෙනහිර වෙරළට පැහැදිලි හැන්දෑවට ඉන්දියාවේ රාමේශ්වරම්හි පිහිටි ප්‍රදීපාගාරයේ හා ගොඩනැගිලිවල ආලෝකය දැකිය හැකි බව කියති.

එන්.එච්. සමරසිංහ  2017.05.20

Protected by Copyscape

Advertisements

One thought on “ඩෙල්ෆ්ට් දුපත – Delft

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.