පැරිස් ඔපෙරා Opéra National de Paris – Palais Garnier

_DSC4635-2

ශාස්ත්‍රීය සංගීතයේ හා නාට්‍යයේ නිවස යයි විරුදාවලිය ලත් දහනමවන සියවසේ  ගොඩනගන ලද පැරිස් ඔපෙරා ගොඩනැගිල්ල පැරිසියේ ඉතා විචිත්‍රවත් ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ ඉහලින්ම ලයර් නම් සංගීත භාණ්ඩය ඉහලට ඔසවා ගෙන සිටින ඇපලෝ දෙවියාගේ පිළිරුවකි. දෙපසින් නැටුම් හා සංගීතය පිළිබිඹු කෙරෙන රන් වන් පැහැයෙන් දිදුලන මුර්ති දෙකකි.

_DSC4635

Poetry by Gumery

Harmony by Gumery

ගොඩනැගිල්ලේ පිටත පේකඩ හා කුළුණු ආදිය නාට්‍ය කලාවේ හා  සංගීතයේ වැදගත් විවීධ පුද්ගලයන්ගේ පිලිරු වලින් හා කළා කෘති වලින් අලංකාර කොට ඇත.

_DSC4720

Bronze bust of Beethoven

_DSC4726

Poetry by Jouffroy

_DSC4724

_DSC4715

Lyrical Drama by Jean-Joseph Perraud

_DSC4723

Instrumental Music by Guillaume

_DSC4716

The Dance by Jean-Baptiste Carpeaux

DSC07747

පිටත විදුලි පහන්

Beaux කළා සම්ප්‍රදාය අනුව යමින් විශාල විදුරු විදුලි පහන්, මාබල්     පියගැට පෙලවල් රන් පැහැය ආලේපිත මුර්ති හා කැටයම් ආදියෙන් ගොඩනැගිල්ල සමලන්කෘතය

1858 දී තුන්වන නැපෝලියන් රජු එකල තිබු ඔපෙරා ශාලාවට පැමිණෙද්දී එල්ලවූ ප්‍රහාරය හේතුවෙන්   පැරිසිය නැවත සැලසුම් කිරීමේදී ඔහුට වඩාත් ආරක්ෂිතව පැමිණිය හැකි ඔපෙරා ශාලාවක් නිර්මාණය කිරීමට තුන්වන නැපෝලියන් රජු තීරණය කළේය. ගොඩනැගිල්ලේ සැලැස්ම නිර්මාණය කිරීමේ තරඟයෙන් ජය ලබාගන්නා ලද්දේ ගෘහ නිර්මාණ ශිල්පී  Charles Garnier විසිනි.

_DSC4729

Charles Garnier

1861 දී මෙය ගොඩනැගීමට ආරම්භ කල අතර 1875 දී වැඩ අවසන් කොට ස්පාඥයේ දොළොස්වන අල්ෆොන්සෝ රජු, ලන්ඩන් නගරාධිපති ඇතුළු 2000 පමණ සම්භාවනීය අමුතන්ගේ ප්‍රධානත්වයෙන් 1875 ජනවාරි මස 5 වන දින විවෘත කෙරින. පැරිස් ඔපෙරාව ලෝකයේ ජනප්‍රියතම හා  විශාලතම ඔපෙරා ශාලාවලින් එකකි. දිග මීටර් 173 ක් හා පළල මීටර් 125 ක් වන එහි ආසන 2200 පමණ ඇති අතර  වේදිකාව මීටර් 52දිග මීටර් 37 පළල මීටර් 66 උස නළුවන් 450 කට පමණ එකවර සිටිය හැකි විශාල එකකි.

DSC07635_DSC4639

ප්‍රවේශ ශාලාව  Rotonde des Abonnés

DSC07663

පියගැටපෙළ

DSC07642

පියගැට පාමුල පහන්

මෙහි විවධ වර්ණවල මාබල් වලින් නිමකළ ප්‍රධාන පියගැටපෙළ ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ ඇති චිත්තාකර්ශනීය නිමැවුමකි.

_DSC4643

ඇපලෝගේ ජයග්‍රහණය

එහි සීලිම Isidore Pils විසින් ඇපලෝගේ ජයග්‍රහණය සිතුවම් කොට ඇත.

_DSC4659

Grand Foyer

පියගැටපෙලින් ඇතුළුවන ශාලාව අති විශේෂිත එකකි. දිගින් මීටර් 154 ක් හා පළලින් මීටර් 13 ක් හා මීටර් 18ක් උස මේ Grand Foyer නම් ශාලාවෙහි සීලිම Paul Baudry විසින් සංගීතයේ විවිධ අවස්ථා සිතුවම් කොට ඇත.

_DSC4656_DSC4653_DSC4649

Grand Foyer ශාලාවෙහි සීලිම

DSC07716

The Loggia

අශ්ව ලාඩමක හැඩයක් ගන්නා පස් මහලකින් යුත් ප්‍රධාන නාට්‍ය ශාලාව රතු වෙල්වට් වලින් හා රන්වන්පාටින් කළ කැටයමින් අලංකාර කොට ඇත.

DSC07670DSC07672

_DSC4682

මේ ශාලාවේ සවිකොට ඇති  ටොන් හතක් පමණ බරැති විදුලි බුබුළු 340 කින් පමණ සමන්විත අති විශාල විදුලි පහන Charles Garnier ගේ සැලසුමකි.

_DSC4696

අති විශාල විදුලි පහන

ඒ වටා 1964 දී ඇඳ ඇති සිතුවම් Marc Chagall ගේය. වරෙක මේ විදුලි පහන කඩා වැටී එක් අයෙක් මියගිය බවට වාර්තාවී ඇත. Marc Chagall ගේ සිතුවම්ද සමහරුන්ගේ විවේචනයට භාජනයවී ඇත.

DSC07656

නාට්‍යය අතර විවේකයේදී නරඹන්නන්ට පහසුවෙන් රැස්විය හැකි ශාලා ගොඩනැගිල්ලෙන් පහසුවෙන් පිටවිය හැකි පියගැටපෙළ ආදිය රැසකි.

DSC07681_DSC4670

The Rotonde du Glacier

නාට්‍ය කෞතුකාගාරයක්, පුස්තකාලයක්, වස්ත්‍රාභරණ සැකසුම් හල්, ආපන ශාලා සමරු භාණ්ඩ අලෙවි හලක් ආදියද ගොඩනැගිල්ල තුල පිහිටුවා තිබේ

DSC07738DSC07736DSC07728_DSC4700

කෞතුක භාණ්ඩ

_DSC4708

පුස්තකාලය

_DSC4712

සමරු භාණ්ඩ අලෙවි හල

මේ ගොඩනැගිල්ලේ ඇති විචිත්‍රවත් භාවය එකල රාජ්‍ය පාලකයන් හා ප්‍රභූ ජනතාව සම්භාව්‍ය සංගීතයට හා නාට්‍ය වලට ඉමහත් ඇල්මක් දැක්වූ බව අපට පසක් කරවයි.

එන්.එච්. සමරසිංහ  2007.12.31

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.