වර්සේල්ස් රජ මැදුර The Palace of Versailles – Château de Versailles

 

වසරකට මිලියන 7.5 ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් නරඹන්නට පැමිණෙන  වර්සේල්ස් රජ මැදුර ප්‍රංශයේ පමණක් නොව ලෝකයේම ප්‍රධානතම සංචාරක ආකර්ශනීය ස්ථානයකි. වරෙක විප්ලවයකට හේතුවූ මාලිගය පසු කලක සාමය සඳහා කටයුතු කල තැනක් විය. 1871 ප්‍රංශ – ප්‍රසියන් යුද්ධය අවසන් කරමින් ගිවිසුම අත්සන් කලේ මේ මැදුරේදීය. 1919 පළමුවන ලෝක යුද්ධය නිම කරමින් වර්සේල්ස් ගිවිසුම අත්සන් කරන ලද්දේ මෙහි (Hall of Mirrors) කැඩපත් ශාලාවේදීය. ප්‍රංශ විප්ලවය සමයේ ජනතාව කුසගින්නේ සිටියදී බල පරාක්‍රමයේ  කැඩපතක් ලෙස මහා මන්දිර ඉදිකොට පවත්වාගෙන යාම අනවශ්‍ය දෙයකැයි සිතු එකල ප්‍රංශ ජනතාව පසු කලක ඒවාට මෙවන් වැදගත් කමක් ලැබෙනු ඇතැයි  නොසිතන්නට ඇත.

පැරිස් නගරයට කිලෝ මීටර් 20 ක් පමණ බටහිරට වන්නට Ile de France පෙදෙසේ පිහිටි වර්සේල්ස් රජ මැදුර අද කෞතුකාගාරයක් ලෙස මහජන ප්‍රදර්ශනයට විවෘතව ඇත.1607 දී  තම පුතා දඩයමේ ගිය වර්සේල්ස් වනය තම සිත් ගත් බැවින් එහි දඩයමේ යද්දී නවාතැන් ගැනීමට කුඩා නවාතැනක් හතරවන හෙන්රි රජ 1624 දී ඉදිකරවා ඇත. පසුව ඔහුගේ දරු මුණුබුරන් වූ දහතුන්වන ලුවී රජුගේ සිට දහසයවන ලුවී රජ දක්වා රජ පරපුර ප්‍රංශයේ අසම සම ගෘහ නිර්මාණ ශිල්පීන්, මුර්ති ශිල්පින්, අභ්‍යන්තර ගෘහ අලංකරණ ශිල්පින්, උද්‍යාන සැලසුම් කරුවන් ආදීන් එක් කරගෙන ලෝකයේ ප්‍රශස්ත රජ මැදුරකට නිදර්ශනයක් සපයමින් වර්සේල්ස් මාලිගය නිමවා ඇත. ප්‍රංශ විප්ලවයෙන් පසු 1789 දී රජවරු මේ මැදුරෙන් නික්ම ගියහ. පසුව 1830 දී රජ වූ ලුවී පිලිප් රජ මෙය ප්‍රංශ ඉතිහාස කෞතුකාගාරයක් බවට පත්කොට 1837 ජුනි 10 දින  විවෘත කරන ලදී.

ගෘහ නිර්මාණ ශිල්පී   Louis Le Vau, Jules Hardouin Mansart, Charles Le Brun ආදී ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සැලසුම් වලට අනුව නිමවා ඇති මේ මහා මැදුර බැරොක් ගෘහනිර්මාණශිල්පයේ විශිෂ්ටතම උදාහරණය ලෙස ලෝකප්‍රකටවී ඇත.  දේවස්ථානයක්, රන්වන් කැටයමින් අලංකාර කළ විශාල ශාලා, කාමර 800 ක් පමණ, 60 කට වඩා වැඩි පියගැට පේලි, 5000 කට වැඩි ගෘහ භාණ්ඩ 6000 කට වැඩි සිතුවම්, මුර්ති, ආදී කලා නිර්මාණ හා විසිතුරු ලාම්පු හා වෙනත් භාණ්ඩ ආදියෙන් සපිරුණු වර්ග මීටර් 63,150 ක් පමණ වන මේ මහා මාලිගය නරඹන්නන් විශ්මයට පත් කරයි. මේ මාලිගාවේ සියලුම දේ ප්‍රංශයේම නිෂ්පාදන වීම විශේෂත්වයකි.

DSC00007

දොරටුව

මේ මාලිගයට ඇතුළුවන දොරටුවේ සිටම එහි ප්‍රෞඩත්වය  ප්‍රදර්ශනය කරයි. රන්වන් පාටින් දිදුලන දොරටුව දෙපස Garpard Marcy හා Francois Girardon ගේ ප්‍රංශ ජයග්‍රහණය (Victory of France) යන මුර්ති පිහිටුවා ඇත.

20DSC00011

Victory of France

වර්සේල්ස් මාලිගාව ප්‍රධාන වශයෙන් කොටස්  කීපයකට වෙන්කොට හඳුනා ගත හැකිය. ඒ දේවස්ථානය, ඔපෙරා ශාලාව, ප්‍රධාන ශාලාව, කැඩපත් ශාලාව,රජුගේ කාමර, රැජිනගේ කාමර, ප්‍රංශ ඉතිහාස කෞතුකාගාර ආදී වශයෙනි.

1.1

රාජකීය දේවස්ථානය

රාජකීය දේවස්ථානය ප්‍රංශ බැරොක් ගෘහ නිර්මාණය හා ක්‍රිස්තියානි සැරසිලි සඳහා හොඳම නිදසුනකි. 1789 දක්වා මෙහිදී රැස්වීම, විවාහ මංගල, බෞතිස්ම ආදී උත්සව පවත්වා ඇත.

1ඕගනය හා අල්තාරය

2

සිවිලිම

රාජකීය ඔපෙරා ශාලාව ආසන 1200 කින් පමණ සමන්විත Ange-Jacques Gabriel ගේ නිර්මාණයකි.

1280px-Opera_royal_versailles_0004

Photo from Wikipedia (1280px)

ඔපෙරා ශාලාව

7

Feast in the House of Simon, හර්කියුලස් ශාලාව

රජු වෙනුවෙන් ඉදිකොට ඇති රාජ්‍ය වාසස්ථානය King’s Grand Apartments (Grands Appartements du Roi) නම් කාමර ග්‍රහලෝක හා රෝමන් දෙවි වරුන් නමින් නම් කොට ඇත. මේවා දකින විට රජු සුරපුරයක දෙවිකෙනෙක්  මෙන් ජීවත්වූ බවක් හැඟේ. බිසව වෙනුවෙන් වූ කාමර Queen’s Grand Apartment (Grand Appartement du Reine) යනුවෙන් නම් කොට ඇත. මේ කාමර මල් මෝස්‌තර සහිතව කාන්තා ලාලිත්‍යයෙන් සරසා ඇත.

9

Salon De La Guerre

32

Salon De Mars

DSC00479DSC00464DSC00451268

27

කාමර

මේ මාලිගයේ විසිතුරුම හා සුප්‍රසිද්ධම ස්ථානය මීටර් 73 ක් දිග, මීටර් 10.5 පළල, මීටර් 12.3 ක උස  කැඩපත් ශාලාව (Galerie des Glaces) (Hall of Mirrors)යි.

111012

Hall of Mirrors

මේ ශාලාවෙහි  කැඩපත් (Mirrors) 357 ක්  සවිකරන ලද ආරුක්කු 17 ක්  ජනෙල ඉදිරිපස ඇත. එකල මෙය ඉටිපන්දම් 2000 කින් පමණ ආලෝකමත් කර තිබේ. මේ ශාලාවේ ඇති විසිතුරු භාණ්ඩවල දැලි බැඳීම අවම කිරීම සඳහා අඩුවෙන් ඉටිපන්දම් දල්වා ඒවායේ සීමිත එලිය පරාවර්තනය කොට ආලෝකය වැඩි කිරීමට කන්නාඩි සවිකර ඇති බව කියති. මෙය ගොඩ නගන ලද කාලයේ කන්නාඩි නිපදවීමේ ඒකාධිකාරය වැනීසිය සතුව තිබුනි. එහෙයින් වැනිසියෙන් ගෙන්වූ ශිල්පින්ලවා  මේ ශාලාව සඳහා විශේෂයෙන් කන්නාඩි නිපදවාගෙන තිබේ. කන්නාඩි නිපදවීමේ රහස් ප්‍රංශයට දුන් බවට චෝදනා කොට ඔවුන් වැනිසියානු අධිකාරීන් විසින් ඝාතනය කල බව කියති. ශාලාව දෙපස පිහිටුවා ඇති ප්‍රතිමා, සීලිමේ ඇඳ ඇති සිතුවම් හා විදුරු ලාම්පු (glass chandeliers) ඉතා කලාත්මක හා සිත් වසඟ කරගන්නා ඒවා වේ.     පළමුවන ලෝක යුද්ධය හා 1871 ප්‍රංශ – ප්‍රසියන් යුද්ධය නිම කරමින් ගිවීම් අත්සන් කර ඇත්තේ මේ ශාලාවේදීය.

මාලිගයේ දකුණු ගොඩනැගිල්ලේ පළමු මහලේ ලුවී පිලිප් විසින් පිහිටුවා ඇති The Gallery of Great Battles නම් ප්‍රදර්ශන ශාලාවේ සියවස් 15 ක පමණ කාලයක් පුරා ප්‍රංශය ලබා ඇති යුද ජයග්‍රහණ සිතුවම් කොට ඇත.

181920

The Gallery of Great Battles

ප්‍රංශ ඉතිහාසය විදහා දැක්වෙන චිත්‍ර හා මුර්ති ආදිය ඇතුලත්  කෞතුකාගාරයක්, රජුගේ දියණියන්ගේ කාමර ආදියද දැන් මහජනයාට විවෘතය.

1516

The Coronation of Napoleon 1

17

මේ කාමර වලට අමතරව රජුට හා බිසවට තවත් බොහෝ පෞද්ගලික කාමර හා රහස් කාමරද තිබී ඇත.

3029

The King’s Bed

28

The Queen’s Bed

DSC00129DSC00123

මේ සුවිසල් මාලිගයට අමතරව  Grand Trianon & Petit Trianon නමින් තවත් ගොඩනැගිලි දෙකක් ඇත.

DSC00069

Grand Trianon

DSC00075

Petit Trianon

1783දී Marie-Antoinette බිසවට රාජ්‍ය තාන්ත්‍රික පරිසරයෙන් මිදී හුදකලාව ගත කිරීමට සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත  කුඩා ගම්මානයක්ද මේ මාලිගා භුමිය තුල ගොඩනගා තිබිණ.

1280px-Marie_Antoinette_amusement_at_Versailles

The Queen’s Hamlet

Photo from Wikipedia (1280px)

4

DSC00454

වර්සේල්ස් මාලිගයේ ගොඩනැගිල්ල රන්වන් සියුම් කැටයමින් යුතු වුවා සේම එහි අභ්‍යන්තර අලංකාරය සඳහා යොදාගෙන ඇති  සැරසිලි, චිත්‍ර, ගෘහ භාණ්ඩ, පිඟන් බඩු හා නොයෙන් විසිතුරු භාණ්ඩද ඉතා කලාත්මක හා වටිනා ඒවාය.

2524222114653

ප්‍රංශ විප්ලවය සමයේ මෙහි තිබු කලා කෘති බොහොමයක් ලූව කෞතුකාගාරයට ගෙනගොස් ඇත.

dsc00440.jpg

1979 සිටම මේ මාලිගය හා උද්‍යානය UNESCO ලෝක උරුමයකි.

සබැඳි  වර්සේල්ස් උද්‍යානය VERSAILLES GARDENS

එන්.එච්. සමරසිංහ  2018.03.17

Protected by Copyscape

Advertisements

1 Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.