ඇෆොඩයිටි (වීනස් ) – Aphrodite (Venus)

 

අපගේ සාහිත්‍යය, කලාව හා ආගම තුල සැඟවී තිබෙන මිත්‍යාව විදහා දක්වන්නේ ලෝකයාගේ පරිකල්පනයේ උරුමය බව එක විද්වතෙක් පවසා ඇත. මේ උරුමයෙන් විශිෂ්ට පල ප්‍රයෝජන ලබාගෙන ඇත්තේ කලාකරුවන්ය. පුරාන ශිෂ්ටාචාර පිළිබඳව සොයා බැලීමේදී පැරැන්නන් සොබා දහමේ විවිධ සංසිද්ධීන් වලට දේවත්වය ආරෝපණය කොට මිත්‍යා කථා ගෙතුබවක් හැඟේ.

හෙළ කලා කරුවන් ජාතක කථා හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සිය මුර්ති හා සිතුවම් නිර්මාණ සඳහා යොදා ගත්සේ ආදී කාලින යුරෝපිය කලා කරුවෝ ස්වකිය චිත්‍ර හා මුර්ති නිර්මාණ සඳහා ග්‍රීක හා රෝම දේව කථාවල චරිත හා සිද්ධි උපයෝගී කොට ගත්හ. ඒ අතර වැඩිම නිර්මාණ ගණනක් සඳහා යොදාගත් චරිතය ග්‍රීක  මිත්‍යා කථාවල ඇෆොඩයිටි හා රෝම මිත්‍යා කථාවල වීනස් යනුවෙන් හැඳින්වෙන දේවතාවිය බව පෙනේ. ආදී කාලින යුරෝපයේ විශිෂ්ට කලා නිර්මාණ බොහොමයකට පැරීසිය නිවහන වී ඇත. පැරිසියේ Louvre  හා  Orsay ආදී කෞතුකාගාර මේ නිවහන් අතර ප්‍රමුඛ තැනක් ගනී. ආදි  යුරෝපිය ශිල්පින් විසින් නිර්මාණය කර තිබු ඇෆොඩයිටි නැතහොත් වීනස් හා ඇයගේ චරිතය හා සම්බන්ද අනෙකුත් අය නිරුපනය කරන නිර්මාණ, මේ කෞතුකාගාරවල තිබෙනු  දුටු මා ඒ නිර්මාණ අතරින් මා සිත්ගත් කීපයක් ඇසුරෙන් ඇෆොඩයිටි කතාන්දරය මෙනෙහි කිරීමට ගත් උත්සාහයක් මේ.

ග්‍රීක දේව කතන්දර හා රෝම දේව කතන්දර එක හා සමාන ලෙස පෙනුනත් ග්‍රීක දේව කතන්දර වඩාත් පැරණි හා විස්තරාත්මක බවක් පෙනේ. ග්‍රීක දේව කතන්දර වලට වඩා රෝම දේව කතන්දර වලදී ග්‍රහලෝක වල නම් වලින් දෙවි  වරුන් නම් කිරීමට පෙලඹවී ඇති බවක්ද පෙනේ. ග්‍රීකයක් ඇෆොඩයිටි ලෙස හඳුන්වන දේවතාවිය රෝමානුවෝ වීනස් ලෙස හඳුන්වති.

ඇයගේ උත්පත්ති කතාව විවිධාකාරය. හෝමර්, සියුස් හා ඩියෝනීගේ දුවක් ලෙස ඇෆොඩයිටි හඳුන්වයි. තවත් කතාවක දැක්වෙන්නේ ක්‍රෝනස්, සිය මව වූ ගයියාගේ පෙළඹවීම මත සිය පියාවූ යුරේනස්ගේ කප්පාදු කොට මුහුදට විසි කරන ලද අංග ප්‍රත්‍යංගයන් මුහුදේ සුදු පෙන නගමින් පාවූ බවත් ඒ පෙණ වලින් ඇෆොඩයිටි උපත ලැබූ බවත්ය. මෙසේ සයුරින් උපත ලැබූ ඇය සයිප්‍රස් වෙරළට ළඟාවූ පසු හෝරේවරුන් විසින් පිළිගනු ලැබ හොඳින් සරසා දේව සභාවට කැඳවාගෙන යන ලදී. නොයෙක් දෙවිවරු ඇයගේ රුපශ්‍රියෙන් වශීකෘතව ඇය තමන්ගේ බිරිය කොට ගැනීමට ආශා කළහ

ආදරයේ, සුන්දරත්වයේ, ආශාවේ හා සන්තුෂ්ටියේ දෙවඟන ඇෆොඩයිටි නැතහොත් වීනස්ය. ඈ ඉතා රූමත් කාන්තාවක් ලෙස නිතරම අර්ධ නග්නව හෝ නග්නව නිතරම නිරුපනය කොට ඇත.

Alexandre_Cabanel_-_The_Birth_of_Venus_-_Google_Art_Project_2

The Birth of Venus (1863) By Alexandre Cabanel – (1823–1889)  Musée d’Orsay, Oil on canvas, 2250mm x 1300mm  මේ චිත්‍රය  තුන්වන නැපෝලියන්ගේ පෞද්ගලික එකතුවේ තිබුණකි

William-Adolphe_Bouguereau_(1825-1905)_-_The_Birth_of_Venus_(1879)

The Birth of Venus By  William-Adolphe Bouguereau 1879 Musée d’Orsay – Oil on canvas 3000mm x 2108mm

(Musée d’Orsay කෞතුකාගාරයේ පින්තුර ගැනීමට අවසර නොදෙන බැවින්  ඉහත පින්තුර දෙක පමණක් wikipedia අඩවියෙන් ලබාගන්න ලදී.)

ඇගේ විවාහක ස්වාමි පුරුෂයා වුයේ හෙපීස්ටස් (රෝම, වල්කන්) ය.  ඔහු ඉතා විරූපී පුද්ගලයෙකු ලෙස දැක්වේ. ඔලිම්පස් කන්දේ කම්මල් කරුවන ඔහු නොයෙකුත් කර්මාන්ත වලට අති දක්ෂයෙකි. ඔහුට කල නොහැකි දෙයක් නැත. හේරාට පුත්‍රයාගෙන් ලැබුන සිහසුනේ හිඳගත් විට ඉන් නැගිටීමට නොහැකිවිය. දෙවිවරුන්  ඇය නැගිටුවීමට උත්සාහ කල නමුත්  නැගිටුවාලිය නොහැකිවින. නැගිටුවාලිය හැකිවුයේ හෙපීස්ටස්ටය.  හෙපීස්ටස් ඇය නැගිටුවීම සඳහා රූමත්ම දෙවඟන සිය භාර්යාව කලයුතු බවට කොන්දේසියක්  පැනවූ බැවින් ඔහුට  ඇෆොඩයිටි භාර්යාව කර ගත හැකි විය.

Vulcan

Vulcan. Marble, reception piece for the French Royal Academy, 1742 Guillaume II Coustou (Français, 1716-1777

Final Page 169

Venus de Milo  –   Louvre (C100BC)  H.2.02 m

Final Page 172

Venus of Arles at Louvre 1st C BC Marble H 1.94m

Final Page 196

Aphrodite of the “Capitoline” type at Louvre  2nd C AD  Marble H 1.8m

Final Page 185

Aphrodite “Anadyomene”  type 2nd C BC H 1.26m

Final Page 191

Crouching Aphrodite – Marble H. 71cm

Final Page 186

Aphrodite  Marble  H. 1.1m

Final Page 148

Venus and Cupid 4th C BC Marble H. 1.74m

3jpg

Venus and Cupid by Lambert Sustris (1554) Oil on canvas 132cm x 184 cm

2

Venus Standing in a landscape (1529) by  Lucas Cranach 

Final Page 158-001

සියලු දෙවිවරුන් ආරාධනා ලැබු තෙටිස් හා පිලියස්ගේ මංගල්‍යයට අරාධනාවක්  නොලැබූ ඊරිස් අමුත්තන් සිටි ශාලාවට විසිකළ  රන් ඇපල් ගෙඩියේ “සුන්දරතම කතට” යනුවෙන් සඳහන් කොට තිබිණ. හේරා සහ ඇතිනා දෙවඟනන්ද ඉතා රුමත්ය. එහෙයින් ඇෆොඩයිටි සමග හේරා සහ ඇතිනාද ඇපල් ගෙඩියට හිමිකම් කිහ. ඇපල් ගෙඩිය කාට අයත්විය යුතුද? යන ගැටලුව නිරාකරණය කිරීමට මනුෂ්‍යයෙකුට ඉදිරිපත් කලයුතු බවට සියුස් නියෝග කළේය. එහෙයින් ෆිජියාවේ අයිඩා කන්ද පාමුල බැටළු රංචු බලා ගනිමින් සිටි, ට්‍රෝයි නගරයේ ප්‍රයම් රජුගේ පුත් පැරිස් වෙතට හර්මිස් දෙවියා මේ තිදෙනා රැගෙන ගොස්  මේ ගැටලුව ඉදිරි පත් කෙරින.

Louvre Paintings Page 9

The Judgment of Paris By Girolamo di Benvenuto (1470- 1524) Oil on poplar wood Height: 71 cm (28 in). Width: 71 cm (28 in)

මේ දෙවඟනෝ පැරිස් ඉදිරියේ පෙනිසිටිමින් නොයෙක් නොයෙක් පොරොන්දු දුන්හ. හේරා ට දිනුම දෙන්නේ නම් පැරිස් මුළු ආසියාවේම ස්වාමියා කරන බව හේරා කීවාය. සටන් වලදී පැරිස් ජයග්‍රාහකයා කරන බවට ඇතිනා පොරොන්දු වුවාය. ඇෆොඩයිටි සතුව සියලුදෙනා පාපයට වසඟකරගතහැකි ආශාව ප්‍රේමය උද්දීපනය කරන ඉඟ පටියක් විය.  ඇෆොඩයිටි සිය ඉන්ද්‍රජාලික ඉඟ පටිය උනා දමා මනුලොව රුමත්ම ගැහැණිය පැරිස්ට ලබාදෙන බව කීවාය. ඉන් පසු ඇෆොඩයිටි ජයග්‍රහණය කොට ඇයට රන් ඇපල් ගෙඩියද, පැරිස්ට ස්පාර්ටාවේ රජුගේ සොහොයුරු මෙනෙලවුස් ගේ බිරියවූ හෙලන් කුමරිය ද ලැබිණ.  මේ සිද්ධිය ට්‍රෝජන් යුද්ධය ඇරඹීමටද හේතුවිය.

ග්‍රීක දේව කතා වල දැක්වෙන ආකාරයට දෙවියන් හා දෙවඟනන් තුලද මිනිසුන්තුළ මෙන්ම ඊර්ශාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, වරදට පෙළඹීම, පොළඹවා සතුටුවීම ආදී සියලු දුර්ගුණ පිහිටා තිබිණ.

ඇෆොඩයිටි දෙවඟන  හෙපීස්ටස් සමග විවාහ දිවිය සතුටින් ගත නොකළාය. පසුව  හෙපීස්ටස් සමග වූ  විවාහය කෙලවර කරනු ලැබුවද, ඇය විවාහක කාලය තුළදීද තවත් බොහෝ දෙවිවරුන් හා මිනිසුන් සමග සබඳතා පැවැත්වුවාය. රෝම වරුන් මාර්ස් නමින් හඳුන්වන ආරීස් දෙවියා ඉන් එක් අයෙකි. ඔහුට දාව ඇයට Eros (Cupid), Anteros, Deimos, Phobos යන පුතුන් සහ Harmonia.නම් දියණිය ක් ලැබී තිබුණි. ඩයොනිසස්, හර්මිස් (මර්කරි), පොසිඩොන් (නැප්චුන්), ආදී දෙවිවරුන් සමගද  සබඳතා පැවැත්වු බව සඳහන්වේ. මිට අමතරව, ට්‍රෝයි නගරයේ ඇන්කයිසිස් නම් එඬේරකු සමග පැවැත්වූ සමාගමය නිසා ඊනියාස් නම් දරුවෙකු ලද බවත්, එමෙන්ම ඇඩෝනිස් සමගද පෙම් බැඳ සිටි බවත්  බොහෝ නිර්මාණ වල කියවේ

Final Page 166

Mars and Venus 

4jpg

Mars and Venus (Parnassus) 1497, by  Andrea Mantegna Canvas 1590mm x 1920mm

1

Venus, Satyr and Cupid (1525) by Antonio Allegri Oil on canvas 190cm x 124cm

සයිකිගේ රුමත්කම ගැන ඇෆොඩයිටි ඊර්ශාවෙන් සිටියාය. ඇය සයිකිගේ පියාට පේනයකින් කියා සිටියේ ඔහුට විපතක් සිදුවිමට ඉඩ ඇති බැවින් ඉන් ගැලවීමට සයිකි කඳු මුදුනකට ගෙනයා යුතු බවයි. එහිදී සයිකි සතෙකු ගොදුරු කර ගන්නා බවත් කියා ඇත. ඇෆොඩයිටි සිය පුතු වන ඊරෝස්ට කියා සිටියේ සයිකිට දඬුවම් කරන ලෙසයි. සේපිරස් විසින් බියෙන් තැතිගෙන සිටි සයිකි මාලිගයකට ගෙන යන ලදී. එහිදී රාත්‍රියේ අද්භූත පුද්ගලයෙකු පැමිණ ඔහු ඇය අයිති ස්වාමියා බව දයාබර හඬකින් කොඳුරා කියා ඇත. ඔහු කවුදැයි අඳුර නිසා ඇය හඳුනා නොගත්තාය. ඔහුගේ මුහුණ නොබලන බවට ඇය පොරොන්දු කරවාගෙන උදයේ ඔහු අතුරුදන්විය. මෙසේ කල්ගතවෙද්දී ඇයගේ සොහොයුරියන්ගේ බලපෑම නිසා දිනක් ඇය රාත්‍රියේ පහනක් අල්ලා ඔහු දෙස හොඳින් බැලුවාය. එවිට පහනින් තෙල් බිඳක් නිදාසිටි ඊරෝස්ගේ උරහිසට පතිතවීම නිසා ඔහු නින්දෙන් පිබිදී සයිකිට පොරොන්දු කඩකළ බවට චෝදනාකොට වහා අතුරුදන් විය. එකෙනෙහිම මාලිගාවද අතුරුදහන්වී සයිකි අසරණ වුවාය. අසරණ සයිකිට ඇෆොඩයිටිගේ නොයෙකුත් හිංසා පිඩා වලට මුහුණදෙන්නට සිදු විය. සයිකි කෙරෙහි ඊරොස්ගේ ආදරය නොවෙනස්ව තිබුණ හෙයින් සියුස්ගේ ආධාරයෙන් ඊරෝස් සයිකි විවාහ කරගන්නා ලදී

Final Page 126

Cupid and Psyche by Antonio Canova 1797 

Louvre Paintings Page 46

Cupid and Psyche (1817) by Francois Edouard Picot

ඇෆොඩයිටි කෙරෙහි භක්තිමත් නොවුණු අයට ඇය දඬුවම් කළාය. සයිප්‍රස් දුපතේ ඇය කෙරෙහි භක්තියක් නොදැක්වූ කාන්තාවන් වරදට පොළඹවා පසුව ගල් බවට පත්කරන ලදී. ගැහැනුන් අප්‍රිය කළ, ඇෆොඩයිටි කෙරෙහි භක්තිමත්වු පිග්මැලියන් නම් කළා ශිල්පියා තමා විසින්ම නිර්මාණය කරන ලද ප්‍රතිමාවකට පෙම් කරනු දැක ඇය  ඒ ප්‍රතිමාවට ජිවය ලබා දුන්නාය.

Final Page 2

Pygmalion and Galatea By E.M.Falconet. Marble, 0.83 M

ඇෆොඩයිටිගේ පුතා ලෙස සලකන ඊරෝස් හෙවත් කියුපිඩ් දඟකාරකම් කරන පියකරු පෙනුමැති, දුන්නක් හා ඊතල වලින් සන්නද්ධ පියාපත් සහිත ළමයෙකු සේ නිරුපිතය. මොහුගේ ඊතල වලින් පහර ලද්දන් අනුරාගයෙන් පෙළෙති. ඈත ගමන් වලදී ඇෆොඩයිටි ඊරෝස් කැටිව ගියාය

Final Page 6

Cupid cutting his bow from the club of Hercules  by Edme Bouchardon

Final Page 98

Cupid by Antoine Denis Chaudet 

Louvre Paintings Page 14

Venus with Eros, Anteros and two other Cupids by Giovanni Antonio Bazzi (1508)

ඇෆොඩයිටිට හර්මිස්ට දාව උපන් හ‍ර්මෆොඩයිටස්ගේ  උපත රහසක් ලෙස තබා ගැනීම සඳහා ඇය මේ දරුවා කිඳුරියන්ට ඇතිදැඩි කිරීමට දුන්නාය. වනයේ හැදී වැදුණු මොහු දිනක් කේරියා ප්‍රදේශයේ ඉතා පැහැදිලි ජලය ඇති විලක් දැක එහි නෑමට සැරසෙද්දී ඒ විලේ උන් සල්මාසිස් නම් කිඳුරිය ඔහුකෙරේ ආදරය පෑවාය. ඔහු එය ප්‍රතික්ෂේප කලවිට කිඳුරිය හ‍ර්මෆොඩයිටස් තදින් වැළඳගත්තාය. ඉන් බේරීමට ඔහු උත්සාහ කලත් කිසිදිනක ඔහු වෙන් නොකිරීමට දෙවියන්ට කළ ඉල්ලීම නිසා ඔවුන් දෙදෙනාගේම සිරුරු එකක් විණ. එහෙයින් හ‍ර්මෆොඩයිටස් ස්ත්‍රී පුරුෂ දෙලක්ෂනයෙන්ම යුතුවිය.

Final Page 205

Final Page 207

Hermaphrodite 2nd C BC

ඇෆොඩයිටිට ආව තේව කිරීම සඳහා කාන්තාවෝ  තිදෙනෙක් වුහ. මේ තිදෙනා අග්ලයියා, යුෆොසුනේ හා තාලියා යන නම් වලින් හැඳින්වූ බව පෙනේ. නිතර මඳ  සිනහවෙන් හා ප්‍රීතියෙන් සිටි, රංගනයට කැමැත්තක් දැක්වූ ඔවුහු ප්‍රසාදිනියන් ලෙස හැඳින්වූහ. බොහෝ කලා නිර්මාණවල මොවුන් නිරුවත්ව  එකිනෙකාගේ උරහිස් අල්ලාගෙන රංගනයක යෙදෙන සේ නිරුපනය කර ඇත.

Final Page 210

Three Graces 2nd C BC

Final Page 40

Three Graces by Jean Jacques Pradier (1831)

Louvre Paintings Page 4

Venus and three Graces Offering gift by Alessandro Filipepi (Sandro Botticelli)

පැරණි ලේඛකයන්, කවීන්, රංග ශිල්පින්, චිත්‍ර හා මුර්ති ශිල්පින් ආදීන්  තමන්ගේ නිර්මාණ සඳහා යොදාගත් පුරාණෝක්ති පිළිබඳව අපට සුළු හෝ අවබෝධයක් ඇත්නම් එය  ඔවුන්ගේ  නිර්මාණ අපට හොඳින් රසවිඳින්නට රුකුලක් වනු ඇත.

එන්.එච්. සමරසිංහ  2017.05.29

Protected by Copyscape

Advertisements

4 thoughts on “ඇෆොඩයිටි (වීනස් ) – Aphrodite (Venus)

  1. ඇතීනා බලන්න ගිහින් හිතුනෙ නැහැ … ආයෙත් වරක් යන්න ඕන 😦
    ග්‍රීක රෝමන් කිරිගරුඬ පිළිම ඇත්තටම පිළිම කියන්න බැරි තරමට සජීවී ලෙස නිර්මාණය කර තිබෙනවා. හැම දෙවි කෙනෙක්ටම වගේ ග්‍රීක සහ රෝම වශයෙන් නම් තිබීම මහා කරදරයක් මතකයේ හිටින්නෙම නෑ … නිතරම භාවිත නොවෙන නිසා ඒක මේ සම්බන්ධ දේ කියවනකොට හරියට දැනෙනවා 🙂

    Liked by 1 person

    1. ස්තුතියි අදහසට. ඇත්තෙන්ම මේ පිලිරූ වල අලංකාරය නිසා තමයි මේ පුරාවෘත ගැන සොයන්න උනන්දුවක් ඇති උනේ. නම් පමණක් නොවෙයි ඒ කතන්දර වල තියෙන දෙවි වරුන්ගේ නෑ සබඳතාවයනුත් හරිම ව්‍යාකුලයි.

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.