දර්ශණීය නැගෙනහිර වෙරළ – Spectacular Eastern Coast of Sri Lanka

_DSC7362

 

ශ්‍රී ලංකාවේ දේශ සීමාව වසර දහස් ගණනක් තිස්සේ නොවෙනස්ව පවතින්නේ ශ්‍රී ලංකාව වටා ඇති සුන්දර වෙරළ තීරය නිසාවෙනි. රටේ කුමන පෙදෙසකදී වුවත් මේ  වෙරළ  සංචාරකයනට ඉමහත් ආස්වාදයක් ලබාදෙයි. එහෙත් ගමනාගමන, නවාතැන්, ආහාර ආදී නොයෙක් පහසුකම් නිසා බොහෝ දෙනාගේ ගමනාන්තයන් වී ඇත්තේ දකුණු හා නිරිත දිග ප්‍රදේශවල මුහුදු වෙරළවල්ය. මේ වෙරළ තීරයන්ට සාපේක්ෂව නැගෙනහිර පළාතේ වෙරළ තීරයන් වෙත දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ  අඩුවක් ඇතත් ඒ පෙදෙස්වල වෙරළේ චමත්කාරයේ අඩුවක් නොමැත. අප්‍රේල් මාසයේ පමණ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ  නැගෙනහිර වෙරළ, ලෝකයෙන්ම ඉතා හොඳ  නිසල වෙරළ තිරයක් ලෙස පිළිගැනේ.

ත්‍රිකුණාමලය ආසියාවේ ඉතා පැරණි වරාය නගරයකි. ක්‍රි.පු. 505 දී පමණ ශ්‍රී ලංකාවේ රජුවූ පඬුවස්දෙව් කුමාරයා සිංහපුරයේ සිට පැමිණ ගොඩ බැස්සේ එවකට ගෝකන්න නැතහොත් සිරි ගෝනමල යනුවෙන් හැඳින්වූ වර්තමාන ත්‍රිකුණාමලයටයි.

_DSC7364  _DSC7369 _DSC7557 _DSC7524_DSC7501_DSC7499_DSC7481 ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලයට උතුරෙන් පිහිටි නිලාවෙලි හා උප්පුවේලි වෙරළවල්  ඉතා ජනප්‍රිය මුහුදු වෙරළ තීරයන්වේ. එමෙන්ම නිලාවේලි වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ මුහුදු ගමනකින් පසු ලඟාවිය හැකි ශ්‍රී ලංකා නාවික හමුදාව බලා ගන්නා  පරෙවි දුපත ජාතික උද්‍යානයද ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. එහි මෘදු සුදු වැලි තලාවෙන් යුත් වෙරළ, ගල් තලාවෙන් වටවූ නොගැඹුරු මුහුද, කොරල් පර හා දීප්තිමත් මසුන් සංචාරකයන්ගේ මන් මත් කරවයි. මේ පෙදෙස් පිහිනීමට, කිමිදීමට පමණක් නොව තල් මසුන් දැක ගැනීමට හැකි පෙදෙසක් ලෙසද ජනප්‍රිය වී ඇත.

_DSC7472

නිලාවෙලි

ත්‍රිකුණාමලය ස්වාභාවික වරාය තුල පිහිටි මාබල් බීච් වෙරළ තීරයද තවත් ඉතා සිත් ගන්නා සුළු වෙරළකි. ඉතා පිරිසිදු නිල්වන් නිසල මුහුදු ජලය හා සියුම් වැලි තලාව මාබල් බීච්හි විශේෂත්වයයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාබල් බීච් වෙත පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සපයනු ලැබේ.

_DSC7587
_DSC7588_DSC7601

මාබල් බීච්

මඩකලපුවට කිලෝමීටර් 30 ක් පමණ උතුරෙන් පිහිටි කල්කුඩා හා පාසිකුඩා වෙරලාසන්න මුහුදද පිහිණීම ආදිය සඳහා ඉතා ආරක්ෂාකාරී කිලෝ මීටරයකට වඩා ඈතට  විහිදුනු  නොගැඹුරු වෙරළකි. ජල ක්‍රීඩා පුහුණුවන ආධුනිකයන්ට ඉතා හොඳ වෙරළකි.  මේ පෙදෙස්වල මෑතකදී ඉතා සුඛෝපභෝගී හෝටල් ආරම්භකොට ඇත.

_DSC7683_DSC7688_DSC7693_DSC7697

_DSC7635

පාසිකුඩා

_DSC7748

සින්නමුතුවාරම්

_DSC7762_DSC7765_DSC7767_DSC7768

අරුගම්බේ

පොතුවිල් ධිවර ගම්මානය ආසන්නයේ පිහිටි අරුගම්බේ වෙරළ සර්ෆින් ක්‍රීඩාව සඳහා ඉතාමත්ම යෝග්‍ය ප්‍රදේශයක් බවට පිළිගැනේ. ජ්‍යාත්‍යන්තර සර්ෆින් තරඟද මෙහි පැවැත්වේ. ආරුගම්බේහි රළ පහරේ ජවය අත්විඳින්නට ලෝකයේ නන් දෙසින් සර්ෆ් ක්‍රීඩා ලෝලියෝ මෙහි පැමිණෙති.

Eastern Coast Map

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.