මුල්ගිරිගල රජමහා විහාරය Mulgirigala Rajamaha Viharaya

 

දකුණුදිග වෙරළ බඩ තැනිතලාවේ දකුණු දෙසින් පිහිටි ශේෂ කඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන මුල්ගිරිගල කන්දේ ස්වභාව සෞන්දර්යය වඩාත් ඔපවත් කොට ඇති පුද බිමකි  මුල්ගිරිගල රජ මහා විහාරය.

DSC02484

මෙහි ඇති ක්‍රි.පූ.3 වන සියවසට පමණ අයත් වෙතැයි සැලකෙන අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛනයක දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු ගැන සඳහන් වී ඇතැයි කියවෙන බැවින් මෙය ඒ කාලයේ සිටම පැවත එන පුද බිමක් ලෙස සැලකේ. වංශ කතාවලට අනුව  ක්‍රි.පූ.2 සියවසේ පමණ කාවන්තිස්ස රජු ඉදිකළ බව පැවසෙන හැට හතරක් විහාරාම අතරින් සමුද්‍රගිරි විහාරය ලෙස හැඳින්වෙන්නේ මෙය යයි විද්වතුන් සලකති.

දැනට දක්නට ලැබෙන මේ විහාරස්ථානය තුන්වන සියවසේ රජකළ ජෙට්ඨතිස්ස රජු විසින් ආරම්භ කල බව කියවෙන අතර   එය ධාතුසේන, වළගම්බා, කිර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරුන්ගේ රාජ්‍ය කාලවලදීත් සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කල බව පෙනෙන්නට ඇත.

මුල්ගිරිගල විහාර සංකීර්ණය පිහිටා ඇති කඳු ගැටය හෙල් මලු ගණනාවකින් හා ලෙන් 25 කින්  පමණ සමන්විත වෙයි.  ඉන් මලු පහක ඇති ලෙන් හතක්  විහාර මන්දිර බවට පත්කොට ඇත.  

මේ විහාර සංකීර්ණයේ පහළින්ම ඇත්තේ සියඹලා මලුවයි. එහි මුල්ගිරිගල කෞතුකාගාරය, පන්සල හා විශ්‍රාම ශාලාව පිහිටා ඇත.

DSC02502

පහල මලුව

සියඹලා මලුවට ඉහලින් පහල මලුව පිහිටා ඇත. එහි ස්ථුපයක්, බෝධියක්, රජ මහා නාලෙන් විහාරය, පදුම රහත් විහාරය, පැරණි සිමා මාලකය, භාණක ලෙන, සෙල් ලිපියා හා ගිරි ලිපිය ආදිය ඇත.

DSC02503

බෝධිය

DSC02506

ගිරි ලිපිය

රජ මහා නාලෙන් විහාරය

DSC02490

DSC02488

සමන්, කතරගම, විෂ්ණු හා විභීෂණ දෙවිවරුන්ගේ රූප

රජ මහා නාලෙන් විහාරය 1808 දී කල බව සඳහන්වේ. මේ තුල උඩරට පිළිම සම්ප්‍රදාය අනුව නෙලූ බුදු රජානන්වහන්සේගේ  ඔත් පිළිමයක්,  දකුණුපස බිත්තියේ සමන්, කතරගම, විෂ්ණු හා විභීෂණ දෙවිවරුන්ගේ රූප හා  සිවිලිමේ සූ විසි විවරණ  සිතුවම් කොට ඇත.DSC02489

DSC02491DSC02494

පදුම රහත් විහාරය

DSC02498DSC02499

තෙලපත්ත හා වෙස්සන්තර ජාතක කතා

පදුම රහත් විහාරය තුලද උඩරට පිළිම සම්ප්‍රදාය අනුව නෙලූ බුදු රජානන්වහන්සේගේ  ඔත් පිළිමයක් නෙලා ඇත. පිළිමය ඉදිරිපස බිත්තියේ තෙලපත්ත හා වෙස්සන්තර ජාතක කතා ඉතා සිත්ගන්න සුළු ආකාරයෙන් සිතුවම් කොට ඇත.

මැද මලුව  

DSC02508

මැද මලුවෙහිද ඔත් පිළිමයක් සහිත කුඩා ලෙන් විහාරයක්, බෝධියක්, ස්ථුපයක් හා සංඝාවාසයක් ඇත. මේ ලෙන් විහාරය තුල හිමාල වනය, උතුරුකුරු දිවයින, අනෝතප්ත විල ආදිය සිතුවම් කර ඇත.

DSC02567

DSC02568DSC02569DSC02570DSC02571DSC02572

රජමහ විහාර මලුව

මීළඟට ඇත්තේ රජමහ විහාර මලුවයි. මේ මලුව තුලලෙන් විහාර හතරකි. මුලින්ම බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් පෑම දැක්වෙන ඔත් පිළිමය සහිත විහාර ගෙයයි. එහි පිරිනිවන් පෑම පිලිබඳ සිතුවම් ඇඳ ඇත.

DSC02542DSC02545DSC02547DSC02549

ඊට මඳක් ඉහලින් පරණ විහාරේ හෙවත් රජමහ විහාරේ පිහිටා ඇත. මෙහිද ඔත් පිළිමයක් හා පද්මාසන මත අභය මුද්‍රාවෙන් නෙලා ඇති හිටි පිළිම වහන්සේලා අට නමකි. බිත්තිවල තෙලපත්ත ජාතකය, සිවි ජාතකය හා සොලොස්මස්ථානය දැක්වෙන  සිතුවම්ය.

ඊළඟට ඇත්තේ  අලුත් විහාරය නමින් හැඳින්වෙන විහාරයයි. මෙහි ඇතුළුවන දොරටු දෙක දෙපස සතර වරම් දෙවි වරුන්ගේ රූප අඹා ඇත. මෙහිද ඔත් පිළිම, හිඳී පිළිම හා හිටි පිළිම දක්නට ලැබේ. බෝධිසත්ව පිළිමයක්ද මෙහි වෙයි.

DSC02521DSC02523DSC02525DSC02528DSC02529DSC02531DSC02532

DSC02527

DSC02540

DSC02517DSC02518

මේ මලුව කෙලවර මෑත කාලයේදී කරවන ලද නාග විහාරය පිහිටා ඇත. මෙහිද ඔත් පිළිමයක් හා ඉඳී පිළිමය කි. මේ විහාරය ඉදිරිපස පොකුණක්ද ඇත. මේ විහාරය හා පොකුණ පිලිබඳ බොහෝ ජනප්‍රවාද පවතී. DSC02511DSC02516

පොකුණ

DSC02509

උඩහ මලුව

උඩහ මලුවේ ස්ථුපයක්, දෙතිස් පලරුහ බෝධිය, ඝණ්ටාර කුළුණක් ආදිය ඇත.

DSC02551DSC02552DSC02554

උඩ මළුවට පිවිසෙන පියගැට පෙළDSC02555

උඩ මළුවේ ස්තුපය

DSC02560DSC02561

උඩ මළුවේ බෝධිය

DSC02566DSC02567DSC02565

මුල්ගිරිගල බොහෝදෙනාගේ අවධානයට යොමුව ඇත්තේ එහි දක්නට ලැබෙන මනරම් බිතුසිතුවම් නිසාවෙනි. ක්‍රි.ව. 1732 දී පමණ මෙහි පැමිණි ඉතිහාසඥයෙකු වන ජර්මන් ජාතික Wolfgang Hydt මහතා  විදේශික චිත්‍ර ශිල්පියෙකු ලවා සමහර සිතුවම් පිටපත් කරවාගෙන ඇත.

ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ William Daniell මහතා (1769 – 1837) විසින් මුල්ගිරිගල ආශ්‍රිතව අඳින ලද සිතුවමක් යටත්විජිත සමයේ ආණ්ඩුකාරයාගේ නිවසේ තබාගෙන සිට ඇත. පසුව ජනාධිපති නිවස භාරයේ  තිබු මේ සිතුවම අවතැන්විම පිළිබඳව විශාල ආන්දෝලනයක්ද ඇතිවිය.

දැනට දක්නට ලැබෙන මුල්ගිරිගල සිතුවම් 18 වන සියවසෙන් පසුව අඳින ලද ඒවාය. පදුම රහත් විහාරයේ ඇති  තෙලපත්ත, වෙස්‌සන්තර යන ජාතක කතා 19 වන සියවසේ මැද භාගයේ පමණ සිතුවම් කරන්නට ඇතැයි විශ්වාසකෙරේ.

මුල්ගිරිගල සිතුවම් සම්ප්‍රදායන් කීපයකට නෑකම් කියන බව පෙනේ. දීප්තිමත් වර්ණයන්ගෙන් අඳින ලද සමහර සිතුවම් මහනුවර සම්ප්‍රදායට අයත්ය. මහනුවර දෙවරගම්පල සිල්වත් තැන හා කටුවන සිල්වත් තැන සමහර සිතුවම් නිමකොට ඇති බවට මතයක් වේ.

මහනුවර යුගයේදී අඳින ලද සමහර  මුල්ගිරිගල සිතුවම් තුල  මහනුවර සම්ප්‍රදාය ඉක්මවාගිය සුවිශේෂී ලක්ෂණ දැකිය හැකිය. මිනිස් රූපවල ඉරියව් ඉතා තාත්විකව හා සෞන්දර්යාත්මක අගය ඉස්මතුවන ආකාරයෙන් නිරුපනය කොට ඇත. ඉන් පෙර යුගවල සිතුවම් අතර දක්නට නොලැබෙන ආකාරයේ තේමා සහිත සිතුවම් එලි දැක්වීමට මුල්ගිරිගල ශිල්පින් සමත්වී ඇත. එමෙන්ම  ඒවායේ වර්ණ රටා උඩරට සම්ප්‍රදායෙන් බැහැර වී රුහුණට විශේෂිතවූ වර්ණ රටාවකින් හැඩගැන්වී ඇත.   තෙලපත්ත ජාතකයේ  පෙරහර ජවනිකාව, වාදකයන්ගේ ගේ සිතුවම්, බෙරයක් වයන කාන්තාව   ආදී  චිත්‍ර ඊට උදාහරණ ලෙස දැක්විය හැක.  එමෙන්ම වල රුහුණට ආවේනික ආහාර වර්ගද, (කිරි පැණි, කෙසෙල්) නැටුම් ශිල්පීන්ගේ ඇඳුම් ආදියද එම සිතුවම් තුල දැකිය හැකිය.

DSC07221

සමහර සිතුවම් වලට යුරෝපිය අභාෂය ලැබී ඇතිබව පැහැදිලිය. සිතුවම් වල දක්නට ලැබෙන සංකීර්ණ වර්ණාවලිය,  මල් සහිත කොළවලින් සැදි රටා, සිතුවම් වල දැක්වෙන ගොඩනැගිලි, තාත්වික ත්‍රිමාන දර්ශන, රාමුවකට සීමාවූ සිතුවම් ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය.

DSC02536

මල් සහිත කොළවලින් සැදි රටා  

මේ විහාරවල දක්නට ලැබෙන මකර තොරණ දොරටුපාල රුප ඇතුළුවන හා දොරටුවල ඇඳ ඇති රූ කම්ද මනරම්ය.

DSC02530

දොරටුවල ඇඳ ඇති රූ

18 වන ශතවර්ෂය වනවිට  වල් බිහිව තිබූ මුල්ගිරිගල රජ මහා විහාරය   වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ නායකත්වයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට ඇත. කරතොට ධර්මාරාම නා හිමියන්ගේ කාලයේදී ලන්දේසීන්ගේ අනුග්‍රහයද ලබාගෙන ඇත.

1972 දී පමණ සීගිරියේ විනාශකළ බිතුසිතුවම් ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි මහතා මුල්ගිරිගල සිතුවම් සංරක්ෂණය කිරීම සඳහාද දායක වී ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 670 ක් පමණවූ උස ගල් පර්වතයක පිහිටි මුල්ගිරිගල රජ මහා විහාරය පියගැට 550 ක් පමණ තරණය කොට වන්දනාවේ යන බොදු බැතිමතුන්ට අගනා පින් බිමකි, සෞන්දර්යය සොයා යන සංචාරකයනට අගනා කලාගාරයකි.

mulgirigala

එන්.එච්. සමරසිංහ  2018.01.10

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.