Burren බරන්

අයර්ලන්තයේ බටහිර වෙරළ මාර්ගයේ යනවිට  දක්නට ලැබෙන තවත් සුවිශේෂී භූ දර්ශනයකින් යුතු ප්‍රදේශයකි ක්ලෙයා ප්‍රාන්තයේ වයඹ දිග පිහිටි බරන්.

P1020786

යුරෝපයේ දක්නට ලැබෙන විශාලතම හුණුගල් ප්‍රදේශය වර්ග කිලෝමීටර් 250 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතින මේ ගහ කොල වලින් තොර බරන් ජාතික උද්‍යානයයි.  Glacio-Karst භූ දර්ශන සඳහා ලෝකයේ  හොඳම නිදර්ශකය වන්නේ මෙය බව කියති.

වසර මිලියන 350 කට පමණ පෙර නිවර්තන මුහුදු පතුලක් වූ මෙහි රොන් මඩ  ආදිය පීඩනයට ලක්වීමෙන් හුණුගල් තට්ටු නිර්මාණය වී ඇත. පසුව පෘතුවි තැටි (Earth’s Plates)උතුරු දෙසට තල්ලුවීම නිසා ඉහලට එසවුණු මේ හුණුගල් තට්ටු වසර 17000 කට පමණ පෙර අයිස් යුගයේ ග්ලැසියර් දියවීමෙන් ඛාදනය වීම නිසා මේ සුවිශේසී භූ ලක්ෂණය නිර්මාණය වූ සේ සැලකේ.

P1020785

P1020789

P1020798

Limestone Pavement

P1020802

P1020809

මේ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව පොලව මතුපිටින් ගලා නොයහ අතර අභ්‍යන්තර ජල මාර්ග ලෙස මුහුදට එක්වෙයි. මේ අභ්‍යන්තර ජල මාර්ග stalactites හා stalagmites වැනි විවධ හුණුගල් නිර්මාණ ඇති කෙරෙමින් උමං හා බිම් ගෙවල් හරහා මුහුදට ගමන් කරයි.

මේ ප්‍රදේශය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ මෙහි දක්නට ලැබෙන විවිධ පැළෑටි හා මල් වර්ග නිසයි. ඇල්පයින් ආක්ටික් පැලැටි මෙන්ම මධ්‍යධරණී පැළෑටි වර්ගද එකට වැඩෙමින් තිබෙන  මේ ප්‍රදේශය, ඊටම ආවේනික පරිසර පද්ධතියකින්  යුක්තය. මෙවන්  විවිධ වර්ගයේ පැළෑටි යුරෝපයෙන්ම එකම ස්ථානයකදී දක්නට ලැබෙන්නේ මෙහිදී පමණි. විවධ වර්ගයේ පැළෑටි වර්ග 700 ක් පමණ මෙහි දක්නට ඇති බව කියති.   

මේවා අතර Mountain aven, Spring gentian, Spring sandwort  වැනි  ඇල්පයින් ආක්ටික් පැලැටි වර්ගද Maidenhead fern, Dense-flowered orchid, Burnet Rose වැනි මධ්‍යධරණී පැළෑටි වර්ගද වේ.

Limestone Pavement අතර පවත්නා හිඩැසේ හටගන්නා පැළෑටි ඒවාට ලැබෙන විශේෂිත උණුසුම, ආලෝකය ආදී තත්වයන් නිසා හැමදා පවතී.

B8

B9

Limestone Pavement අතර පවත්නා හිඩැසේ හටගන්නා පැළෑටි

P1020805

P1020806

B7

ඇල්පයින් – ආක්ටික්  හා මධ්‍යධරණී පැළෑටි හා මල් වර්ග

මෙය උද්භිද විද්‍යාඥයන්ට පාරාදීසයකි.

යුනෙස්කෝව මගින් ප්‍රකාශිත  Global Geoparks ජාලයට  Burren  ප්‍රදේශයද ඇතුලත් කොට ඇත.

මේ ආසන්නයේ දක්නට ඇති තවත් විශේෂ ස්ථානයකි,  Kinvara නම් ඉතා සුන්දර ගමේ පිහිටි  Dunguaire Castle. මෙය 16 වන සියවසේ ඉදිකළ ඉතා සරල බලකොටුවකි.

P1020765

P1020770

Dunguaire Castle

 

P1020772

P1020773

P1020775

Kinvara

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.