ලංකාවි ගැන කෙටියෙන් Langkawi

ලංකාවි මැලේසියාවේ දුපතක් වුවත්, එය ලංකාවේ අපට ටිකක් හුරු වචනයක්. නම් දෙකේ සමානත්වයක් තිබුනත් රටවල් දෙකේ නම් සමානත්වයක් පෙනෙන්න නැහැ. ලංකාවට  ප්‍රෞඩ ඉතිහාසයක් උරුම වුවත් ලංකාවි වලට ඇත්තේ මෑතකදී ගෙතී ඇති පුරාවෘත්තයක් පමණයි. මේ පුරාවෘත්තය අනුව මහ්සුරි නම් නිර්දෝෂී කාන්තාවක් ඝාතනය කිරීම නිසා ලංකාවි ශාපලත් දුපතක්.

_DSC4158

එහෙත් ඇත්තවශයෙන් මේ දුපත වසර මිලියන පන්සියයකටත් වැඩි භූ විද්‍යාත්මක ඉතිහාසයක් සඟවාගෙන ඇති  ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලත් අග්නිදිග ආසියාවේ පැරණිතම දුපතකි. ලංකාවි පිළිබඳව 15 වන ශත වර්ෂයේදීත් ලෝකයා දැන සිටි බව කියවේ. 16 වන ශත වර්ෂයේ සිතියම් වලද Langa, Langka, Lansura, and Langapura ආදී වශයෙන් මේ දුපත දක්වා ඇති බවද කියති. රාමායනය වැනි ඉන්දීය සාහිත්‍යයේ එන ලංකා පුරවරය මෙය බවද සමහරු පවසති.

මේ දුපතේ වටිනාකම අවබෝධ කරගත් මැලේසියාවේ පළමු අග්‍රාමාත්‍ය තුන්කු අබ්දුල් රහමන් මහතා සහ මෙහි වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට මැලේසියාවේ හතරවන අග්‍රාමාත්‍ය වරයාවූ මහතීර් මොහමඩ් මහතා  මේ දුපත සංචාරකයන්ගේ පාරාදිසියක් බවට පත් කර ඇත.

_DSC3679

දැන් වර්ග කිලෝ මීටර 65,610 පමණ වන  අපේ ලංකාවට වසරකට මිලියන දෙකක් පමණ සංචාරකයන් පැමිණෙන විට වර්ග කිලෝ මීටර 478 පමණ වන ලංකාවි  දුපත්වලට වසරකට මිලියන තුන හමාරක් පමණ සංචාරකයෝ පැමිණෙති.

_DSC4466

ලංකාවි මැලේසියාවේ ප්‍රධාන රටෙන් වෙන්ව  වයඹ දෙසට වන්නට පිහිටි කෙඩා දිස්ත්‍රිරික්කයේ දුපත් 100 කින් පමණ සමන්විත ප්‍රදේශයකි. බොහොමයක් දුපත් ජනාවාස වලින් තොරය. වර්ග කිලෝ මීටර් 320 ක් පමණ වන ප්‍රධානතම දුපත උතුරේ සිට දකුණට කිලෝ මීටර් 25 ක් පමණ වන අතර නැගෙනහිර සිට බටහිරට ඊට ටිකක් වැඩිය.

_DSC4130

රාජාලියන්ට මැලේ භාෂාවෙන් කියන  ‘helang’ යන්න බිඳී සෑදුන ‘Lang’ යන්න හා දුඹුරු පාටට කියන    ‘kawi’ යන්න එකතුව දුඹුරු රාජාලියන් ගැවසෙන දුපත යන අදහසින් මෙය ලංකාවි ලෙස හැඳින්වෙන බව කියති. එය සංකේතවත් කරමින් ලංකාවි දුපතේ ප්‍රධාන ජැටිය ආසන්නයේ වේදිකාවක් මත විශාල දුඹුරු රාජාලි ප්‍රතිමාවක් පිහිටුවා ඇත.

_DSC3672

කුඹුරු

මෙහි ප්‍රධාන නගරය Kuah නමින් හැඳින්වේ.  ජනගහනය 100,000 පමණවේ. මෙහි වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ධිවර කර්මාන්තයයි. වී සහ රබර් වගාවද ඇතත් සංචාරක කර්මාන්තය ඒවා අභිබවා යන බවක් පෙනේ. ලංකාවි වෙත පැමිණීම සඳහා ගුවන් තොටුපලක් හා නාවික තොටුපලක් ඇත. මැලේසියාව, තායිලන්තය ආදී ස්ථාන වල සිට ලංකාවි වලට දිනපතා ගමන් පහසුකම් ඇත.

_DSC3649

ගුවන් තොටුපල

_DSC4457

ලංකාවි දුපතේ ප්‍රධාන ජැටිය

මෙහි පොදු ප්‍රවාහන පද්ධතියක් නැත. එහෙත් මේ දුපතට පැමිණෙන සංචාරකයනට අපහසුවකින් තොරව කුලියට වාහනයක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. ලංකාවී තීරු බදු රහිත දිවයිනකි.

_DSC3655

2007 ජුනි මාසයේ සිට යුනෙස්කෝව ලංකාවි ලෝක භූ උද්‍යානයක් ලෙසට නම් කර ඇත. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් මෙහි දක්නට ලැබේ. මෙහි ජෛව විවධත්වය, මුහුදු වෙරළ හා ස්වාභාවික පිහිටීම් වල සිත්ගන්නා සුළු ස්වභාවය සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට  උපරිම අන්දමින් යොදා ගෙන ඇත.

_DSC4136

_DSC4137

_DSC4162

_DSC4164

සංචාරකයන්ට දැක ගන්නට පෞරාණික දේ, කලා කෘති, සංස්කෘතික සංදර්ශන හෝ කැසිනෝ වැනි අංග නොමැතිව ඉතා සාර්ථක සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට මැලේසියානු රජය සමත්ව ඇත.

_DSC4177

ලංකාවි වල ආහාර වෙළඳ පොලක්

mal

ලංකාවි වල පිහිටීම Google Maps වලිනි

_DSC3838

 

( සංචාරක ආකර්ශනීය ස්ථාන ගැන වෙනත් සටහනකින්)

එන්.එච්. සමරසිංහ 2017.11.14

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.