අනුරාධපුර පැරණි නගරය අවට ස්මාරක

අනුරාධපුර පැරණි නගරයේ පමණක් නොව අවට ප්‍රදේශයේ නොයෙක් තැන්වලද පැරණි ස්මාරක බොහොමයක් දැකගත හැකිය. අභයගිරි කුට්ටම් පොකුනේ සිට උතුරු දෙසට ගියවිට පබ්බතාරාම වර්ගයේ ආරාම පරිශ්‍ර දෙකක් හා පැරණි ගල් පාලම් දෙකක නටබුන් හමුවේ.

Anuradhapura 1

අශෝකාරාමය

කුට්ටම් පොකුණ අසලින් වැටි ඇති සංඝමිත්තා මාවතේ (B 509 මාර්ගයේ) කිලෝමීටර් 2 ක් පමණ ගොස් දකුණු පස  හමුවන අශෝකාරාම පාරේ තවත් කිලෝමීටරයක් පමණ ගියවිට පන්කුලිය අශෝකාරාම පබ්බත විහාරයේ නටබුන් හමුවේ.

Samadhi Statue
Samadhi Statue

ප්‍රතිමා ගෘහය

_DSC7976

DSC07874

බුද්ධ ප්‍රතිමාව

_DSC7975

සඳකඩ පහන

වර්තමානයේ මේ ස්ථානය අශෝකාරාමය යනුවෙන් හඳුන්වනු ලැබුවද පුරාණයේ මෙය කුමන නමකින් හැඳින්වූවාදැයි දැනගන්නට නැත.  සිව්වැනි මිහිඳු රජුගේ සෙල් ලිපියකින් හෙළිවන්නේ මෙහි භික්ෂුණින් සඳහා ඉදිවුණු පබ්බතාරාමයක් තිබුණු බවයි.

දෙවන පෑතිස් රජ සමයේ සිටම භික්ෂුණින් සඳහා ආරාම ඉදිකළ බව වංශ කතාවල සඳහන් වේ. ක‍්‍රි.ව 276 -303 පමණ කාලයේ රජව සිටි මහසෙන් රජතුමා අභයගිරියට උතුරෙන් මෙහෙණවර දෙකක් කරවන ලද බව කියවේ. මෙය ඉන් එකක් විය හැකිය.

මෙම ස්ථානයෙන් සොයාගෙන ඇති සඳකඩ පහනක් සහිත  ප්‍රතිමා ගෘහයේ තැන්පත් කර තිබු අඩි   6 අඟල් 9 උස වීරාසන ඉරියව්වෙන් හිඳී  අභය හා ආහ්වාන මුද්‍රාව පිළිබිඹු කෙරෙන ගලින් නිර්මිත  බුද්ධ ප්‍රතිමාව ලංකාවේ හමුවී ඇති මෙම වර්ගයේ එකම ප්‍රතිමාවයි. මෙහි දෙනෙත් දියමන්තියෙන් තිබු බව කියෙවේ.උෂ්නිෂය සිරස් පතකි. සිවුරේ රැලි අධිකව දක්වා ඇති මේ පිළිමය අමරාවතී සම්ප්‍රදායේ පිළිම වලට සමානත්වයක් දක්වයි. මෙය 9 වන හෝ 10 වන සියවස් වල නිමවන්නට ඇතැයි සැලකේ.

මෙහි ඇති නටබුන් වල ලක්ෂණ අනුව මෙය මහායානික සිද්ධස්ථානයක් බවට විද්වත්හු අදහස් දක්වති.

Ashokaramaya
Ashokaramaya Sthupa

දාගැබ

Ashokaramaya
Ashokaramaya

DSC07886

මෙම ස්ථානයේ දක්නට ඇති අනෙක් නටබුන් අතර දාගැබක්, දිගු ගොඩනැගිල්ලක්, ජන්තාගාරයක්, මුරගලක් ආදිය වේ.

Ashokaramaya
Ashokaramaya Janthagharaya

ජන්තාගාරය

DSC07895

පොකුණක නටබුන්

DSC07882

කැසිකිලි ගලක්

ජනප්‍රවාද වල කියවෙන්නේ මෙය දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමාරයා විවාහ කරගත් අශෝකමාලා වෙනුවෙන් කරවූ එකක් ලෙසයි. අශෝකමාලාවන් කුලීන කුමාරිකාවක් නොවූ හෙයින් ඇයට අනුරාධපුර නගරයට ඇතුළුවීම තහනම් කර තිබු බවත් එහෙයින් අනුරපුරයේ පිහිටි සිද්ධස්ථාන බොහොමයක් මෙතනට පෙනෙන හෙයින් මේ ස්ථානයේ සිටම ඒවා වන්දනා කර ගැනීමට මෙය ඉදි කල බවත් කියවෙන ජනප්‍රවාද වේ.

DSC07894

අශෝකාරාමයේ සිට අනුරාධපුරය 

විජයාරාමය

ආපසු සංඝමිත්තා මාවතට පැමිණ තවත් මීටර් 350 ක් පමණ ඉදිරියට ගියවිට වම් පසට හමුවන පාරේ කිලෝ මීටරයක් පමණ ගියවිට දැනට විජයාරාමය නමින් හැඳින්වෙන පබ්බතාරාමයක සුවිශේෂ වාස්තු විද්‍යාත්මක  ලක්ෂණ  සහිත තවත් විහාරාමයක නටබුන් විශාල ගහ කොළවලින් සුසැදි නිසල වන අරණක් තුල  දැකගත හැකිය.

DSC06276

ස්ථුපය

මෙය 7 – 10 සියවස්වල ගොඩනගන ලද්දක් බව පෙනේ.  මෙහි දක්නට ලැබෙන ස්තුපයේ නටබුන් විශේෂ තැනක් ගනී. මේ ස්තුපය කැණීමේදී ප්‍රඥා පාරමිතා සුත්‍රයේ කොටස් දැක්වෙන තඹ තහඩු සොයාගෙන තිබේ. එහෙයින් මෙය මහායානික ක්‍රමය අනුව ධර්ම ධාතුන් නිධන් කොට තනු ස්ථුපයක් ලෙස පිළිගැනේ.

මෙහි තිබු කැටයම් පුවරු වල  අවලෝකිතේශ්වර බෝධිසත්යන්ගේ හා තාරා දේවියගේ පිලිරු සහ විමාන වල කැටයම් තිබී ඇත. එහෙයින් මෙය මහායාන ආරාම සංකීර්ණයක් ලෙස හඳුනා ගෙන ඇත. අක්කර 23 ක පමණ ප්‍රදේශයක් පුරා  දක්නට ලැබෙන ආරාමික නටබුන්  දැනට සංරක්ෂය කෙරෙමින් පවතී.

DSC06277

DSC06279

DSC06281

DSC06282

මේ අරණ තුල පාත්‍රයක් දරමින් පඬු පැහැ සිව්රෙන් සැරසුණු භික්ෂුන් වහන්සේලාගේ රූප දිවා කාලයේදීත් අද්භූත අන්දමින් දක්නට ලැබෙන බව සමහරු පවසති.

ගල් පාලම

නැවත සංඝමිත්තා මාවතට පැමිණ තවත් කිලෝ මීටරයක් පමණ ඉදියට ගිය විට පැරණි අනුරාධපුරයේ සිට උතුරු දෙසට විහිදීගිය මාර්ගය  මල් වතු ඔය තරණය කිරීම සඳහා ඉදිකර තිබු ගල් පාලමක නටබුන් දක්නට ඇත.DSC06290_DSC7959

_DSC7958

5 – 9 සියවස් වල පමණ මෙය ඉදිකරන්නට ඇතැයි සැලකේ. එක් පෙළකට ගල් කුළුණු තුනක් හා ඒ මත හරස් අතට තැන්පත් කරන ලද ගල් පුවරු යෙදු ඇටවුම් පෙළක් මතට මනාව පිළියෙළ කරන ලද ගල් පතුරු අතුරා පාලම නිමකොට ඇත

_DSC7971

හාල්පාන් ඇල හරහා ඉදිකරතිබු පාලම

මේ මාර්ගයේම හාල්පාන් ඇල හරහා ඉදිකරතිබු පාලමේ නටබුන් මල්වතු ඔයේ පාලමට කලින් ප්‍රධාන පාර අසල දක්නට ඇත.

මේ ස්ථාන බලා අපේ පැරැන්නන්ගේ විස්කම් බලා සතුටු වනවා මෙන්ම ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමද අපේ යුතුකමයි.

එන්.එච්. සමරසිංහ  2017.07.04

Protected by Copyscape

Advertisements

3 Comments

    1. මගේ ලිපි කියවූවාට ස්තුතියි. මා ගිය ගමනක ආගිය තොරතුරු කියනවාට වඩා ගමනාන්තයේ ඇති වැදගත්කම බොහෝ දෙනාට දැනගන්නට සැලැස්වීම වඩාත් පලදායක යයි සිතු බැවින් මෙසේ ලියන්නට පටන් ගතිමි. තවත් බොහෝදේ ලියන්නට ඇත. ලිපි අගය කිරීම හා මගේ අදහස වැඩි දුරටත් සපල කරගන්නට අදහස් දැක්වීම මට මහත් ධෛර්යයකි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.