කන්නෙලිය වන අරණ – Kanneliya Rain Forest

 

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. මේ රට තුලද කුඩා බිම්කඩක් තුල වැඩිම  ජෛව විවිධත්වයක් දැකිය හැකි Bio diversity hot spot යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයක් වේ. ඒ කන්නෙලිය  වන අරණයි. කන්නෙලිය, මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් 2004 වසරේදී නම්කොට තිබෙන හෙක්ටෙයාර් 10,857 ක් වන  කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ විශාලතම (හෙක්ටෙයාර් 5,305.9) හා සංචාරකයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති වනාන්තරයයි.

ගාලු දිස්ත්‍රික්කය උඩුගම සිට හිනිදුම බලා යන B 429 මාර්ගයේ කෝරලේ ගමින් හැරී යන කන්නෙලිය මාර්ගයේ කිලෝමීටර් 1.5 පමණ ගිය විට කන්නෙලිය වනය හමුවේ. පහතරට තෙත් කලාපීය නිවර්තන වර්ෂා වනාන්තරයක් වන මේ වනාන්තරය ප්‍රධාන වශයෙන්  මැයි – සැප්තැම්බර් අතර කාලයේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3500 – 4500 අතර වේ. දකුණු පළාතේ ප්‍රධාන ගංගා දෙකක් වන ගිං හා නිල්වලා ගංගාවලට ජලය සපයන කුඩා ඇල මාර්ග 110 කට වැඩි ගණනක් මෙහි ඇති බව සොයාගෙන ඇත.

_DSC3910

අනගිමල ඇල්ල

_DSC4036

නාරංගස් ඇල්ල

_DSC4070

තිරුවානා දොළ ඇල්ල

මේවා  මීටර් 46 උස අනගිමල ඇල්ල සහ මීටර් 70 උස නාරංගස් ඇල්ල, ගල්ලෑලිදොළ ඇල්ල, තිරුවානා දොළ ඇල්ල  ආදී දිය ඇලි මවමින් තන්නිතික ඇළ, කන්නෙලිය ඇළ, උඩුගම ඇළ සහ  හෝම දොළ ආදියට සම්බන්දවි ඇත.

DSC00487_DSC4131

තන්නිතික ඇළ

_DSC4010

උෂ්ණත්වය දල වශයෙන්  සෙල්සියස් අංශක 27 කි. මුහුදු මට්ටමේ සිට උස මීටර් 60 – 425 අතර වන කඳු වැටි, නිම්න සහ අඩු උසකින් යුක්ත හුදෙකලා කඳු වලින් කන්නෙලිය වනය සමන්විත වේ

_DSC4000

අත්හැර දැමූ තුනී ලෑලි සංස්ථා ගොඩනැගිලි

ශ්‍රී ලංකාවේ වර්ෂා වනාන්තර අතර සිංහරාජ වනාන්තරයට පමණක් දෙවැනි වන මේ වනාන්තරයෙන් 1960 -70 අග භාගය පමණ වනතුරු  ගිංතොට තුනී ලෑලි කම්හලට දැව ලබා ගැනීම නිසා කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරයේ (primary forest) අඩුවක් දක්නට ලැබේ. එහෙත් පසුගිය වසර හතලිහක පමණ  කාලය තුල ද්විතියික වනාන්තරයේ (secondary forest) වැඩිම නිසා මේ වනයේ වැදගත් කම ආරක්ෂාවී ඇති බව කිව හැකිය.

1934 දී රක්ෂිත වනාන්තරයක් බවටත් 1990 දී සංරක්ෂිත වනාන්තරයක් බවටත්  2004 දී යුනෙස්කෝ (UNESCO) ආයතනයේ මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් බවටත් පත්වීම  කන්නෙලිය වනාන්තරයේ වටිනාකම පිළිබිඹු කරයි.

ශාක වර්ගවල විවිධත්වය අතින් දකුණු ආසියාවේ ඇති වැදගත්ම වනාන්තරයක් ලෙස මේ වනය ගණන් ගැනේ. 300 කට අධික ශාඛ වර්ග මෙහි තිබෙන බව ගණන් බලා ඇත.  ඉන් 52% පමණ ලංකාවට ආවේනික ඒවාය. විශේෂ 26 ක් අප රටෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර 15 ක් ලෝකයෙන්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඒවාය.

_DSC3899

වල් දූරියන්

_DSC3971

කිරි හැඹිලිය

_DSC3986_DSC3989

යෝධ නවඳ ගස

_DSC3887

වල්ල පට්ට

_DSC4117_DSC3969

නෙරු ස්ථරය, වියන් ස්ථරය, උප වියන් ස්ථරය පඳුරු ස්ථරය,  සහ යටිගොන්න යනුවෙන් ස්ථර කීපයක් ලෙස කැපී පෙනෙන ආකාරයේ වන වැස්මක් මෙහිදී දැකගත හැකිය.  එමෙන්ම මෙහි, මෙහිදී දක්නට ලැබෙන හොර (Dipterocarpus zeylanicus – DIPTEROCARPACEAE), හල්, ගල් වෙරළු,  ආරිද්ද, දොරණ, කැකුණ Canarium zeylanicum – BURSERACEAE), කටමොද, මඩොල්, දොඹ Calophyllum inophyllum – CLUSIACEAE),  කීණ Calophyllum walkeri CLUSIACEAE), බදුල්ල ( Semecarpus sp. – ANACARDIACEAE), බෙරලිය (Shorea worthingtoni – DIPTEROCARPACEAE) ඇටඹ Mangifera zeylanica – ANACARDIACEAE)  ආදිය ලංකාවට ආවේනික ශාඛ වර්ගයි.

_DSC4004

බාඳුරා වැල්

_DSC3950

යෝධ පුස් වැල

එමෙන්ම වෙනිවැල් , වේවැල්, කුකුලු වැල්, තම්බොටු වැල් , කලවැල්,  හිඹුටු වැල් ආදී  ආරෝහක ශාකද, අපිශාක, උඩවැඩියා සහ මීවන, දිය පහරවල් ආශ්‍රිතව කෙකටිය, කෙටල  ආදී නොයෙක් ශාක විශේෂ ද ඇත.

_DSC3990

කුඩා හැඩයා

_DSC3995

වන රාජ

_DSC3965

ඇත් අඩිය  

_DSC4101

උඩවැඩියා

කන්නෙලිය වනය ලංකාවට ආවේනික සත්ව විශේෂ 41 ක් ඇතුළු සත්ව විශේස 220 කට පමණ නිවහන වී ඇත.

_DSC3931

ශ්‍රී ලංකා වලි කුකුළා (Sri Lankan jungle fowl)

DSC00443

තිරාසිකයා

Grey Hornbill

ශ්‍රී  ලංකා අළු කෑදැත්තා  (Sri Lankan grey hornbill)

ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 23 න්  14 ක්ම ඇතුළු පක්ෂි වර්ග 120 ක් පමණ මෙහිදී හමුව ඇත. ශ්‍රී  ලංකා හබන් කුකුළා (Sri Lankan spur fowl) ශ්‍රී ලංකා වලි කුකුළා (Sri Lankan jungle fowl) ශ්‍රී  ලංකා අළු කෑදැත්තා  (Sri Lankan grey hornbill) වත රතු මල් කොහා( Red faced Mal koha) හොට රතු දෙමලිච්චා (orange-billed babbler) කැහිබෙල්ලා (Blue Magpie) ලංකා බට ඇටිකුකුලා (Green Billed coucal) වත සුදු ශරිකාවා (white-faced starling) පිට තඹල වන බස්සා(Chestnut backed owlet ), අළු ගිරවා( layared’s parakeet)  ආදීන් ඒ අතර වේ.

_DSC4008

තල් කොස්සා (Belnontia signata)

_DSC4064_DSC4094_DSC4089

තල් කොස්සා (Belnontia signata), හල්මල් දණ්ඩියා (Rasboraides vetarifloris), හීත මස්සා (Puntius pleurotaenia ), කොළ කනයා (Channa orientalis),  ලේ තිත්තයා( Puatius titteya) බුලත් හපයා(Puntius nigrofaciatua) සහ උඩහඳයා(Aplocheilus dayi) ආදී ලංකාවට ආවේනික මිරිදිය මසුන් වර්ග 15 ක් පමණ කන්නේලියේ සිටින බව වාර්තාවේ.

සර්ප විශේෂ 39 ක් කටුස්සන් වර්ග 23 ක් උභය ජීවින් වර්ග 19 ක්, සමනලුන් හා ගොළුබෙල්ලන් වර්ග ගණනාවක් කන්නේලියේ සිටි.  මොට හොඹුමැඩියා (Remanella nagaoi) පළමුවෙන්ම හඳුනා ගන්නා ලද්දේ කන්නෙලිය වනාන්තරයෙනි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා ද මේ වනාන්තරය තුළ සිටින බව වාර්තාවේ.

DSC00454

පිනුම් කටුස්සා

_DSC4013

ඇහැටුල්ලා (Green vine snake)

_DSC3964_DSC3948

කොල ගොලුබෙල්ලා

_DSC3943_DSC3942_DSC3939_DSC3893

වනයේ සංචාරය සඳහා මංපෙත් ගණනාවක් හඳුන්වාදී තිබේ. ඒ පහත පරිදිය.

_DSC4126

ගුහාව මංපෙත                : දුර ප්‍රමාණය කිලෝමීටර 1.5 – ගතවන කාලය පැය 01යි.

අනගිමල ඇල්ල මංපෙත  : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 – ගතවන කාලය පැය 03යි.

යෝධ පුස්වැල මංපෙත   : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3  – ගතවන කාලය පැය 03යි.

යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  – ගතවන කාලය පැය 03යි.

නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  – ගතවන කාලය පැය 06යි.

කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රමාණය  කිලෝමීටර 5.5 – ගතවන කාලය පැය 06යි.

_DSC4123

සංචාරය සඳහා ගත කළහැකි කාලය අනුව මංපෙත් කීපයක් ආවරණය කරමින් සංචාරයේ යෙදිය හැක.

මාර්ගෝපදේශකයෙකුගේ මග පෙන්වීම යටතේ පමණක්  මේ වනයේ සංචාරය කලයුතු අතර ඒ සඳහා සඳහා ප්‍රවේශ පත්‍රයක්ද ලබා ගත යුතුවේ.

යුනෙස්කෝවේ ජෛවගෝල සංචිත සංකල්පයේ අරමුණු අනුව  රක්ෂිතය ආරක්ෂා කිරීම සඳහා මේ ප්‍රදේශවල වාසය කරන ජනතාවද දායකකරගන්නා අතර  එම ජනයාගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහාද පියවර ගෙන ඇත. ඒ අනුව වනාන්තරයට හානියක් නොවන ලෙස ප්‍රදේශ වාසීන්ගේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, වනවාසී භික්ෂු ආරාම තුනක් පවත්වාගෙන යාම ආදී සම්ප්‍රදායික කටයුතු කීපයකට අවසර දී තිබේ. වනය තුල මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන්නේ හා බොහෝ රාජකාරි වල නියුතු වන්නේ වනයේ වැදගත් කම දන්නා ප්‍රදේශ වාසින්ම බැවින් වනයේ ආරක්ෂාවද නිතැතින්ම සිදුවේ.

DSCF2358

නවා තැන

_DSC3949

DSC00444

ගිමන් හලක්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනය නරඹන්නන් සඳහා විවිධ පහසුකම් සලසා ඇත. තොරතුරු මද්‍යස්ථානයක් පවත්වාගෙන යමින් තොරතුරු සැපයීම, ගමන් කරන අතරතුර විවේක ගැනීම, ස්නානය කිරීම ආදී කටයුතු වලට පමණක් නොව සම්මන්ත්‍රණ  ආදියට පහසුකම් සැලසීම හා වනය තුල නවාතැන් ගැනීමට පවා අවස්ථාව සලසා දී ඇත. (නවාතැන් ගැනීම සඳහා කාමර වෙන්කිරීම බත්තරමුල්ලේ, රජමල්වත්ත පාරේ, සම්පත්පායේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදුකෙරේ)

විශේෂ ස්තුතිය

Kannaliya

අපට නන් අයුරින් සංග්‍රහ කළ කන්නෙලිය කාර්ය මණ්ඩලයට

_DSC3918

සහ මාර්ගෝපදේශක චිත්‍රසේකර මහතාට

_DSC4137

නිමල් ජයසිංහ සගයාට

එන්.එච්. සමරසිංහ  2018.03.22

Protected by Copyscape

Advertisements

3 thoughts on “කන්නෙලිය වන අරණ – Kanneliya Rain Forest

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.