අහසේ ගලායන ඇල මාර්ගය Stream in the sky – Pontcysyllte Aqueduct

DSC00111

Pontcysyllte Aqueduct

බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය සමයේ භාණ්ඩ ප්‍රවාහනයේදී ඇල මාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමුවින. රසායන ද්‍රව්‍ය ආදී අන්තරායදායක භාණ්ඩ ප්‍රවාහනයේදී වඩාත් ආරක්ෂා සහිත හා ලාබදායක ප්‍රවාහන සේවයක් ලෙස එය ගණන් ගැනින.  බෝට්ටු  මගින් භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් ලෙස වේල්සයේ කඳුකරය හරහා  ඉදිකරන ලද Llangollen ඇල මාර්ගය කඳු බෑවුමේ ගමන් කිරීම සඳහා ලොක් ක්‍රමය භාවිතා නොකොට කඳු දෙකක් යාකොට ඩී ගංගාවට ඉහලින් ගෙනයාමට සාදන ලද විශ්මිත ඉදිකිරීමකි  වේල්ස්හි Wrexham හි (Coordinates 52.97053°N 3.08783°W) පිහිටි Pontcysyllte Aqueduct නමින් හැඳින්වෙන පාලම.

DSC00087

ඩී ගංගාවට ඉහලින් ඇල මාර්ගය

1805 නොවැම්බර් 26 දින විවෘත කරන ලද මෙය බෝට්ටු ගමනාගමනය සඳහා වූ බ්‍රිතාන්‍යයේ පැරණිම හා දිගම  පාලමයි. දිග මී 307කි. පළල මීටර් 3.7 කි. ගැඹුර මීටර් 1.6 කි. උස ගංගාවේ සිට මී 39කි. වතුර ලීටර් මිලියන 1.5ක් මෙහි දරාසිටී.  එකල මෙය තැනීම සඳහා පවුම් 47,000 ක් වැයවී ඇත. එමෙන්ම  මෙය මේ වර්ගයේ ලෝකයේ උසම පාලමයි  

ඉංජිනේරු ශිල්පයේ හා ලෝහ කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන  මෙය තෝමස් ටෙල්ෆොර්ඩ් හා විලියම් ජෙසොප් යන ඉංජිනේරුවන්ගේ අද්විතීය නිර්මාණයකි. එකිනෙක අතර මීටර් 16 ක පරතරය ඇතිව ඉදිවූ  ගල් කණු 18ක් හා ලෝහ ආරුක්කු 19ක් මතින් මෙය ඉදිකර ඇත.  පාලමේ එක් පසෙක බෝට්ටු ගමනාගමනය සඳහා ජල මාර්ගයක් වන අතර අනෙක් පස එකල බෝට්ටු ඇදගෙන ගිය අශ්වයන්ට ගමන් කිරීම සඳහා තැනු පදික මාර්ගයකි. මේ පදික මාර්ගය ජල මතුපිටට වඩා අඟල් 6 ක් පමණ උසකින් කවුළු සහිතව ඉදිකොට ඇත්තේ බෝට්ටු ගමන් කිරීමේදී විසිරෙන ජලය පදික මාර්ගයට වැටි එහි ගමන් කරන්නවුන් ලිස්සා යාම වැලැක්වීම සඳහාය.

DSC00107

එකල බ්‍රිතාන්‍යයේ  ලෝහ වාත්තු ශිල්පයේ අනගිභවනීය භාවය පිළිබිඹු කරමින් මේ ආරුක්කු හා ඇල දෙපස බිත්ති  සැහැල්ලු හා ශක්තිමත් ලෙස වාත්තු කරන ලද ලෝහයෙන් නිමවා ඇත. ගල් කණු ඉදිකිරීමට බදාම සඳහා හුණුගල් වතුර සහ ගවයන්ගේ ලේ ගෙන ඇත. ප්‍රාථමික දොඹකර, ලි පලංචි හා මිනිස් ශ්‍රමය උපයෝගී කර ගනිමින් මෙය ඉදි කිරීමට 1795 සිට 1805 දක්වා වසර 10 ක් ගතවී ඇත.

DSC00096

අවුරුදු පහකට වරක් මෙහි ගමනාගමනය නතරකොට ජලය ඩී ගංගාවට මුදාහැර පාලම පරික්ෂාකොට නඩත්තු කටයුතු කරනු ලැබේ.

Draining_Pontcysyllte,_Aqueduct_-_geograph.org.uk_-_1579222

ඩී ගංගාවට ජලය මුදා හැරිම (විකිපේඩියා හි ඡායාරුපයක්)

මේ ඇල මාර්ග ඔස්සේ පටු බෝට්ටු මගින් දින ගණනක් සෙමින් සංචාරය කිරීම දැන් ඉතා ජනප්‍රිය වීනෝදාශ්වාදජනක කටයුත්තක් වී ඇත.

08260001

DSC00080

DSC00081

DSC00084

08260002

පටු බෝට්ටුවක්

මෙය 2009 සිට යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත.

aqd

(මුල් ඡායාරුපය ගුගල් අර්ත් ස්ට්‍රීට් විව් වෙතින් ගන්න ලදී)

එන්.එච්. සමරසිංහ  2017.07.09

Protected by Copyscape

Advertisements

4 Comments

  1. බොහොම ලොකු ආසාවක් තියනවා ලෝන්ග් බෝට් එකක නැගල සතියක් විතර නිදහසේ ඔහේ පාවි පාවී ඉන්න. මොකුත්ම නොකර පොතක් පත්ක බලාගෙන වටේ සිරි නරඹන්න. හැබෑ නොවන හීන 🙂

    Liked by 1 person

    1. හීන හැබෑ කරගන්න බැරිවෙන්නෙ නැහැ.(දකුණේ ඈත පිටිසර ගමක උපන් මම කොළඹ එන්න පුළුවන් වේවි කියලවත් හිතුවේ නැහැ). ලොක් ගේට්ටු අරිමින්, වහමින් පැයට හැතැක්ම තුනක විතර වේගෙන් යන එක අපූරු අත් දැකීමක් වේවි. (ඒ ගැනත් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා)

      Liked by 1 person

      1. දැන් ඒ සම්බන්ධකම් නැතත් අපේ තාත්තලගෙ පවුල අකුරැස්ස බංගම, අම්මලගෙ අය ගාල්ල.

        හරි හමං රෑට් එකක් තෝරගන්න ඕන නැතිනං කම්මැලි වෙයි කියල හිතනව.

        Liked by 1 person

      2. බලන්න කැමති දේ තියෙන රූට් එකක් නම් වෙබ් එකෙන් බලල තෝර ගන්න පුළුවන්, ඒ වගේම කම්මැලි නොවෙන්න නම් එකතුවෙලා යන්න හොඳ කණ්ඩායමකුත් හදා ගන්න.

        Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.