නැතිවිගිය ප්රාග් ඓතිහාසික සංස්කෘතියේ ඉතිරිව ඇති අද්විතීය හා සුවිශේෂී සිහිවටනයකි එංගලන්තයේ සැලිස්බරි වලට සැතපුම් 8 ක් පමණ උතුරින්, විල්ට්ශයර් හි ( SP4 7DE) පිහිටි විශාල ගල් කුළුණු වලින් කරන ලද ස්ටෝන්හෙන්ජ් නම් ඉදිකිරිම. අවුරුදු පන්දහසකට පමණ පෙර (ක්‍රි.පූ.3100 දී පමණ) නව ශිලා යුගයේදී ඉදිකිරිම ආරම්භකොට ක්‍රි.පූ 1600 දී පමණ ලෝකඩ යුගය දක්වා පැතිර ගිය කාල පරාසයක් තුල ඉදිකිරීම් කරනු ලැබූ මෙම ඉදිකිරිම කුමන හේතුවක් නිසා ඉදිකලේදැයි තවම නිශ්චිත නිගමනයකට පැමිණ නැත.
ස්ටෝන්හෙන්ජ්, විශ්කම්භය අඩි 350 ක් පමණ වන වෘත්තාකාර ප්රරිශ්රයක් මධ්‍යයේ පේලි කීපයකට වෘත්තාකාරව හා අශ්ව ලාඩමක ආකාරයට පිහිටුවනු ලැබූ විවිධ ප්‍රමාන වල ගල් කුට්ටි 83 කින් සමන්විත විශ්මිත ඉදිකිරිමකි. මෙහි විශාලම කුළුන අඩි 30 ක් පමණ උස වන අතර ටොන් 25 ක පමණ බරින් යුක්තය. එකක් අඩි 13.5 උස ,අඩි 7 ක් පමණ පළල, ගල් කුළුණු 30 ක් පමණ විශ්කම්භය අඩි 98ක් පමණ වන වෘත්තයක් තුල සිටුවා ඇත. මෙම ගල් කණු දෙකක් සම්බන්ධ වන ලෙස මුදුනත තවත් විශාල ගල් කුට්ටි තැන්පත් කර ඇත. මේ ලොකු ගල් Sarsens යනුවෙන් හා කුඩා ගල් Bluestones යනුවෙන් නම් කොට ඇත. කෙලින් සිටවූ කණු දෙකක් මත තිරස් අතට ලින්ටලයක් ආකාරයට කොට ඇති නිමැවුම Trilithons යනුවෙන් හැඳින්වේ. ඒ වෘත්තය මැද අල්තාර ගල යනුවෙන් පුරාවිද්‍යාඥයින් හඳුන්වනු ලබන අඩි 16×4 ප්‍රමාණයෙන් යුත්,අණ්ඩාකාරය කිරිගරුඬ ගල් පුවරුවකි.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)
අදියර ගණනාවකින් ගොඩ නගනු ලැබූ මෙහි පලමු කොටස ක්‍රි.පූ 3000 දී පමණ නිම කරන ලද පස් වලින් කල සරල ඉදිකිරීමක් වන අතර එයට කාණුවකින් හා ඉවුරකින් වටවූ විශ්කම්භය මීටර 120ක් පමණ වක්රාකාර ප්රරිශ්රයක් අයත් වේ.
මෙම ඉවුර ඇතුල් පැත්තේ වක්‍රාකාරව කණින ලද සිදුරු 56ක් 1666 දී ජෝන් ඔබ්රි නැමැත්තා සොයා ගෙන ඇත. ඔබ්රි සිදුරු ලෙස හඳුන්වනු ලබන මේවා දැවමය හෝ ශෛලමය ඉදිකිරීමක් සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කෙරේ. ඒවායේ කිසිදු නෂ්ටාවශේශයක් නැත.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)
අවුරුදු 500 කට පමන පසු කාලයක මෙම ස්ථානයට ප්‍රථම ගල් කුලුන ගෙනවිත් ඇත. Bluestones යනුවෙන් හැඳින්වෙන කුඩා ගල් සැතපුම් 150 ක් (240km) පමණ දුරින් පිහිටි පෙම්බ්රොක්ෂයර්හි Preseli Hills ප්‍රදේශයෙන්ද, Sarsen යනුවෙන් හැඳින්වෙන විශාල ගල් සැතපුම් 16 ක් (27km} පමණ උතුරින් පිහිටි Marlborough Downs ප්‍රදේශයෙන්ද ගෙනවිත් ඇත. මෙතරම් විශාල ගල් මෙතරම් දුරකින් කෙසේ ගෙන එනු ලබුවේදැයි තවම සොයාගෙන නැත. මෙය ඉදි කිරීම සඳහා විශාල ශ්‍රමිකයන් පිරිසක් දැඩි ප්රයත්නයක යෙදෙන්නට ඇති බව පැහැදිලිය. සමහරු මෙය ඉදිකිරිම සඳහා පිටස්තර ග්‍රහ ලෝක වාසීන්ගේ උදව්, හෝ යක්ෂයින්ගේ උදව් ලබාගත්තායයි විශ්වාස කරති.
Heel Stone
මෙම ස්ථානයේ තිබී සොයාගන්න ලද මිනිස් අස්ථි කොටස් ආදිය නිසා පළමුවෙන් මෙය වන්ශවතුන්ගේ සොහොන් බිමක් වන්නට ඇතැයි සිතති. එමෙන්ම ලෙඩ සුවකරන්නන් විසූ ස්ථානයක් බවටද විශ්වාස කෙරෙන අතර මෙම ස්ථානයට ඉතා දුරබැහැර ප්‍රදේශවලින් විවිධ රෝගීන් පැමිනේන්නට ඇතැයි විශ්වාස කරති.
මෙය ඩෲයිඞ් පූජකයන් වැඳුම් පිදුම් කළ පූජනීය දේවාලයක් බවටද මතයක් ඇත. දැනුදු වර්ෂයේ ගී්රස්ම සෘතුවේ එක් දිනක ඩෲයිඞ් අනුගාමිකයෝ ස්ටෝන්හෙන්ජ් වටා එක්රොක් වී පැරැන්නෝ කළාක් මෙන් යාගහෝම පවත්වති.
ඩෲයිඞ් අනුගාමිකයෝ ස්ටෝන්හෙන්ජ් වටා (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)
ස්ටෝන්හෙන්ජ් ඉදිකිරීමේදී, සුර්යයාගේ ගමන නිරීක්ෂණය කල හැකි ආකාරයට කුළුණු පෙළගස්වා ඇති බවක් පෙනීයන බැවින් වසරකට දෙවතාවක් ජූනි හා දෙසැම්බර් සිදුවන සොල්ස්ටිස් හෙවත් සූර්යනිවෘත්තිය යන සංසිද්ධිය ඇතිවන වකවානු නිවැරදිව දැන ගැනීම සඳහා ජ්යෝතිෂ්ශාස්ත්රඥයන් භාවිතාකල යම් ආකරයක යෝධ සූර්ය දින දර්ශණයක් බවටද මතයක් ඇත.
සුර්යයාගේ ගමන නිරීක්ෂණය කල හැකි ආකාරයට කුළුණු පෙළගස්වා ඇත (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)
1918 දක්වා ස්ටෝන්හෙන්ජ් පෞද්ගලික අයිතියේ තිබිණ. අවසන් වරට මෙය 21.09.1915 දින මිලදීගෙන ඇත්තේ භාර්යාවට පරිත්‍යාග කිරීම සඳහා Cecil Chubb මහතාය. ඒ මහතාගේ භාර්යාව මේ සඳහා කැමැත්තක් නොදැක්වූ බැවින් 26.10.1918 ඔහු විසින් එය ජාතියට පිරිනමා ඇත.
Mr.& Mrs. Cecil Chubb (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)
මේ භුමියේ තිබී සොයාගත් පුරාවස්තු Wiltshire කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. යුනෙස්කෝ සංවිධානය මගින් මෙය 1986 සිට ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත. නැරඹීම සඳහා ගාස්තු අය කරන මේ ස්ථානය English Heritage නම් සංවිධානය මගින් නඩත්තු කරනු ලැබේ
වටිනා ලිපියක් … ජයවේවා …
කැමතියිකැමතියි
කියවූවාට හා අදහස් දැක්වුවාට ස්තුතියි
කැමතියිකැමතියි