Cliffs of Moher – අයර්ලන්තයේ මුහුදු දඹය

විවිධ භූගෝලීය ලක්ෂණ හා මනරම් ස්වාභාවික භූ දර්ශන වලින් පොහොසත් රටකි, අයර්ලන්තය. මෙවන් දර්ශන නරඹමින්  අයර්ලන්තයේ බටහිර වෙරළ බඩ Wild Atlantic මාවත් ඔස්සේ යාම සුන්දර අත්දැකීමකි.

DSC04004

Wild Atlantic

මේ පෙදෙස්වල සැරිසරන සංචාරකයන්ගෙන් වාර්ෂිකව මිලියනයකටත් වැඩි පිරිසක් නැරඹීමට යන ස්ථානයකි. Cliffs of Moher.

P1020894

P1020888

DSC04025

උසම ස්ථානය මුහුදු ජල මට්ටමේ සිට මීටර් 214 ක් (අඩි 702) වන ප්‍රපාතයක් ලෙස වෙරළ ඔස්සේ කිලෝමීටර් 8 ක් පමණ දිගට විහිදුනු බෑවුමකි Cliffs of Moher. අයර්ලන්තයේ දෙවන සංචාරක ආකර්ෂණය වන මේ විශ්මය ජනක භූ දර්ශනය අයර්ලන්තයේ බටහිර වෙරළේ Clare ප්‍රාන්තයේ  Liscannor ගමේ පිහිටා ඇත.

Cliff of Moher 1

වසර මිලියන 320 කට පමණ පෙර මේ ප්‍රදේශය විශාල ගංගාවක මුවදොරව තිබිණ. අධිකව ලැබුණු වර්ෂාව හේතුවෙන් ගොඩබිම සෝදාගෙන පැමිණි රොන් මඩ ආදිය තැනපත්වී කාලයාගේ ඇවෑමෙන් එය  ඝනීභවනය වී පාෂාණ තට්ටු බවට පත්ව ඇත. පසුව මේ ඝන පාෂාණ තට්ටු  පෘතුවි තැටිවල තෙරපිමෙන්  උතුරු දෙසට තල්ලුවීම නිසා මේ Cliffs of Moher නිර්මාණය වී ඇත.

Cliff of Moher 2

සාමාන්‍යයෙන් මුහුදු පත්ලේ පමණක් දැකිය හැකි අවසාදිත රොන් මඩ ආදිය පාෂාණිභුත වීම ගොඩබිමදී දැකිය හැකි හොඳම ස්ථානයකි මෙය. ගවේෂකයන්ට ස්වාභාවික විද්‍යාගාරයක් ලෙස සැලකිය හැකි මෙහි විවිධ ඝනකමින් යුතු පාෂාණ තට්ටු  අතර විවිධ  වර්ගයේ පොසිල ආදිය දැකිය හැකිය.

DSC04046

ගල් පතුරු වැටකින් වෙන්වූ මංපෙත

මේ පෙදෙස අයර්ලන්තයේ විශාලතම මුහුදු පක්ෂීන්ගේ ජනාවාසය මෙන්ම වර්ග 20 කට අධික කුරුල්ලන්ට වාසස්ථානය වී ඇත. Puffins, Guillemot, Razorbills, Fulmars, Kittiwakes, Peregrine Falcons, Choughs ආදීන් මේ අතර ප්‍රමුඛය. එමෙන්ම ඩොල්පින්, සීල්, තල මසුන්, මෝරුන් ආදී මුහුදු ජිවින්ද දැකිය හැකිය.

DSC04040

මේ ස්ථානයේ පවත්නා වේගවත් සුළඟ හා තුනී පස් තට්ටුව හේතුවෙන් මෙහි වැඩෙන්නේ කුඩා පැලෑටි වර්ගයන්ය.

DSC04050

DSC04032

DSC04035

P1020844

P1020846

P1020873

Cat’s Ear, Sea Pink ආදී විවධ මල් හා පැළෑටි වර්ග

වේගවත් මුහුදු රල පහරට ඛාදනය වීම නිසා මෙහි Sea Stacks, Sea Stumps, Caves ආදී නොයෙක් ආකාරයේ වෙරළේ භූ රුප නිර්මාණය වී ඇත.

DSC04027

P1020833

මේ ස්ථානයේ පරිසර හිතකාමී සංචාරක මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. මෙහි නිර්මාණය, වැදගත්කම, ජීවී ප්‍රජාව ආදිය සම්බන්ද  සියලු තතු ප්‍රදර්ශනය කෙරෙන අතර ආපන ශාලා, සිහිවටන අලෙවි සැල් ආදියද පිහිටුවා ඇත.

P1020889

DSC04061

DSC04060

සංචාරක මධ්‍යස්ථානය

1835 දී පමණ නරඹන්නන්ගේ පහසුව සඳහා Cornelius O”Brien විසින් O’Bren’s Tower ඉදිකොට ඇත. මෙහි සිට පැහැදිළි  දර්ශනයක්  පවත්නා අවස්ථාවල රටවල් කීපයක් දැකිය හැකිබව කියති.

P1020838

O’Bren’s Tower

Clare ප්‍රාන්තය පාරම්පරික අයිරිෂ් සංගීතය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. Cliffs of Moher නරඹන්නට යන මග දෙපස පාරම්පරික අයිරිෂ් සංගීතය වාදනය කරන ශිල්පින් සමහර විටෙක දැකිය හැකියP1020830

P1020826

මේ ස්ථානය චිත්‍රපටි හා රුපවාහිනි දර්ශන සඳහා පසුතලය කොටගත් අවස්ථා ඇත.  Harry Potter & the Half Blood Prince, Ryan’s Daughter ආදිය ඒ අතර වේ.

අයර්ලන්තයේ සර්ෆ් ක්‍රීඩාව සඳහා උචිතම විශාල මුහුදු රළ ඇත්තේ මෙය පා මුලය. Sea Fever, Wave Riders වැනි චිත්‍රපට මෙහිදී රු ගත කර ඇත.

Cliff 3

P1020874

මියගිය අය සැමරීමට  ස්මාරකයක්

Cliffs of Moher යුනෙස්කෝව මගින් Global Geoparks ජාලයට ඇතුළත්කොට ඇත. අයර්ලන්ත හා යුරෝපිය සංගමයේ  ව්‍යවස්ථා අනුව මේ ප්‍රදේශය විශේෂ ආරක්‍ෂිත ප්‍රදේශයකි.

com

Advertisements

3 thoughts on “Cliffs of Moher – අයර්ලන්තයේ මුහුදු දඹය

  1. එන අවුරුද්දේ ගිම්හාන කාලයට සෑහෙන්න ඇවිදින්න තැන් තියනව 😀

    සංචාරක මධ්‍යස්ථානය පිහිටවල තියන විදිහ හරිම අපුරුයි.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.