විල් දිස්ත්‍රික්කය Lake District – England

DSC04688

සොබා දහමේ හා ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් අලංකාරවී ඇති උතුරු එංගලන්තයේ කම්බ්‍රියා පළාතේ පිහිටි කඳුකර ප්‍රදේශයක් වන විල් දිස්ත්‍රික්කය (Lake District) දේශීය හා විදේශීය සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයකි. ජලාශ, දිය ඇලි, නිල්වන් කඳු, මල්, තුරුලතා, විහඟුන්, මසුන් හා වන සතුන් නරඹන්නන් මන් මත් කරවයි. DSC04938

DSC04701

විශිෂ්ඨ ඉංග්‍රීසි කවියෙකුවූ විලියම් වර්ඩ්ස්වර්ත් අතින්

                           “ I wandered lonely as a cloud

                              That floats on high o’er vales and hills,

                              When all at once I saw a crowd,

                               A host, of golden daffodils;

                               Beside the lake, beneath the trees,

                              Fluttering and dancing in the breeze”

ආදී අමරණිය කවි ලියවෙන්නටත්, Beatrix Potter අතින්  Peter Rabbit කතා ලියවෙන්නටත් ඔවුන්ගේ නිර්මානාත්මක හැඟීම් පුබුදුවාලුයේ  ඔවුන් ජීවත්වූ මේ සුන්දර පරිසරයයි.

Daffodils
Daffodils
00089
Peter Rabbit

එංගලන්තයේ විශාලතම ජාතික උද්‍යානය වන වර්ග කිලෝමීටර් 2300 ක් පමණ වූ  බිම්ප්‍රමානයක් ඇතුලත්වන මේ ප්‍රදේශය වනෝද්‍යානයක් පමණක්ම නොවේ. ආදී කාලින උරුමයක් වූ ගල් වටරවුම්, (Stone Circles) රෝමානු බලකොටු, මධ්‍යකාලීන ආරාම හා ගල් අඟුරු දහනය කිරීමෙන් ලෝහ උණු කිරීම ආදී කාර්මික විප්ලවයේ කාර්යයන්ගේ සිහිවටන මේ ප්‍රදේශයේ පැතිර පවතී. UNESCO සංවිධානය මගින් මේ ප්‍රදේශය 2017 සිට ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත.

DSC06448

මෙහි ජනගහනය 42,000 ක් පමණ වේ. මෙයින් බොහෝ දෙනෙකුගේ ජිවන වෘත්තිය වී ඇත්තේ  සංචාරක ව්‍යාපාරය, වන වගාව, ආකර හා කෘෂි කර්මාන්තය ආදියයි.  ජනයා 3000 කට වඩා ඇති නගර ඇත්තේ තුනක් පමණි. එහෙත් මේ ප්‍රදේශයට වසරකට සංචාරකයන් මිලියන දොළහක් පමණ පැමිණේ. එහෙත් වසර 200 කට පමණ පෙර මේ ප්‍රදේශයට නිවාඩුවට පැමිණියේ ධනවතුන් පමණි. විල් දිස්ත්‍රික්කයේ  ප්‍රධාන විල් 16 ක් පමණ ඇත. එහෙත් විල (Lake) යනුවෙන් හඳුන්වන්නේ එකක් පමණි. අනෙක්වා හඳුන්වන්නේ mere, water වැනි නම් වලිනි.

Windermere

 

DSC04682

P1030142

DSC04696

DSC04707

DSC04713DSC04750P1030145

lake district 473

Windermere Ferry

P1030158

DSC04674

සැතපුම් දහයක් පමණ දිගට විහිදී ඇති Windermere මේ ප්‍රදේශයේ ලොකුම විලයි. මේ අවට ප්‍රදේශය සංචාරකයන්, බෝට්ටු පදින්නන්  හා නිවාඩු ගතකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රියය. Windermere විල් තෙරේ පිහිටි Bowness පැරණිතම ජනාවාසයයි. වසර 150 කට පමණ පෙර සිටම මෙහි මගී ප්‍රවාහන වාෂ්ප නැව් සේවාවක් පැවතින.  මේ විල අසබඩ විල් දිස්ත්‍රික්කයේ උරුමය කියාපාන වාෂ්ප නැව් එකතුවක කෞතුකාගාරයක් පිහිටුවා ඇත.

Ambleside

DSC04749

DSC05070

DSC05073

Ambleside, Windermere විල උතුරු කෙලවර පිහිටි පැරණි නගරයකි. කඳු නගින්නන්, මවුන්ටන් බයිසිකල් පදින්නන් ආදීන් අතර ජනප්‍රිය නගරයකි. දැන් සංචාරක පුරවරයකි.

Ullswater

Ullswater

(Ullswater Boat House ඡායාරුපය අන්තර්ජාලයෙනි)

DSC05053

සැතපුම් හතක් පමණ දිග චිත්තාකර්ශනීය භූ දර්ශනයකින් යුත්  Ullswater විල විල් දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම විලයි. Aira Force නම් දිය ඇල්ල මේ ආසන්නයේ පිහිටා ඇත.

Coniston Water

DSC05108

DSC05103DSC05105

Coniston Water එංගලන්තයේ ගැඹුරුම විලයි. එහි උපරිම ගැඹුර අඩි 184 ක් පමණවේ. මෙය විල් දිස්ත්‍රික්කයේ තුන්වන විශාලතම විල වේ.

Derwentwater

DSC04846DSC04847DSC04851DSC04858

P1030187

Derwentwater සැතපුම් තුනක් පමණ දිගට විහිදී ඇති විල් දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂී ජලාශයකි. මෙය ඉංග්‍රීසි විල් අතර රැජින ලෙස හැඳින්වේ.

Keswick

DSC04876DSC04864

DSC04880

මේ ආසන්නයේ පිහිටි කෙසික් නගරය දර්ශනීය පැරණි වෙළඳ නගරයකි. කාර්මික විප්ලවය සිදුවූ අවධියේ මේ ආසන්නයේ නූල් එතීම සඳහා බොබින් නිෂ්පාදනය කරන කම්හලක් පිහිටා තිබිණ.DSC04986

1958 දී මෙහි නිෂ්පාදනය නවතා ඇති අතර මෙහි තිබු දුම්රිය මාර්ගයද 1972 දී වසා දමා ඇත. දුම්රිය මග තිබු පෙදෙස ඔස්සේ ග්‍රේටා ගඟ දෙපස හා Brundholme වනාන්තරයේ සිරි නරඹමින් සංචාරය කිරීම සඳහා පදික මාර්ගයක් තනා ඇත.

DSC04975

ග්‍රේටා ගඟ

DSC05013

Brundholme Woods

බරෝඩේල් අවට

Honister Pass

P1030211

DSC04895

Honister Slate Mine

DSC04898

17 වන සියවසේ පමණ සිට ක්‍රියාත්මක වන Honister Slate Mine එංගලන්තයේ තවම ක්‍රියාත්මක වන එකම ගල් ආකරයයි. බරෝඩේල් නිම්නයේ පිහිටා ඇති මේ හොනිස්ටර් ප්‍රදේශය වික්‍රමාන්විත ක්‍රීඩා කරන්නන්ගේ ප්‍රධාන නගරය ලෙස සැලකේ.

DSC04928DSC04913

Moss Foece

DSC04885 

Buttermere

P1030218

P1030234

DSC04936

P1030168

 Crummock Water

DSC04946

Bassenthwaite

DSC04959P1030243

Bassenthwaite සැතපුම් තුනක් පමණ දිග දර්ශනීය ජලාශයකි. මෙහි ඉතා දුර්ලභ මසුන් වර්ගයක් වන  Vendace  නම් මිරිදිය මත්සයා වාසය කරයි. එමෙන්ම මේ අවට ප්‍රදේශය දුර්ලභ ශාඛ වර්ග වලට හා පක්ෂීන්ට වාසස්ථානය වී ඇත.

Kirkstone Pass

DSC04775DSC04778

අවුරුදු 500 කට අධික ඉතිහාසයක් ඇති Kirkstone Pass Inn විල් දිස්ත්‍රික්කය පිහිටි කම්බ්‍රියා පළාතේ උසම ස්ථානයේ පිහිටි වාසස්ථානයයි.

Ravenglass and Eskdale Railway

lake district 397

Ravenglass and Eskdale දුම්රිය මග ලෝකයේ පැරණිතම හා දිගම කුඩා පරිමානයේ (narrow gauge) දුම්රිය මගයි. මෙය දර්ශනීය දුම්රිය මාර්ගයක් වනවා පමණක් නොව ඓතිහාසික වශයෙන්ද වැදගත් දුම්රිය මාර්ගයකි.  

DSC02346DSC02325

කාර්මික යුගයේ ආකර කර්මාන්තයට වැදගත් දායකත්වයක් ලබාදුන් මේ දුම්රිය දැන් සංචාරක ව්‍යාපාරයට දායකත්වයක් ලබා දෙයි. මේ දුම්රිය දැන්  Ravenglass සිට Dalegarth දක්වා සැතපුම් 7 ක් ධාවනය වේ. මේ ස්ථාන දෙක අතර නැවතුම් ස්ථාන 7 ක් ඇත.

DSC04797

 

දින කීපයක සංචාරයේ දී නවාතැනවූ පෙන්රිත්හි Wydon Farm Cottage

P1030254

බැලු බැලු අත විසිතුරු දසුන් පෙනෙන විල් දිස්ත්‍රික්කයේ සැරිසැරීම අපුරු අත්දැකීමකි.

එන්.එච්. සමරසිංහ  2017.12.15

Protected by Copyscape

Advertisements

2 Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.