Landmarks of Falkirk, Scotland ෆෝල්කර්ක්

 

ස්කොට්ලන්තයේ එඩින්බරා හා ග්ලාස්ගෝ නගර අතර ඒ නගර වලට සැතපුම් 25 ක් පමණ දුරින් පිහිටි ෆෝල්කර්ක් (Folkirk) ප්‍රදේශයේ විශේෂිත නිර්මාණ දෙකක් නිසා සංචාරකන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇත.  ඒ ලෝකයේ එකම කැරකෙන බෝට්ටු ඔසවනය (rotating boat lift) වන Falkirk Wheel  හා ලෝකයේ  විශාලතම අශ්ව හිසක හැඩයේ ලෝහ මුර්තිය වන Kelpies නම් මුර්තිය මේ ප්‍රදේශයේ  පිහිටුවා ඇති නිසාය.

_DSC4979

Falkirk Wheel

_DSC4967

Kelpies

Falkirk Wheel

18 වන සියවසේ මැද භාගයේ සිදුවූ කාර්මික විප්ලවය අවධියේ බ්‍රිතාන්‍යයේ භාණ්ඩ ප්‍රවාහනයට ආරක්ෂාකාරී හා ලාභදායි ක්‍රමයක් ලෙස පටු ඇල මාර්ග භාවිතා වින.  භාණ්ඩ පැටවූ පටු බෝට්ටු ඇල පසෙක ඇති මාවත ඔස්සේ ගමන් කල අසුන් විසින් ඇදගෙන යනු ලැබිණ. පසු කාලිනව වෙනත් ප්‍රවාහන ක්‍රම වර්ධනය වුයෙන් අද වනවිටඇල මාර්ග හුදෙක් විනොදාශ්වාදය සඳහා යොදාගන්නක් බවට පත්ව තිබේ. එය කොතරම් ජනප්‍රියවී දැයි කිවහොත් අද විනෝදාශ්වාදයට යොදා ගන්නා බෝට්ටු ගණන  එදා භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් බෝට්ටු වලට වඩා බෙහෙවින් වැඩිවී ඇත.

මෙසේ පටු බෝට්ටු ධාවනයේ පරමාර්ථය වෙනස් වීමත් සමග 21 වන සියවසේදීත් නවාංග එකතු කිරීමෙන් එහි ආකර්ශනීය භාවය හා පෞරාණික අගය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කොට ඇත. ස්කොට්ලන්තයේ යුනියන්, ෆෝර්ත් සහ ක්ලයිඩ් ඇල මාර්ගද බොහෝ දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථාන වී ඇත. යුනියන් ඇල මාර්ගය ඊට වඩා අඩි සියයක් පමණ පහලින් පිහිටි  ෆෝර්ත් සහ ක්ලයිඩ් ඇල මාර්ගයට සම්බන්ද කොට තිබුනේ සොරොව් දොරටු (Locks) 11 ක් යොදා ගනිමිනි. මේ නිසා මේ ඇලවල් හරහා යන්නවුන්ට ගමන සම්පුර්ණ කිරීම සඳහා විශාල වෙහෙසක් හා කාලයක් වැයකරමින් දොරටු 44 ක් ඇරීමට  සහ වැසීමට සිදුවිය. මේ ගමන විනාඩි ගණනකින් යාම සඳහා Falkirk Wheel නමින් හැඳින්වෙන බෝට්ටු ඔසවනය (rotating boat lift) මිලේනියම් ලින්ක් වැඩ සටහන යටතේ නිර්මාණය කොට 2002 මැයි 24 දින එලිසබෙත් රැජින විසින් විවෘත කරන ලදී.

DSC09390

එකවර බෝට්ටු 8 ක් අඩි 100 ක් පමණ ඉහලට එසවීමට හා පහලට ගෙන ආ හැකි Falkirk Wheel විශ්මය ජනක ඉංජිනේරුමය නිමැවුමකි. මෙය සැලසුම් කලේ Tony Kettle ප්‍රමුඛ සැලසුම් ශිල්පින් විසිනි මෙය ලෝකයේ පළමු වරට ඉදිකළ හා එකම කැරකෙන බෝට්ටු ඔසවනයයි.මෙය මීටර් 35 ක විශ්කම්භයකින් යුත් වටයක කැරකෙන මධ්‍ය අක්ෂයේ සිට මීටර් 15 බැගින් දෙපසට විහිදුනු බාහුවල සමාන්තරව  මීටර 28 ක් දිග මීටර 6.5 ක පළලින් යුත් එහිද අක්ෂය වටා කැරකෙන ටොන් 600 ක් පමණ බර විශාල ජල බහලුම් (gondola) දෙකක් රඳවා ඇත. මේ එක බහලුමක ජලය ලීටර් 250,000 ක් පමණ දරා සිටි.

_DSC5000

_DSC5004

ඉහලට හා පහලට ගෙනයන බෝට්ටු ඇල මාර්ග දෙකේදී මේ බහලුම් (gondola) දෙකෙහි දොරටු විවෘත කොට ඒ තුලට  පදවා ආකිමිඩීස් ගේ නියමය අනුව පරිගණක මගින් බර ප්‍රමාන ගණන් බලා තුලනය කොට මේ විශාල රෝදය වට භාගයක් කරකවනු ලැබේ. එවිට පහල තිබුණු බෝට්ටු ඉහළටත්, ඉහල තිබුණු බෝට්ටු පහළටත් පැමිණේ. මේ කාර්යය සඳහා කිලෝවොට් 22.5 ක හයිඩ්‍රොලික් මෝටර 10 ක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වැයවන්නේ කිලෝ වොට් 1.5 ක විදුලිබලයක් පමණි.

_DSC5012_DSC5016_DSC5017_DSC5022

_DSC5018

_DSC5007_DSC5006

_DSC5011_DSC5008

මේ ස්ථානය අද නිවාඩු නිකේතනයක් ලෙස බොහෝ සංචාරකයින් සිත් ගත් ගමනාන්තයකි. වසරකට මෙය බැලීම සඳහා සංචාරකයින් 500,000 පමණ පැමිණෙන බව කියති. බෝට්ටු පැදීම, බයිසිකල් පැදීම, මසුන් ඇල්ලීම් ආදී නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදීමට හා අමුත්තන්ගේ මධ්‍යස්ථානයේදී විවේක ගැනීමට, ආහාර පාන හා සමරු භාණ්ඩ මිලට් ගැනීමට, සම්මත්‍රණ ආදිය පැවැත්වීමට ආදිය බොහෝ කටයුතු මෙහි පහසුකම් සලසා ඇත.  

falkirk

Kelpies

_DSC4935_DSC4939_DSC4958 

ස්කොට්ලන්ත පුරාවෘත වල විල් වලින් මතුවන අශ්ව හිසක් වැනි හිසක් ඇති අශ්වයන් 100 කගේ පමණ ශක්තිය ඇති,  විශාල සත්වයෙකු Kelpie නමින් හැඳින්වෙයි.  ෆෝල්කර්ක් (Falkirk) ප්‍රදේශයේ  හෙක්ටෙයාර් 300 ක පමණ ප්‍රයෝජනයට නොගත් භුමි භාගයක් ප්‍රජාවගේ පරිහරණය සඳහා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක අංගයක් ලෙස නිර්මාණය කොට ඇති  මීටර් 30 ක් උසැති විශාල අශ්ව හිස් දෙකක මුර්තිය “Kelpies” යනුවෙන් නම් කර ඇත. මෙය Andy Scott නම් මුර්ති ශිල්පියාගේ නිමැවුමකි. ස්කොට්ලන්ත ඇල මාර්ගයක් වන  ෆෝර්ත් සහ ක්ලයිඩ් (Forth & Clyde)  ඇල මාර්ගයේ නැගෙනහිර කෙලවර Carron ගංගාව ආසන්නයේ මෙය ඉදිකර ඇත. ඇල මාර්ගවල එදා බෝට්ටු අදිනලද අශ්වයන්ට උපහාරයක් ලෙස අශ්ව හිස්  මේ මුර්තිය සඳහා යොදාගෙන තිබේ.

මේ  මුර්තිය ටොන් 600 ක් බර, මල නොබැඳෙන වානේ ආවරණය කර ඇති, විවිධ හැඩයෙන් යුත් යකඩ තහඩු 928 කින් නිමවවූවකි. 2013 ඔක්තෝබර් මස සිට මෙය මහජනයාට විවෘත වින. දැන් මෙය ස්කොට්ලන්තයේ ප්‍රධාන සංචාරක ආකර්ශනීය ස්ථානයකි.

_DSC4941

_DSC4946

_DSC4948_DSC4963_DSC4966

5_star_visitor_attraction_logo_300x392

බෝට්ටු පැදීම, බයිසිකල් පැදීම, ඇවිදීම, ආදී නොයෙක් එළිමහන් ක්‍රියාකාරකම් රාශියකට හා ආහාර පාන ගැනීම් ඇතුළු නොයෙකුත් අවශ්‍යතා සඳහා පහසුකම් සලසා ඇති මේ හේලික්ස් උද්‍යානය එක්  දිනක සංචාරයකට මහඟු ස්ථානයකි.   

DSC09385

එන්.එච්. සමරසිංහ  2018.03.03

 

 Protected by Copyscape

Advertisements

2 thoughts on “Landmarks of Falkirk, Scotland ෆෝල්කර්ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.