වර්සේල්ස් උද්‍යානය Versailles Gardens

DSC00037

පැරිස් නගරයට කිලෝමීටර් 20 ක් පමණ නිරිත දෙසට වන්නට ප්‍රංශ රජ පරපුර මහත් අභිමානයෙන් ජීවත්වූ වර්සේල්ස් මාලිගය අද ප්‍රංශයේ ඉතාමත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. රන් වන් පාටින් නිමකළ ආකර්ශනීය කැටයම්, සිතුවම්, ප්‍රතිමා, ගෘහ භාණ්ඩ, අරුමෝසම් බඩු ආදියෙන් සපිරි ගිනිය නොහැකි තරම් කාමර හා ශාලා හා  පියගැටපෙල ආදියෙන් යුත් අතිවිශාල මාලිගය බැලීම පැරිසියට යන බොහෝ දෙනෙකුගේ  බලාපොරොත්තුවකි. හතරවන හෙන්රි රජුගේ දඩබිම වූ වර්සේල්හි  ඔහුගේ පුත් 13 වන ලුවී ඉදිකළ දඩබිමේ නවාතැනක්  ලෙස ආරම්භ කළ ස්ථානය මෙතරම් ආකර්ශනීය තැනක් වනු ඇතැයි එකල කිසිවෙකුත් සිතන්නට නැත.

5

ප්‍රධාන රජමාලිගය පමණක් නොව Grand Trianon හා මාරි අන්ටනෙට් බිසවගේ ප්‍රියතම ස්තානයවූ  Petit Trianon ආදී මාලිගයන්ද මේ පරිශ්‍රයේ ඇති ආකර්ශනිය ගෘහ නිර්මාණයන් වේ.

34

මේ මාලිගා සංකීර්ණයට අයත්වන උද්‍යානය මාලිගයේ පසුබිම අලංකාර කරයි. හෙක්ටයාර 800 ක් පමණ වන මාලිගයේ භූමියෙන් බොහෝ ප්‍රදේශ Andre Le Notre ගේ සැලසුම් වලට අනුව අලංකාර උද්‍යාන බවට පත්කොට ඇත. මේ උද්‍යානය විශාල ජල තටාක 34 ක්, වතුර මල් 50 ක්, කිලෝ මීටර් 5.5 ක් වන විශාල ඇල මාර්ග, සමාන්තරව වගාකළ විශාල ගස් වලින් යුත් මාර්ග, වර්ණවත් මල් හා තණ බිම්, පැරණි පුරාවෘත වල එන දෙවඟනන්, දෙවිවරුන්ගේ හා වීරයන්ගේ ප්‍රථිමා ආදියෙන් අලංකාර කර ඇත.   වර්සේල්ස් මාලිගය බැලීමට වසරකට එන  මිලියන 10 ක් පමණවන සංචාරකයන්ගෙන් බොහෝදෙනෙක් මේ උද්‍යානයේ අසිරිය අත්විඳීමට දින කීපයක් වුවද ගතකිරීමට නොපැකිළෙති

ලැටෝනා වතුර මල latona’s fountain

76

Ovid ගේ Metamorphoses හි දැක්වෙන කතන්දරයක් පිළිබිඹු  කරමින් ඉදිකර ඇති ලටෝනා වතුර මලේ ඇපලෝ හා ඩයනා ගේ මව වන ලැටෝනා තම දරුවන් ලිකියානුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමත්, ලිකියානුවන් ගෙම්බන් බවට පත් කිරීමත් නිර්මාණය කර ඇත.

ඇපලෝන් වතුර මල  apollo’s fountain

8

හිරු නැගීම සංකේතවත් කරමින් ඇපලෝ ඔහුගේ රථය පදවාගෙන ජලයෙන් ඉපිල එන ආකාරයට මෙය නිර්මාණය කර ඇත.

ඩ්රැගන් වතුර මල  Dragon fountain

9

වර්සේල්ස් උද්‍යානයේ ජල මල් අතර වැඩිම උසකට විහිදෙන( මීටර් 27) ඩ්රැගන් ෆවුන්ටන් හි ඇපලෝ විසින් හීයකින් විද  Python ඝාතනය කිරීම දැක්වේ.

නෙප්චුන් වතුර මල Neptune fountain

Parc_de_Versailles,_bassin_de_Neptune,_vue_générale

(පින්තුරය from Wikipedia)

24

The four seasons fountains

සෘතු හතර සංකේතවත් කරමින් රාජකීය මාවතට සමාන්තරව ස්ප්රිං  ෆවුන්ටන්  (ෆ්ලෝරා ෆවුන්ටන් ), සමර් ෆවුන්ටන් (සෙරස් ෆවුන්ටන් ) ඕටම්  ෆවුන්ටන්  (බැක්ෂස් ෆවුන්ටන් ) සහ වින්ටර් ෆවුන්ටන් (සැටර්න් ෆවුන්ටන් ) 1670 ගණන් වලදී ඉදිකර ඇත.

Fountains of the fight of the animals

25

සතුන්ගේ සටන් අවස්තාවන් යථාර්තවාදී ලෙස දක්වා ඇති කර ඇති ජල නිර්මාණයකි. ජයග්‍රාහි සත්වයාගේ ජල දහර ඉහළටත් පරාජිතයාගේ ජල දහර පහළටත් විහිදෙන ආකාරයෙන් නිමවා ඇත.

පිරමිඩ් වතුර මල Pyramid Fountain

12

10

The Colonnade

26

මීටර් 32 ක් විෂ්කම්භය ඇති කුළුණු 32 කින් සමන්විත, කුළුණු අතර ජල දහරා 32 ක් ඇති රවුම් හැඩයේ අලංකාර නිර්මාණයකි. ඒ මධ්‍යයේ Francois Girardon හේ සුප්‍රසිද්ධ නිර්මාණක් වන Rape of Proserpine   මුර්තිය පිහිටුවා තිබේ. The Colonnade නම් නිර්මාණය භෝජන සංග්‍රහ, නාට්‍ය ආදියට යොදාගෙන ඇත.

ග්රෑන්ඩ් ඇල Grand Canal

31

මීටර් 1600 ක් පමණ  දිගින් සහ මීටර් 62 ක් පමණ පළල සමග වන මේ ඇල හරහා Petit ඇලද කුරුසාකාරයෙන් වැටි ඇත. ඒ එනුව මෙහි මුළු දිග කිලෝ මීටර් 5.5 ක් පමණ වේ. දෙපස ක්‍රමවත්ව සිටුවා ඇති බීච්, ඕක් ආදී ගස් වලින් එය අලංකාරය. උද්‍යානයේ පහලින් පිහිටි මේ ඇලට ඉහල ඇති ජල තටාක වලින් බැසයන ජලය නැවත ප්‍රයෝජනයට ගැනීමට එක්රැස් කරගනී.

The Orangerie

DSC00480

දොඩම්, ලෙමන්, දෙළුම් ආදී ගස් 1000 කින් පමණ සමන්විත The Orangerie නමින් හැඳින්වෙන උද්‍යානයක් මාලිගයේ පහල කොටසේ පිහිටුවා ඇත.

Parterres

DSC00460

Groves & Walks

DSC00108DSC0010643

Royal Walk

2

Infants’ Walk

1

Infants’ Walk

13

Marmousets

ප්‍රථිමා

17

14 වන ලුවී රජ

Water Parterres

DSC00124

30

292728

Vase

DSC00495

Flora

33DSC0003711

35

Versailles Book JPEG Page 23

සබැඳි  වර්සේල්ස් රජ මැදුර THE PALACE OF VERSAILLES – CHÂTEAU DE VERSAILLES

එන්.එච්. සමරසිංහ  2018.02.20

Protected by Copyscape

Advertisements

1 Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.