පුංචි දිය කිඳුරිය The Little Mermaid (statue)

සුරංගනා කතා ලොවේ කිරුල දැරුවේ ඩෙන්මාර්කයේ සුප්‍රකට ලේඛකයෙකු වූ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් යයි නොසිතන කෙනෙක් නැත.  ඔහු විසින් 1847 දී පමණ ලියන ලද පුංචි දිය කිඳුරිය කතාව විශ්ව කිර්තියට පත්විය.

මුහුදට අධිපති කිඳුරු රජුගේ දියණිය මුහුදේ නාන්නට ගොස් ගිලෙන්නට ගිය රජ කුමරෙකුගේ ජීවිතය ගලවා ගත්තාය. පසුව ඔවුන් දෙදෙනා පෙමින් වෙලුණි. කිඳුරිය පුර්ණ මනුෂ්‍ය දියණියක් නොවීම ඔවුන්ගේ ප්‍රේමයට බාධාවක් විය. මුහුදේ මායාකාරිය ඇයට මේ සඳහා පිළියමක් සැපයුවාය. ඇය රජ කුමරා හා එක්වීමට නම් විශාල කැප කිරීමක් කලයුතු විය. ඇය මේ කැප කිරීම කලත් රජ කුමරා වෙනත් කුමරියක් හා එක්වේ. සාගරයට පිටුපෑ කිඳුරියට උරුම උනේ මරණයයි.

මේ කතාව මුද්‍රා නාට්‍යයක් ලෙස රඟ දක්වනු දුටු කෝපන්හේගන්හි කාල්ස්බර්ග් සමාගමේ නිර්මාතෘ වරයාගේ පුත් කාල් ජේකොබ්සන් හට මේ කිඳුරිය ගේ ප්‍රතිමාවක් තැනවීමට සිත්විය. ප්‍රතිමාව මුර්ති ශිල්පී එඩ්වර්ඩ් එරික්සන් විසින් අඹන ලද අතර ඊට නිරුපිකාවක් ලෙස පෙනී සිටිමට නාට්‍යයේ කිඳුරිය ලෙස රඟපෑ එලීන්  ප්‍රයිස් තෝරා ගන්න ලදී. ප්‍රතිමාවේ මුහුණ නිර්මාණය කිරීම සඳහා ඇය පෙනීසිටි නමුත් ඉතිරි කොටස් සඳහා නිරුවතින් පෙනී සිටීමට ඇය එකඟ නොවූ හෙයින් ඒ කොටස් සඳහා මුර්ති ශිල්පියාගේ භාර්යාව වන එලීන් එරික්සන් යොදාගන්නා ලදී.

මීටර් 1.25 උසැති කිලෝ 175 ක් බර මේ තඹ ප්‍රතිමාව 1913 අගෝස්තු 23 වන දින එලි දක්වන ලදී. දැන් මේ ප්‍රතිමාව කෝපන්හේගන්හි ලැන්ගෙලිනි (Langelinie) උද්‍යානය ආසන්නයේ මුහුදු වෙරළේ කුඩා ගල් කුලක් මත තැන්පත් කර ඇත. මේ ප්‍රතිමාව දැන් ඩෙන්මාර්කයේ අනන්‍යතාවය පිළිබිඹු කෙරෙන සංකේතයක් වී ඇත. වසරකට පැමිණෙන මිලියනයක් පමණ සංචාරකයන්ගේ නෙත පිනවන දසුනක් වී ඇත. මෙය ඩෙන්මාර්කයේ වැඩියෙන්ම ඡායාරුප ගතවන ස්ථානයයි.  2010 ෂැන්හයි නුවර පැවැත්වූ එක්ස්පෝ ප්‍රදර්ශනදී ඩෙන්මාර්කය නියයෝනය කලේ මේ ප්‍රතිමාවයි.

DSC08189

DSC08217

DSC08194

එමෙන්ම මේ පිළිරුව සමහරුන්ගේ ක්‍රියාවල් නිසා හානියට පත්වූ අවස්ථාද ඇත. 1964.04.24 දින මෙහි හිස කොටස ගලවා තිබිණ, දෙවරක්ම මෙහි අත් ගලවා තිබිණ. 2003.09.10 දින මෙහි පාදම පුපුරුවා පිළිමය මුහදට දමා තිබිණ. 2004 දී හිසට බුර්කාවක් දමා තිබුන අතර 2007 දී හිසට ස්කාෆ් එකක් දමා තිබිණ. කිහිප වරක්ම තීන්ත ආලේප කොට තිබිණ.

DSC08192

මේ ප්‍රතිමාවේ නිර්මාතෘ එඩ්වර්ඩ් එරික්සන් 1959 දී මියගිය අතර ප්‍රතිමාවේ හිමිකම (Copyright) 2029 දක්වා එරික්සන් පවුලට හිමිව ඇත. මෙහි අනුරූ අත් පිට මුදලට විකුණනු ලබන්නේ ප්‍රතිමාව අසල පමණක් බව සඳහන්කොට ඇත.  

little

DSC07433

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගොඩනැගූ චරිතයක් ඩෙන්මාර්කයේ ජාතික සංකේතයක් වනු ඇතැයි ඔහු කිසිදා නොසිතන්නට ඇත.

lm

එන්.එච්. සමරසිංහ 2017.07.12

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.