Wild Atlantic Way Across Connemara කොනමාරා හරහා

 

යුරෝපයේ  බටහිර අන්තයේ පිහිටි අයර්ලන්තයේ සිතියම දකින විට මට ඇතිවන්නේ කෙනෙකුගේ  උකුලේ සුව පහසුවෙන් වාඩිවී සුරතල් වෙන සතෙකුගේ සිතුවමක් දකිනවා වැනි සුන්දර හැඟීමකි. මේ සුන්දර දිවයින සියසින්ම දැකීම ඊටත්වඩා චමත්කාරජනක හැඟීම් කුළුගන්වයි. නිල්වන් තැනිතලා, ගලායන නිල්වන් දිය දහරා, කඳු මුදුන්, ඒ පාමුල දැකුම්කලු විල්, ප්‍රපාතාකාර බැවුම් සහිත මුහුදු වෙරල, විවිධාකාර භූ රූප, වර්ණවත් වන මල්, සාමකාමී ගම්මාන, රස මෙවුලින් සපිරි අවන්හල්, මියුරු සංගීතය ආදිය අත්විඳින්නට ලැබීම ඇත්තෙන්ම සොඳුරු අත්දැකීමකි.

අයර්ලන්තයේ සොබාසිරි නරඹන්නට යන සංචාරකයින් නොවරදවා යන ගමන් මගකි, බටහිර වෙරල ඔස්සේ දිවෙන  Wild Atlantic මාර්ගය. මේ අතරින්ද ගොල්වේ සිට කොනමාරා හරහා යන මාර්ගය බෙහෙවින් දැකුම්කළුය

P1020907P1020905

Galway Bay

ගොල්වේ නගරයට දකුණින් මුහුදුබඩ මාර්ගය ඔස්සේ ගියවිට Gortmore ගම්මානයේ දැකුම්කලු පරිසරයක පිහිටි, 1916 අප්‍රේල් කැරැල්ලේ නායකයෙකු වූ   Patrick Pearse මහතාගේ නිවාඩු නිවාසය පිහිටා ඇත. කෞතුකාගාරයක් මෙන් පවත්වාගෙනයන  මෙහි දැන් ඒ මහතාගේ දේශපාලන හා පෞද්ගලික ජිවිතයේ විශ්ෂිත දේ ප්‍රදර්ශනය කෙරේ.

DSC04121-001

P1020925

Patrick Pearse Cottage

මේ මාර්ගයේ තවදුරටත් ගමන් කරනවිට Roundstone නම් කොනමාරාහි ඉතා ලස්සන නගරය හමුවේ. එහි වර්ණවත් නිවාස පේලි හා කුඩා වරාය සිත්ගනා සුළුය. 1820 දී පමණ ගොඩනගන ලද මේ නගරයේ අවන්හල් වල ඇති අයිරිෂ් කෑම වර්ග හා නැවුම් මුහුදු ආහාර සංචාරකයින් අතර ජනප්‍රිය වී ඇත.

P1020936

Twelve Bens

P1020944

DSC04130

DSC04141

Roundstone Harbour

DSC04145DSC04152

Roundstone

අයර්ලන්තයට ආවේනික බොහෝ දුර්ලභ වන මල් ආදිය මේ ප්‍රදේශයේදී දැකගත හකිය. අයර්ලන්තයේ සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩයක් වන Bodhran Drum  නම් වාද්‍ය භාණ්ඩය මේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරයි.

DSC04188

Twelve Bens

P1020975

Clifden කොනමාරා ප්‍රදේශයේ ප්‍රධාන නගරයයි. මෙය සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය නගරයකි. 1907 දී පළමුවන ගුවන්විදුලි පණිවුඩය යවන ලද්දේ මෙහි පිහිටි ගුග්ලිඑල්මෝ මාර්කෝනි මද්‍යස්ථානයේ සිට කැනඩාවටයි. කොනමාරා පෝනි සංදර්ශනය (Connemara Pony Festival) හා කලා උත්සවය මෙහිදී පැවැත්වෙන විශේෂ උත්සවයි.   Twelve Bens නමින් හැඳින්වෙන කඳු පන්තිය හා කොනමාරා ජාතික උද්‍යානය  මේ  ආසන්නයේ පිහිටා ඇත. ගවේෂකයන්, කඳු නගින්නන්, ඡායාරුප ශිල්පින් ආදීන්ගේ ජනප්‍රිය ගමනාන්තයකි, ක්ලිෆ්ඩෙන්.

DSC04155

Clifden

DSC04158

Connemara Pony Festival

DSC04165

Clifden

 

DSC04172DSC04175

Clifden

Clifden හා Letterfrack ප්‍රදේශ පසුකොට N 59 මග ඔස්සේ ඉදිරියට යනවිට මුණ ගැසෙන තවත් සුවිශේෂී ස්මාරකයකි, Kylemore Abbey හා වික්ටෝරියානු වත්ත (Victorian Walled Garden) . අඩි 1700 ක් පම උස්වූ Druchruach කන්ද පාමුල Pollacappul විල අසබඩ  1867 දී පමණ මැන්චෙස්ටර් නගරයේ ධනවත් රෙදි නිෂ්පාදකයෙකුවූ Mitchell Henry විසින් Kylemore Abbey ඉදිකර ඇත.  දැන් මෙය බෙනඩික්ටයින් ආරාමයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

DSC04199DSC04205-001

Kylemore Abbey

මේ  ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයේදී  වික්ටෝරියානු වත්ත,  ගොතික් දේවස්ථානය ආදියද දැකගත හැකිවන අතර  සමරු භාණ්ඩ අලෙවිහලින් මෙහි නිපදවන අත්කම් භාණ්ඩ ආදිය මිලට ගත හැකිය. මෙහි පවත්වාගෙන යනු ලබන භෝජනාගාරයේදී ප්‍රනීත අයියිරිෂ් කෑම, බීම රසවිඳිය හැකිය.

N 59 මග ඔස්සේ තව දුරටත් ඉදිරියට යනවිට Killary වරාය හමුවේ.  කිලෝමීටර් 16 ක් පමණ දිගට විහිදී ඇති Killary  fjord හි අලංකාරය  අත්විඳිමට හා ඩොල්පින් මසුන් නැරඹීමට  බෝට්ටු සංචාරයකද යෙදිය හැකිය. මේ ආශ්‍රිත ප්‍රදේශය කඳු නැගීම, පක්ෂීන් නිරීක්ෂණය කිරීම ආදී ක්‍රියා කාරකම් වලටද ප්‍රසිද්ධය.

P1020982

Killary  fjord

DSC04218

shellfish farming

P1020989-001

P1020992P1020991

Lough Corrib කොන්මාරා ප්‍රදේශයේ ඉතා දර්ශනීය විලකි. වර්ග කිලෝමීටර් 176 ක් පමණ වන Lough Corrib දකුණු අයර්ලන්තයේ විශාලතම  විලයි.  මේ ප්‍රදේශය 1996 දී රැම්සා කලාපයක් ලෙස ප්‍රකාශිත ආරක්‍ෂිත කලාපයකි.

P1020970

P1030004

Lough Corrib

P1030007

P1030011

Ashford Castle

Connamara

ගමන් මග

කොනමාරා ප්‍රදේශයේ සංචාරයේගී දුටු ස්වභාව සෞන්දර්යය කිසිදා අමතක නොවේ.

එන්.එච්. සමරසිංහ  2018.02.25

Protected by Copyscape

Advertisements

3 thoughts on “Wild Atlantic Way Across Connemara කොනමාරා හරහා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.