Bath – Roman and Georgian spa city රෝමන් වරුන්ගේ ස්නානාගාර නගරය

බ්‍රිතාන්‍යයේ තිබෙන එකම උණුදිය උල්පත වූ නිරිතදිග එංගලන්තයේ පිහිටි  බාත් උණුදිය  උල්පතින් සෙන්ටිග්‍රේඩ් අංශක 46 ක් පමණ උෂ්ණත්වයකින් යුත් ජලය  දිනකට ලීටර් 1,200,000 ක් පමණ ගලාඑයි.  මෙය සෙල්ට්ස් වරුන් විසින් පුජනියත්වයෙන් සලකන ලද අතර Sulis දේවතාවිය වෙනුවෙන් මේ අසල දෙවොලක්ද  තනා තිබිණ.    ජුලියස් සීසර් විසින්  බ්‍රිතාන්‍යයේ දකුණු කොටස ක්‍රි.පු. 55 දී පමණ ආක්‍රමණය කළෙන් එය හතරවන සියවස දක්වාම රෝමන් වරුන්ගේ පාලනයට යටත්ව තිබිණ.  ඔවුහු ක්‍රි.ව. 60 – 70 පමණ  කාලයේදී මේ උල්පත මුල්කොට ගෙන උණු දිය හා  තාප ස්නානාගාරයක්  හා Sulis Minerva දේවතාවිය වෙනුවෙන් දෙවොලක් ඉදි කළහ. මේ වටා  Aquae Sulis නමින්  නගරයක්ද  ඉදි විණ.DSC06164

Great Bath

DSC06170

රෝම ආණ්ඩුකාර වරුන්ගේ ප්‍රතිමා

රෝමන් වරුන් විසින් ඉදිකරන ලද ස්නානාගාර වර්ග කීපයකින් යුක්ත විය. ඒවා ඉතා උණුසුම් ජලයේ වාෂ්පයෙන් ස්නානය කරන caldarium, මඳ උණුසුම් ජලය භාවිතයෙන් ස්නානය කෙරෙන tepidarium හා සිතල ජලයෙන් ස්නානය කෙරෙන frigidarium ආදී වශයෙන් වේ.

DSC06224

Culdarium

DSC06222

Caldaria (Circular Bath)

DSC06233

DSC06213

Overflow of Sacred Spring

DSC06201

දෙවොලේ පුරාවස්තු

DSC06209

DSC06197

DSC06187

Temple pediment and Gorgon’s head

DSC06229

DSC06184

DSC06195

DSC06228

රෝමන් වරුන් එංගලන්තය හැරගිය පසුද මේ නගරයේ වැදගත් කම ආරක්ෂාවී තිබිණ. ක්‍රි.ව. 1090 දී පමණ මේ නගරය සංවර්ධනය කිරීමේදී Bath Abbey දේවස්ථානය Bath cathedral බවට පත්විය. මේ දේවස්ථානය ගොඩ නගා අවසන් වුයේ 16 වන සියවසේදීය.

DSC06169

මධ්‍යතන යුගයේදී මේ නගරය ලෝම නිෂ්පාදනයේ වැදගත් ස්ථානයක් දැරුවද, 1702 දී ඈන් රැජිනගේ කාලයේදී මේ නගරය නැවත spa නගරයක් ලෙස සංවර්ධනය විය.  ගෘහ නිර්මාණ ශිල්පී ජෝන් වුඩ් විසින් රෝම ඉදිකිරීම් වල අලංකාරය නොනැසෙනසේ පැලඩියන් ගෘහ නිර්මාණ ආකෘතියට නගරය සැලසුම් කරන ලදී.

DSC06270

Royal Crescent

DSC06239

DSC06152

ගල් ඇතිරූ රෝමන් මාවත්

DSC06148

බාත් හි පැරණිම නිවස (1482)

DSC06275

DSC06293

18 වන සියවසේ ඉදිකළ Pulteney Bridge

මෙය පාලම දෙපසම වෙළඳ හල් ඉදිකර ඇති ලෝකයේ පාලම කීපයෙන් එකකි

උද්‍යානය

දැන්හොඳම රෝම නෂ්ඨාවශේෂ හා 18 වන සියවසේ ගෘහ නිර්මාණ ශිල්පය  විදහා දැක්වෙන ගොඩනැගිලි හා මංමාවත් ඉතා හොඳින් සංරක්ෂණය කොට ඇති එංගලන්තයේ හොඳම ජෝර්ජියානු නගරය මේ බාත් නගරයයි. 

DSC06144

Avon ගඟ

මානවයාගේ ඉතිහාසය, නිර්මාණාත්මක හැකියාව හා වටිනාකම් හුවමාරුවේ වැදගත්කම සලකා මෙය1987 සිට  UNESCO සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත.

DSC06160

බාත් නගරය දැන් එංගලන්තයේ වැදගත් සංචාරක ආකර්ෂණයකි.

Advertisements

One thought on “Bath – Roman and Georgian spa city රෝමන් වරුන්ගේ ස්නානාගාර නගරය

  1. මම රැජිණගේ රටට ගොඩ වැදුණු පළමු වතාවෙ කරපු ලොකුම ගොන්කම තමයි බාත් නගරයේ දෙදිනක් පමණක් නැවතීම, ඒ තරමට මේ පළාත මගේ සිත් අර ගත්ත. නගරය හරහා යන ඇවෝන් ගඟ (Avon) වගේම බාත් ඇල මාර්ගය (Bath Canal) බෝට්ටු සවාරියකට වගේම ඇවිදින්නත් කදිමයි. ඒ ඉවුරු දෙපැත්තෙ ඉන්න හංසයෝ, තාරාවෝ සහ ළිහිණින්ට කෑම දෙන එක වගේම ඒ පළාතෙ උදවිය බලු සුරතලුන් ඇවිද්දවන්න එන හැටි හිත සතුටු කරන දෙයක්.

    තවත් අමතක කරන්න බැරි දෙයක් තමයි බාත් දේවස්ථානයේ (Bath Cathedral) වහළ මුදුනට නැග්ගහම මුළු බාත් නගරයේම අංශක 360 ක වපසරිය සම්පුර්ණයෙන් පේනව. මම එහි පින්තූර ගත්තත් වීඩියෝ කරන්න කැමරාවක් නොතිබීම අවාසනාවක් 🙂

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.