යෝධයාගේ පාලම Giant’s Causeway – Geometric Geology

 

උතුරු අයර්ලන්තයේ දර්ශනීය කොස්වේ වෙරළබඩ මාර්ගය (The Causeway Coastal Route) ඔස්සේ බෙල්ෆාස්ට් සිට උතුරට කිලෝමීටර් 120 ක් පමන ගියවිට හමුවූ අමතක නොවන දර්ශනීය භූ දර්ශනයකි (Giant’s Causeway) යෝධයාගේ පාලම. මෙය ගිනිකඳු විදාරණය වීමෙන් පසු සිසිලනය වීමෙන්  ඇතිවූ  ලෝකයේ වඩාත් ම දර්ශනීය ජ්‍යාමිතික භූරූපවේ.

P1020687

Giant’s Causeway උතුරු අයර්ලන්තයේ Antrim ප්‍රාන්තයේ අයිරිෂ් මුහුදේ උතුරු වෙරළේ Bushmills නගරය ආසන්නයේ මුහුදු මට්ටමේ පිහිටි බහු අශ්‍රමය ගල්ටැම් 40000 ක් පමණ එකට බැඳී ඇති කිලෝමීටර් 6 ක් පමණ දිගට විහිදී ගිය  අසාමාන්ය භූ විද්යාත්මක නිර්මිතයකි.

P1020675

Honeycomb

P1020672

Red basaltic prisms

P1020670

Giant’s Steps

DSC03801

Giant’s Gate

DSC03797

DSC03796

The Chimney

DSC03787

Giant’s Organ

DSC03784

DSC03773

DSC03779

මේ ගල් ටැම් බොහොමයක් ෂඩස්රාකාරය. සමහර ගල් ටැම්  පැති  4 සිට 8 දක්වා වූ  විවිධ ප්‍රමාණ වලින් යුක්තය. මි වදයක ආකාරයේ එකට බැඳී ඇති මේ ටැම් මීටර් 11 දක්වා පමණ වන විවිධ උසකින් යුක්තය.   එය වසර මිලියන 60 කට පමණ පෙර තෘතියික කාලය තුළ ගිනි කඳු ක්‍රියාකාරකම් නිසා ගලාගිය ලාවා සිසිලනය වීම අනුව නිර්මාණය වී ඇත. එය අලංකාර ස්වභාවික සංසිද්ධියක් හා පෘතුවි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් නිරුපනය කෙරෙන බැවින් 1986 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම්කරන ලදි.

ස්කොට්ලන්තයේ බටහිර වෙරළේද මෙවන් භූ ලක්ෂණ පිහිටා ඇත. එහෙයින් මෙය අයර්ලන්තයේ Fionn Mac Cumhaill නම් යෝධයා හා ස්කොට්ලන්තයේ Benandonner නම් යෝධයා අතර ඇතිවූ සටනක් නිසා නිර්මාණය වුයේයයි පුරාවෘත ගෙතී ඇත.

DSC03809

 Visitor Centre

මෙය උතුරු අයර්ලන්තයේ ප්‍රධානතම සංචාරක ආකර්ශනිය ස්ථානයකි. මේ ස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට පහසුකම් සැලසීමට හා මේ ස්ථානය පිළිබඳව තොරතුරු වීඩියෝ ආදී මාර්ග වලින් ප්‍රදර්ශනය කරන මධ්‍යස්ථානයද අපුරු නිර්මාණයකි. එය ඒ පරිසරයේ භුමි දර්ශනයට හානියක් නොවන පරිදි ඊටම ගැලපෙන අයුරින් නිර්මාණය කොට ඇත.

GC1

නැරඹීම සඳහා ගාස්තු අය කරන මේ ස්ථානය National Trust නම් සංවිධානය මගින් නඩත්තු කරනු ලැබේ

 

Advertisements

2 thoughts on “යෝධයාගේ පාලම Giant’s Causeway – Geometric Geology

  1. බොහොම අපූරැ ගමනක් සහ විස්තරයක් … පස්සෙන් පස්සෙන් පන්නල දෑවුරැද්දකට රැජිණගෙන් වීස ඉල්ල ගත්ත අප්‍රේල් විතර ඉඳල ගමනේ යා තමයි 🙂

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.