මහනුවර මැද වාසල Queen’s Palace of Kandy

dsc8345.jpg
රෙංගම්මාල් බිසව

රෙංගම්මාල් බිසව

Dalada Maligawa
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

අතීතයේ රජවරුන්ගේ අග බිසෝවරුන්ගේ පරිහරණය සඳහාම වෙන්වූ මාලිගා තිබුණු බව දැකිය හැකිය. එවැන්නකට හොඳම උදාහරණයක් ප්‍රංශයේ ව’ සේල්ස් මාලිගා සංකීර්ණයේ දැකිය හැකිය. අති සුඛෝපබෝගී මාලිගයක්වූ  මෙය අවසන් වරට පරිහරණය කල ප්‍රංශයේ 16 වන ලුවී රජුගේ මෙහෙසිය වූ මාරි ඇන්ටොනට් හට උරුම වුයේ ඛේදජනක ඉරණමකි. එසේම ඛේදජනක ඉරණමක් අත්වූ ලංකාවේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අග මෙහෙසියවූ වෙන්කත රෙංගම්මාල් බිසවටද ඇයගේ පරිහරණය සඳහාම  වෙන්වූ මාලිගයක් තිබී ඇත. මහනුවර ජාතික කෞතුකාගාරයට හා අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරයට මැදිව පිහිටා ඇති  මැද වාසල ගොඩනැගිල්ල ඒ මාලිගයයි. මෙය ලංකාවේ රජ බිසවකගේ පරිහරණය සඳහාම යොදාගත් එකම ගොඩනැගිල්ලයි.

Dalada Maligawa
මැද වාසල

මැද වාසල

Dalada Maligawa
මැද වාසල

අන්රටවල දක්නට ලැබෙන අග බිසෝවරුන්ගේ මාලිගා සමග සසඳනවිට මේ මාලිගය ඉතාමත්ම චාම් ගොඩනැගිල්ලක් බව පෙනේ. මෙහි ඇත්තේ එකම කාමරයක් පමණි.

Dalada Maligawa
මැද වාසල සැලැස්ම

මැද වාසල සැලැස්ම

මෙයට ඇතුළුවන දොරටු විශාල දැව කඳන් යොදා නිමවා ඇතත් කවුළුවේ ප්‍රමාණය කුඩාය. මෙහි දොරවල් සඳහා සරනේරු භාවිතා කොට නැත.  එය ලී වලින්ම පිළියෙළ කොට ඇති අතර දොර අගුළුද පිළියෙළ කොට ඇත්තේ ලි ලිවර වලින්මය. මේ කාමරය අගුලු දැමිය හැක්කේ ඇතුලතින් පමණි. ඇතුළතින්  අගුලු දැමු පසු එය පිටතින් කිසිවෙකුටවත්  විවෘත කළ නොහැකිය.

Dalada Maligawa
චන්ද්‍රවංක උළුවස්ස සහිතදොර

චන්ද්‍රවංක උළුවස්ස සහිතදොර

මේ කාමරයේ ඇඳක් තැබීම සඳහා කට්ට කැපූ ආධාරක හතරක් දක්නට ලැබේ. මේවායේ තිබී හමු වූ ආරක්ෂක මන්තර යැයි විස්වාස කරන තඹ පත්ඉරු හතරක්ද සොයාගෙනඇත. මෙම කුටියේ අතීතයේ දී භාවිතයට ගන්නාලද කැසිකිළි ගලක්ද දක්නට ඇත .

Dalada Maligawa

මෙම ගොඩනැගිල්ලේ කැටයම්සහිත දැව කුළුණු, චන්ද්‍රවංක උළුවස්ස සහිතදොර උළුවහු, දැවවලින් නිර්මිත සරනේරු, කැණිමඩල, පද්ම බොරදම් සහිත මැදමිදුල, ආදියේ මහනුවර යුගයේ වාස්තුවිද්‍යා ලක්ෂණ දැකිය හැකිය. මෙහි මෝස්තර සහිත ඉපැරණි සිතුවම්කොටස්ද දක්නට ඇත.

Dalada MaligawaDalada Maligawa

Dalada Maligawa

මැදමිදුල

Dalada Maligawa

Dalada Maligawa
කැසිකිළි ගල

කැසිකිළි ගල

Dalada Maligawa
මෝස්තර සහිත ඉපැරණි සිතුවම්

මෝස්තර සහිත ඉපැරණි සිතුවම්

ලාංකික අග රැජිනියක වෙනුවෙන් වෙන්වූ එකම ගොඩනැගිල්ල වන මහනුවර මැද වාසල එකල මහ රජුට හැර අන් කිසිවෙකුට ඇතුළුවන්නට අවසර නොතිබුනා විය හැකිය. එදා රැජිනකට ඇප උපස්ථාන කල සේවිකාවන් මේ ගොඩ නැගිල්ල කිසිවෙකුගේවත් ඇස නොගැසෙනසේ  වසන් කළා විය හැකිය. එහෙත් දැන් මේ  වාසල සියලු ලෝක වාසීන්ට විවෘත වී ඇත. එමෙන්ම මේ තුල සිටින සුහදශීලී නිලධාරිණියන් මේ ගොඩනැගිල්ලේ සියලු තොරතුරු ඔබට හෙළි කිරීමට සැදී පැහැදී සිටිති.  ඒ  2016.03.05 දින සිට මෙය කෞතුකාගාරයක් වී ඇති බැවිනි. එහෙයින් ඔබත් නුවර ගිය විටෙක මේ මැද වාසලට ගොඩවදින්න.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.