අනුරාධපුර ඇතුල් නුවර Inner city of Ancient Anuradhapura

ක්‍රි.පු. පස්වන සියවසේදී පමණ පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය හා බලකොටුව ඉදිකරන්නට ඇතැයි සැලකේ. පසුකාලීනව අනුරාධපුර ඇතුල් නුවර බලකොටුව කුටකන්නතිස්ස, වසභ ආදී රජවරුන්ගේ කාලයේ තව දුරටත් සංවර්ධනය කෙරින. මේ බල කොටුව දිය අගලකින් හා උස් ප්‍රාකාරයකින් වටවී තිබිණ. සිව් දිසාවට වාහල්කඩ දොරටු සතරක්ද තිබී ඇත.

වර්තමාන ථුපාරාම මාවතට උතුරින් පිහිටි ප්‍රදේශය ඇතුළු නුවරයි. මෙහි අනුරාධපුරයේ අනෙක් පුරාවිද්‍යා ස්ථාන තරම් විමර්ශනයට භාජනය වී ඇති බවක් නොපෙනේ. නගරයේ දකුණු දොරටුව පිහිටි ප්‍රදේශයේ කැනීම් කර ඇතත් දැනට එතරම් මහජන අවධානයට ලක්ව නැත.  මේ ඇතුළු නුවර  ප්‍රදේශයේ පෞද්ගලික නිවාස හා නොයෙක් පෞද්ගලික ඉදිකිරීම් තිබෙනු දැකිය හැක. එසේ වුවත් මේ ප්‍රදේශය තුල වැදගත් ප්‍රධාන ස්මාරක හතරක් සංරක්ෂණය කර තිබේ.

inner city

රජ මාලිගාව

ඉන් පළමුවැන්න රජ මාලිගාවයි. ථුපාරාම මාවත පසුකොට සංගමිත්තා මාවත ඔස්සේ උතුරට මීටර් 230 ක් පමණ ගියවිට වම්පස පළමුවන විජයබා රජමාලිගයේ නටබුන් දැකිය හැක.

Vijayabahu Maligaya
Vijayabahu Maligaya
Vijayabahu Maligaya
සංඛ හා පද්ම
Vijayabahu Maligaya
Vijayabahu Maligaya
Vijayabahu Maligaya
ගඩොලින් නිමකොට බදාම පිරියම් කොට සිතුවම්ද ඇඳ තිබු බිත්ති වල නටබුන්

11 වන සියවසේ චෝල පාලනයෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජතුමාගේ රාජාභිෂේක මංගල්ලය  ක්‍රි.ව. 1073-74 පමණ කාලයේ අනුරාධපුරයේදී උත්සවාකාරයෙන් පැවැත්වීන. විජයබාහු රජතුමාගේ වාසස්ථානය වුයේ පොළොන්නරුවේ බැවින්, මෙය  රාජාභිෂේකය සඳහා තාවකාලිකව ඉදිකළ රජමාලිගාවක් ලෙස සැලකේ. ලංකාව එක්සේසත් කොට රජකම ගන්නට උදව්කල බුදල්නාවන් නම් සෙනවියාට පනාකඩු සන්නස පිලිගැන්වුයේ මෙහිදී බව සඳහන්ය. මේ ගොඩනැගිල්ලේ බාහිර කොටස සමග දිග අඩි 216 කි. පළල අඩි 128 කි. මැද ඇති මාලිගාවේ දිග අඩි 72 කි. පළල අඩි 64 කි.  මිට ඇතුළුවන දොරටුව දෙපස කුවේරයාගේ අතවැසියන් ලෙස සැලකෙන සංඛ හා පද්ම යන බහිරව රුප කැටයම් කොට ඇති මුරගල් දෙකකි. ගඩොලින් නිමකොට බදාම පිරියම් කොට සිතුවම්ද ඇඳ තිබු බිත්ති වල නටබුන් දැනට සංරක්ෂණය කර ඇත.

දෙවැනි ස්මාරකය දළදා මාළිගාවයි. කිත්සිරි මෙවන් රජ දවස ලංකාවට වැඩමවූ දන්ත ධාතුන් වහන්සේ පළමුව මේඝගිරි විහාරයේ තැන්පත් කල බවත් පසුව ඇතුළු නුවර වඩා හිඳුවා එහි භාරකාරීත්වය අභයගිරි විහාරයට පවරාදුන් බවත් වංශ කතාවල දැක්වේ. එහෙත් ඇතුළු නුවර දළදා මාළිගාව කුමක්ද යන්න පිළිබඳව විවිධ මත පලවී ඇත. කෙසේ වෙතත්, දැනට දළදා මාළිගාව ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිල්ලේ නටබුන් විජයබාහු මාලිගයේ සිට තවත් මීටර් 250 ක් පමණ සංගමිත්තා මාවත ඔස්සේ උතුරු දෙසට ගොස් දකුණු පසට හැරි තවත් මීටර් 100 පමණ ගීයවිට හමුවේ. අඩි 50 ක් පමණ දිග හා පළලින් යුත් මේ ගොඩ නැගිල්ලේ  ශෛලමය දොර, ජනෙල් ආදිය ශේෂව තිබෙනු දැකිය හැක. මධ්‍යයේ ආසනයක්ද  දක්නට ලැබේ. පසෙක තවත් ගොඩ නැගිල්ලක නටබුන් ඇත. චෝල ආක්‍රමණයට පෙර තිබු දළදා මැ දුර විනාශ වූ බැවින් ක්‍රි.ව. 956 – 972 කාලයේ රජුවූ හතරවන මහින්ද රජතුමා කරවූ දළදා මාළිගාව මෙය විය හැක.

Dalada Maligawa
Dalada Maligawa
Dalada Maligawa
ආසනය
Dalada Maligawa
Dalada Maligawa

තුන්වන ස්මාරකය මහාපාලි දාන ශාලාවයි. කලින් කි දළදා මාළිගාවට මීටර් 50 ක් පමණ දකුණු දෙසට වන්නට මහා පාලි දාන ශාලාව පිහිටා ඇත. 

Mahapali Alms Hall
Mahapali Alms Hall
Bath Oruwa (Rice bowl) @ Mahapali Alms Hall
Bath Oruwa (Rice bowl) @ Mahapali Alms Hall
Bath Oruwa (Rice bowl) @ Mahapali Alms Hall
Bath Oruwa (Rice bowl) @ Mahapali Alms Hall

දේවානම් පියතිස්ස රජතුමා විසින් මෙම දාන ශාලාව ආරම්භකර ඇත. රජුගේ මාලිගාව අසල ඉදිකළ මුළුතැන් ගෙයකින් 800 ක් පමණ භික්ෂුන් වහන්සේලාට දැන් පිළිගැන්වූ බව චීන දේශාටක හියුන් සාං සඳහන් කර ඇත. නගරයේ වෙසෙන පන්දහසක් පමණ වන පිරිසකට මේ ස්ථානයෙන් ආහාර සපයන්නට ඇති බව ෆාහියන් නම් චීන භික්ෂුන් වහන්සේ සඳහන් කර ඇත.  මෙම ස්ථානයේ අඩි 27.5  ක් පමණ දිග අඩි 5.25 ක් පමණ පළල ශෛලමය බත් ඔරුවක් තිබේ. මෙය දෙවන අග්බෝ රජතුමා ඉදිකලබව කියවෙන බත් ඔරුව විය හැක. බත් ඔරුවේ බිත්තියක ලියවුනු 10 වන සියවසට අයත් සේ සැලකෙන සටහනක “ මහා පෙළ බත් ගන්නා තාක් දෙනමෝ” යනුවෙන් සඳහන්වේ. මෙම සටහන නිසා මෙය මහාපාලි දාන ශාලාව ලෙස හඳුනා ගෙන ඇත.  මෙහි මහපෙල යන්න භාවිතා කොට ඇත්තේ දිනපතා දානය ලබාගැනීමට භික්ෂුන් වහන්සේලා පේලියට වැඩමකරවිමයි.

මේ දාන ශාලාවේ දැනට ඉතිරිව ඇත්තේ ගල් කණු 33 ක් පමණි. මේ ස්ථානයේ වූ ගල් කණු ආදිය පසු කලක වෙනත් ඉදිකිරීම් සඳහා යොදා ගන්නට ඇත.

මෙම ස්ථානයට ජලය ලබා ගැනීම සඳහා පාවිච්චිකළ ලිඳක් දැනට තහවුරු කොට ඇත. මෙහි ජල මට්ටම දක්වා පිය ගැට පෙළක් දක්නට ලැබීම විශේෂත්වයකි.

Well @ Mahapali Alms Hall
Well @ Mahapali Alms Hall

මේ දාන ශාලාව නොයෙක් රජවරු ප්‍රතිසංස්කරණය කොට ඇත. සොලින් විසින් විනාශ කිරීමෙන් පසු හතරවන මහින්ද රජතුමා මෙය නැවත ගොඩනගා ඇත.

Slab Inscription of Mahapali Alms Hall
Slab Inscription of Mahapali Alms Hall
Mahapali Alms Hall
පුවරු ලිපිය

රජ මාලිගයට අයත් ගම බිම් පාලනය, ආදායම බෙදීයන ආකාරය  පිලිබඳ නීති රීති ඇතුලත් හතරවන මිහිඳු රජ සමයේ  පුවරු ලිපියක්ද මෙහි දක්නට ඇත.

සිව්වන ස්මාරකය වන ගෙඩිගේ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලක නටබුන්ද ඇතුළු නුවර දක්නට ඇත. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ ඇති මෙහි ඉතා පළල ගඩොල් බිත්ති මත ආරුක්කු හැඩයේ වහලක් තිබෙන්නට ඇත. ශෛලමය දොර ජනෙල් තවමත් දැකිය හැක. මෙය කුමන කාර්යයක් සඳහා ඉදිකරන්නට ඇත්දැයි අවිනිශ්චිතය.gedige

ගෙඩිගේ

gedige2

                                                    (ගෙඩිගේ පින්තුර අන්තර් ජාලයනි)

අනුරාධපුරයේ සංචාරය කරන ලාංකිකයන් බොහෝ දෙනෙකුට මෙම ස්මාරක පිළිබඳව අවබෝධයක් නොමැති බවක් හැඟේ. මේ ස්ථාන නැරඹීමට යන්නේ අනුරාධපුරයට යන දේශීය සංචාරකයන්ගෙන් ඉතා සීමිත පිරිසක්  පමණි.  

එන්.එච්. සමරසිංහ  2017.06.02

Protected by Copyscape

Advertisements

2 thoughts on “අනුරාධපුර ඇතුල් නුවර Inner city of Ancient Anuradhapura

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.