ලංකාවියේ සොඳුරු දසුන් Langkawi Attractions

වසර මිලියන 550 කට පමණ පෙර සැදුණු ලංකාවි දුපත සුන්දර වෙරළ තීරයන්, උස් කදු මුදුන්, නිල්වන් ජලාශ, නොඉඳුල් වනාන්තර ආදියෙන් සමන්විතය. වසරකට සංචාරයන් තිස්පන් ලක්ෂයක්  පමණ ලංකාවි දුපතට ආකර්ෂණය කරවා ගන්නේ ඒ දුපතේ ඇති ප්‍රධානතම සම්පත වන මේ ස්වාභාවික සෞන්දර්යය උපයෝගී කරගැනීමෙනි

_DSC3747

2007 දී යුනෙස්කෝ සංවිධානය මගින් අග්නිදිග ආසියාවෙන්ම  පළමුවෙන්ම Global Geo-parks ජාලයට ඇතුළු කරගන්නා ලද්දේ ලංකාවි දුපත් සමුහයයි. මෙහි Machinchang Cambrian Geo-forest Park, Dayang Bunting Marble Geo-forest Park, හා Kilim Karst Geo-forest Park යනුවෙන් භූ උද්‍යාන තුනකි.

geoparks

අන්තර්ජාලයේ පළවූ සිතියමකි

මේවායේ ජෛව විවධත්වය, නොයෙක් ජීවීන්ගේ වාසස්ථාන, කොරල් පර, හුණුගල් ගුහා, නොයෙකුත් යුගවල අවසාදිත පාෂාණ ආදිය සංරක්ෂණය කර ඇත.

මේ උද්‍යානයන් අතරින්  වයඹ දිග වෙරලාසන්නයේම පිහිටි Manchinchang Cambrian  Geoforest Park ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයකි. මෙය මැලේසියාවේ පමණක් නොව මුළු පෘථිවියේම පැරණිතම කඳු පන්තිය හා පැරණිතම වැසි වනාන්තරයයි.

_DSC3768

_DSC3830 Gunung Machinchang කන්ද

Gunung Machinchang කන්ද පාමුල පිහිටි Orient Village මැලේසියානු සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද ගොඩනැගිලි වලින් සමන්විත, වෙළඳ කුටි අවන්හල් ආදියෙන් සපිරි කුඩා ගම්මානයකි.  

_DSC3691

_DSC3695

Orient Village

මෙහි සිට මීටර් 708 ක් පමණ උස මචින්චාං කඳු මුදුනට යාම සඳහා Sky Cab නමින් හැඳින්වෙන කේබල් කාර් සේවාවක් ඇත.

_DSC3713

_DSC3845

_DSC3739

_DSC3795

Sky Cab

මෙය ලෝකයේ වැඩිම බෑවුමකින් යුත් කේබල් කාර් මගයි. එමෙන්ම දෙවන කණුවේ සිට අතර මැදි නැවතුමට දුර මීටර් 920 ක් පමණ වේ. එය ලෝකයේ මෙවන් සේවාවක කණු දෙකක් අතර ඇති වැඩිම දුරයි. මෙහි ඇති 39 ක් පමණ වන ගොන්ඩෝලා සමහර තැන් වලදී  තුරු මුදුන් වල සිට මීටර් 70 ක් පමණ ඉහලින් ගමන් කරයි.  මෙහි එක ගොන්ඩෝලාවක මගින් 6 දෙනෙකුට යා හැකිය.   මෙහි ගමන් කිරීම සමහරුනට ත්‍රාසජනක අත්දැකීමකි. එහෙත් ක්‍රමයෙන් ඉහලට යනවිට දකින සුන්දර දසුන් ඒ බිය පහකරවයි. කිලෝමීටර් 1.7 පමණ දුරකින් හා  මීටර් 650 ක් පමණ උසකින් පිහිටි මෙහි පළමු නැවතුම් ස්ථානයට  විනාඩි 15 කින් පමණ ලඟාවිය හැකිය. මේ අතරතුර වනාන්තරය තුල ඇති දිය ඇල්ලද දැකගත හැකිය.

_DSC3726

දිය ඇල්ල

මෙහි ඇති නැරඹුම් වේදිකාවේ සිට අන්දමන් මුහුද අවට ප්‍රදේශය අංශක 360 ක කෝණයකින් සිත්සේ නැරඹිය හැකිය.  

_DSC3806

නැරඹුම් වේදිකාවක්

එතැන් සිට නැවත මීටර් 450  ක් පමණ යාමෙන් පසු මීටර් 708 ක් උස කඳු මුදුනට ලඟාවිය හැකිය. මෙහි ඇති නැරඹුම් වේදිකාවේ සිට ඉතා මනරම් දර්ශනයක් දැකිය හැකිය.

_DSC3803

Sky bridge-001

Sky Bridge

මේ කඳු මුදුනට ගිය පසු වන වදුල තුලින් කෙටි දුරක් ගියවිට මෙහි ඉදිකර ඇති තවත් අපුරු නිර්මාණයක් වන සුප්‍රකට  Sky Bridge වෙත යා හැකිය. මීටර් 82 ක් උස තනි කුළුණක කේබල් මගින් රඳවා ඇති මීටර් 125 දිග වක්‍රාකාර පාලම තවත් විශ්මිත ඉදිකිරීමකි. වනාන්තරය, කඳු, නිම්න හා අන්දමන් මුහුද හොඳින් නිරීක්ෂණය කිරීමට හා ලන්කාවියේ මනස්කාන්ත දර්ශනය හොඳින් දැකබලා ගැනීම සඳහා ඉදිකර ඇති පදික නැරඹුම් වේදිකාවකි අහස්  පාලම. _DSC3763 

_DSC3784

_DSC3805

මීටර් 82 ක් උස තනි කුළුණක කේබල් මගින් රඳවා

_DSC3824

ලංකාවි ප්‍රධාන දුපතට දකුණින් පිහිටි විශාලතම දුපත Pulau Dayang Bunting.  Dayang Bunting Marble Geoforest Park පිහිටා ඇත්තේ එහිය.

_DSC4362

  එහි ලෝකයේ හොඳම පර්මියන් කිරිගරුඩ පාෂාණ නිර්මාණය වීම දැකගත හැකිය.

_DSC4371

_DSC4410

_DSC4370

_DSC4383

මේ දුපතේ වනය තුලින් ගියවිට, ගැබ්බර නොඉඳුල් ජලාශය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය මිරිදිය විල හමුවේ.

_DSC4378

_DSC4402

මිරිදිය විල

විශාල හුණුගල් ගුහාවක් කඩා වැටීමෙන් මෙය සැදී ඇත.  කඳු අතර නිල පාටින් දිස්වෙන විලේ ඔරු පදින්නට හෝ පිහිනන්නට සංචාරකයෝ කැමැත්තක් දක්වති. දරු උපත් අපේක්ෂා කරන්නන් මේ විලෙන් නෑමෙන් ඔවුන්ගේ අපේක්ෂාව මුදුන්පත් වන බවට මතයක් ඇත. මේ දුපතේ පිහිටි කඳු පෙළ නිදා සිටින ගැබ්බර යුවතියක් මෙන් ඈතට පෙනෙන නිසා ඊට මේ නම ලැබී ඇත.

_DSC4346

නිදා සිටින ගැබ්බර යුවතිය

_DSC4341

මෙදුපත් වල දර්ශනීය මුහුදු තිරය සංචාරකයින්ගේ පරාදීසයකි. නොගැඹුරු මුහුදේ පිහිනීමට, ජල ක්‍රීඩාවල යෙදීමට, ජලජ ජීවින් බැලීමට කිමිදීම වැනි නොයෙකුත් ක්‍රියාකාරකම් වලට ඇලුම් කරන සංචාරකයින්ට  ලංකාවී දුපත ඉතා හොඳ ගමනාන්තයකි.

_DSC4250

_DSC4475

_DSC4505

මුහුදු ජීවින් ප්‍රදර්ශනය කෙරෙන Underwater World ද සංචාරකයන් සිත් ඇද බැඳ ගන්නා තවත් ස්ථානයකි. අක්කර 6 පමණ භූමියක් පුරා විහිදී ඇති ප්‍රදර්ශනාගාර කුටි තුල ජලජ ජීවින් වර්ග 200 කට අධික ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනය කෙරේ. 

පෙන්ගුයින්, සීල් මසුන්, අමේසන්වැනි ගංගා වල වාසය කරන යෝධ ගුරාමින් වැනි නොයෙන් මසුන් වර්ග, තාරාවුන්, පාත්තයින්, ෆ්ලෙමින්ගෝ වැනි නොයෙක් කුරුළු වර්ග, අග්නිදිග ආසියාවේ ඕස්ට්‍රේලියාවේ ආදී රටවල මිරිදිය මසුන්, මුහුදේ වෙසෙන මෝරුන්, මුහුදු අශ්වයින්, මුහුදු සිංහයින් ආදී නොයෙකුත් සත්ව වර්ග ඒ අතර වේ.

_DSC3854

_DSC3855

මේ දුපතේ සැරිසරණ කුරුල්ලන් හා වනසතුන්  බැලීමද සංචාරකයන්ගේ සිත්ගත් තවත් අංගයකි. දුපත් අතර සංචාරයේදී සංචාරකයෝ ලන්කාවියේ සංකේතය වී ඇති දුඹුරු රාජාලියන්ට කෑම දීමටද අමතක නොකරති.

_DSC4302

_DSC4367

_DSC4284

දුපතෙන් දුපතට ගොස් ඒවායේ අසිරිය අත්විඳින්නට බෝට්ටු සංචාරයේ යෙදීම සුමිහිරි අත්දැකීමකි.

එන්.එච්. සමරසිංහ  2017.11.17

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.