දෙගල්දොරුව රජමහ විහාරයේ බිතු සිතුවම් – Murals of Degaldoruwa Rajamaha Viharaya

පොළොන්නරු යුගයෙන් පසු ක්‍රමයෙන් අභාවයට ගිය විහාර සිතුවම් කලාවේ පුනරාගමනයක් මහනුවර යුගයේදී දැකගත හැකිය. මෙහිදී දක්නට ලැබෙන්නේ පොළොන්නරු, සිගිරි සිතුවම් මෙන් සම්භාව්‍ය කලා සම්ප්‍රදායේ සිතුවම් නොව ගැමි ජනතාවගේ සාරධර්ම, සිතුම් පැතුම් ආදිය පිළිබිඹු කෙරෙන ගැමි කලා සම්ප්‍රදායකි. ඒ සිතුවම් කලාවේ උපරිම අවස්ථාවේදී කල සිතුවම් ලෙස දෙගල්දොරුව රජමහ විහාරයේ බිතු සිතුවම් හා වියන් සිතුවම් හඳුන්වා දිය හැකිය.

_DSC0155

දෙගල්දොරුව රජමහ විහාරය

දෙගල්දොරුව රජමහ විහාරය පිහිටියේ මහනුවර, පාත දුම්බර, අමුණුගම ගමෙහිය. බටහිරට බැවුම් වුනු ගලක මීටර් 12ක් පමණ උස ලෙනක් තුල  මහනුවර යුගයේදී කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙහි ඉදිකිරිම  ආරම්භ කරන ලදුව, රාජාධිරාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව.1786 දී  තනා නිම කරන ලදී. ඉන්පසු මෙය පිළිගන්වා ඇත්තේ මොරතොට ධම්මක්ඛන්ධ නාහිමියන්ටය. මෙහි ඉදි කිරීම පිලිබඳ විස්තර දෙගල්දොරුව තඹ සන්නසෙහි දැක්වේ. විහාරය ඉදිරිපස හේවිසි මණ්ඩපය පසු කාලීනව මිගස්තන්නේ අදිකාරම විසින් ඉදිකරවන ලද්දකි.

වෙස්සන්තර, මහා සුතසෝම, සත්තුභත්ත, මහා සීලව, ක්‍ෂාන්තිවාදී ආදී ජාතක කථා, මාර පරාජය, පොලව මහි කාන්තාව, සදිව්‍යලෝක , සූ විසි විවරණ, ආදී සිතුවම් වලින් හා මෝස්‌තර සිතුවම් වලින් මෙම විහාරය අලංකාර වී ඇත. මේ චිත්‍ර ඇඳ ඇත්තේ එවකට ඉතා දක්ෂ ගෘහනිර්මාණ ශිල්පියෙකු හා වඩුකාර්මිකයෙකුවූ දේවේන්ද්‍ර මුලචාරී, හිත්තර (හිරියාල) නයිදේ, නිලගම පටබැඳි හා දෙවෙරගම්පොල සිල්වත්තැන නම්වූ ස්වාමින්වහන්සේ නමක් විසිනි.

මේ සිතුවම්  ඇඳ ඇත්තේ විහාරගෙය හා මණ්ඩපය වෙන්කෙරෙන බිත්තියේ  දෙපස හා විහාර ගෙයි ඇති ස්වාභාවික ගල් පියස්සේය. බිත්තිය කොටස් කීපයකට බෙදා එය නැවත සමාන තීරු පහකට බෙදා ජාතක කථා සිතුවම් කොට ඇත.

අඛණ්ඩ කථන මාර්ගය අනුව ඇඳි මේ සිතුවම්,  ජාතක කතා සිතුවමට නගද්දී  එම කතාවේ විවිධ අවස්ථා වෙන් වෙන් වූ  ආකාරයකට නොව එක දිගටම සිතුවම් කර ඇත. වෙස්සන්තර ජාතකයේ එන ඇලි ඇතුන් දන්දීම පෙරහරක් වගේ පෙනුනත් එහි තිබෙන්නේ එකම ඇතුගේ විවිධ අවස්ථාවන්ය. මේවායේ තවත් විශේෂත්වයක් වන්නේ මිනිසුන්, ගස්වැල්, සතුන්,ගොඩනැගිලි ආදිය එකිනෙකට සාපේක්ෂව අනුපාතය වෙනස් නොකොට එකම ප්‍රමාණයට සියල්ල ඇඳ තිබීමයි. ඒ වගේම මිනිස් රූප කිසිවක් නරඹන්නාට පිටුපා සිටින ආකාරයට ඇඳ නැත

මහා සීලව ජාතකය

බරණැස් රාජ්‍යයේ කසී රටින් නෙරපන ලද ඇමතිවරයෙකුගේ පෙළඹවීම නිසා එරට අල්ලා ගැනීමට පැමිණි කොසොල් රජු ගෙන් සිල්වත් වීර්යවන්ත රජෙකු වූ මහා සීලව රජු රාජ්‍යය බේරා ගැනීම පිළිබඳ කතාව  මේ චිත්‍ර වලින් දැක්වේ.

_DSC0070

මහා සීලව ජාතකය

_DSC0072
මහා සීලව ජාතකය

මහා සීලව ජාතකය

සත්තුභත්ත ජාතකය

මඟ රැඳුනොත් තෝ නසී ගෙට ගියොත් අඹු නසී යන කතාවට පාදක වූ මහලු බමුණාගේ හා තරුණ බැමිණියගේ කතාව මෙහි දැක්වේ._DSC0096

සත්තුභත්ත ජාතකය

මහා සුතසෝම ජාතකය

මිනිමස් අනුභව කිරීමට ඇබ්බැහිවූ කුමරෙකු පිලිබඳ කතාවක් මහා සුතසෝම ජාතකය චිත්‍ර වලින් නිරුපනය කර ඇත.

_DSC0028
මහා සුතසෝම ජාතකය

මහා සුතසෝම ජාතකය

වෙස්සන්තර ජාතකය

බෝසතුන්ගේ දාන පාරමිතාව ගැන කියවෙන, අවසාන ආත්මය වූ ඉතා ජනප්‍රිය වෙස්සන්තර රජු පිලිබඳ කථාව මෙහි නිරුපණය කොට ඇත.

_DSC0103
ඇලි ඇතුන් දන්දීම

ඇලි ඇතුන් දන්දීම

_DSC0025

_DSC0048
දැසි දසුන් ගෙනෙන්ට යන වග

දැසි දසුන් ගෙනෙන්ට යන වග

_DSC0049
වැදි  මුදලියා විදින්ට තැනු වග

වැදි  මුදලියා විදින්ට තැනු වග

_DSC0060

_DSC0067
දෙවියෝ දෙමවුපිය වෙස්ගෙන වනාන්ත්‍රයෙහිදී උපකාරකරණ වග

දෙවියෝ දෙමවුපිය වෙස්ගෙන වනාන්ත්‍රයෙහිදී උපකාරකරණ වග

_DSC0068

_DSC0147
මාර පරාජය

මාර පරාජය

_DSC0136
මාර පරාජය

මාර පරාජය

_DSC0131
මාර පරාජය

මාර පරාජය

_DSC0143
පොලව මහි කාන්තාව

පොලව මහි කාන්තාව

_DSC0128
සදිව්‍යලෝක

සදිව්‍යලෝක

_DSC0129
ශ්‍රී මහා බෝධිය

ශ්‍රී මහා බෝධිය

_DSC0106
විහාරයේ බුද්ධ ප්‍රතිමා

විහාරයේ බුද්ධ ප්‍රතිමා

_DSC0111

_DSC0110

මෙම විහාරයේ ලී කණුවල පේකඩ, වියන, දොරවල් ආදියද මල් මෝස්‌තර වලින් අලංකාර කර තිබේ.

_DSC0074

_DSC0042
මල් මෝස්‌තර

මල් මෝස්‌තර

මෙහි සිතුවම් උඩරට කලා සම්ප්‍රදායේ විශිෂ්ට නිර්මාණයන්ය. මේවා ආනන්ද කුමාරස්වාමි, මංජු ශ්‍රී, සිරි ගුණසිංහ ආදී කලා විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්ව ඇත. චිත්‍රවල රේඛා විසිතුරු අන්දමට සැරසිල්ලක් මෙන් යොදාගෙන තිබීම සිත් ගන්නා සුළුය. කතාන්තර වල සිද්ධි නිරුපනය කිරීමේදී අංග චලනය, මුහුණුවල හැඟීම් ප්‍රකාශ වන අයුරින් ඇඳ තිබීම ආදිය කලා කරුවාගේ ප්‍රකාශන ශක්තිය ප්‍රකට කරවයි. සිතුවම් වල  අවකාශය ඊටම ගැලපෙන නිර්මානාත්මක රටා මගින් ආවරණය කොට තිබීම ඉතා මනරම්ය.

_DSC0057

අංග චලනයෙන්  හා  මුහුණුවල හැඟීම් ප්‍රකාශ කොට ඇති ආකාරයෙන් අදහස තීව්ර කොට ඇති සිතුවමක් (වෙස්සන්තර ජාතකය)

මෙම චිත්‍ර ඉතා මනරම් වනවා පමණක් නොව ඒවායින් 18 වන සියවසේ ලංකාවේ මාහැඟි ඓයිතිහාසික කරුණුද හෙළිකරයි. ගෘහනිර්මාණය හා අලංකරණය, රජුගේ හා සේවකයන්ගේ ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ, සංගීත භාණ්ඩ, කොඩි ආදී සැරසිලි භාණ්ඩ පන්සල, සිප්හල, ගම්බද දර්ශන ආදිය පැරණි බොහෝදේ හෙළිකරයි. (එක සිතුවමක මදුරු දැලක් ද දක්නට ඇත)

මේ සිතුවම් අතර ඇති මාර පරාජය සිතුවම ඉතා සුවිශේෂී සිතුවමකි. විවධ ස්ථාන වල ඇඳ ඇති මාර පරාජය සිතුවම් අතර ඉතා වැදගත් සිතුවම මෙය බව කලා විචාරකයෝ පවසති. පස් මරුන් සිහිපත් කිරීමට මෙහි මාරයාට හිස් පහක් ඇඳ තිබේ. එමෙන්ම මාර සෙනග අතරේ සමහරුන් අත කැටයමින් අලංකාර කරන ලද තුවක්කුද ඇත. බුදුරජානන් වහන්සේ මරුන් පැරදවීම පිළිබඳව සාක්ෂි දැරුවේ පොලව මහි කාන්තාවයි. එහෙයින් පොලව මහි කාන්තාවගේ රුවක් ඉතා ලස්සනට මෙහි ඇඳ ඇත.

දෙගල්දොරුව රජමහ විහාරයේ සිතුවම්, චිත්‍ර කලාව හදාරන්නන්ට තෝතැන්නකි. මෙහි සමහර චිත්‍ර මේ වනවිට තරමක් විනාශ වී ඇත. අතීත හෙළ කලා කරුවන් අපට දායාද කළ මෙවන් විශිෂ්ට කලාගාර රැක ගැනීම අපේ යුතුකමයි.

Degaldoruwata

මහනුවර නගරයේ සිට දෙගල්දොරුව රජ මහා විහාරයට ගමන් මග (Google Maps අනුව)

එන්.එච්. සමරසිංහ  2017.11.10

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.