ජුරාසික් වෙරළ – Jurassic Coast, West Lulworth & Durdle Door

 

පරිසර සුන්දරත්වය සොයා යන සංචාරකයනුත්, පෘතුවි ඉතිහාසය සොයා යන ගවේෂකයනුත් එකසේ ඇලුම් කරන වෙරළ තිරයක් බටහිර Lulworth ආසන්න වෙරළ තිරය. මේ වෙරල පිහිටි දකුණු එංගලන්තයේ නැගෙනහිර ඩෙවොන් ප්‍රදේශයේ Exmouth සිට  Dorset හි Studland Bay දක්වා සැතපුම් 95 පමණ වන වෙරළ තිරය UNESCO සංවිධානය මගින් නම්කළ ලෝක උරුමයක්.

වසර මිලියන 185 පමණ කාලයක් තුල ට්රයස්ටික් , ජුරාසික් හා ක්රිටීස් යුගයන්වල  ඉතිහාසය හෙළිදරව් කරන සාක්‍ෂි මේ ප්‍රදේශයේදී දැකගත හැකිවීම මෙහි වැදගත් කමට හේතුවක්.

විවිධ කාලවලදී මෙම ප්රදේශය කාන්තාර, නොගැඹුරු නිවර්තන මුහුදු හා වගුරු බිම් ආදී විවධ  භූ ගෝලීය ප්‍රදේශ වී ඇත. ඒ ඒ කාලයන් වල මෙහි ජීවත් වූ විවිධ ජීවීන්ගේ හා ශාකවල ෆොසිල මේ ප්‍රදේශයේ පාෂාණයන් තුළ සංරක්ෂණය වී ඇත.

බටහිර Lulworth ප්‍රදේශයේ ජනප්‍රියම ගමනාන්තයක් වී ඇත්තේ Lulworth Cove නමින් හැඳින්වෙන අලංකාර මුහුදු බොක්ක. මෙහි මනස්කාන්ත භූ දර්ශනය හා දැකිය හැකි විශ්මිත පාෂාණ නිර්මිතයන් ලොවේ නන් දෙසින් සංචාරකයින් ආකර්ෂණය කරවයි. වසර දහස් ගණනක් තිස්සේ හුණුගල් හා පොර්ට්ලන්ඩ් පාෂාණ වැටිය ඛාදනයට ලක්කළ මුහුදු රල රට තුලට පැමිණ මෘදු හුණුගල් හා මැටි දියකිරීමෙන් මේ මුහුදු බොක්ක සැදී ඇත.

DSC07118DSC07123

මේ ස්ථානයට පැමිණෙන සංචාරකයින්ට මේ වෙරළ ප්‍රදේශය වසර මිලියන ගණනක් තිස්සේ විකාශනය වී ඇති ආකාරය විස්තර කෙරෙන ප්‍රදර්ශණ වලින් සමන්විත අමුත්තන්ගේ මධ්‍යස්ථානයක් මෙහි  පිහිටුවා ඇත.

DSC07038

DSC07172

අමුත්තන්ගේ මධ්‍යස්ථානය

මේ මුහුදු බොක්ක පසෙක ඇති වසර මිලියන 65 කට පමණ පෙර ටෙක්ට්‍රොනික් ස්තර  එකිනෙක ගැටීම පැහැදිලිව පෙන්නුම් කෙරෙන, හැඩය වෙනස්වී ඇති පාෂාණ තට්ටු සහිත Lulworth Crumples හා මුහුදට මුහුණ ලා ඇති හුණුගල් කඳුවැටියේ දුර්වල ස්ථාන මුහුදු රල්වලින් ඛාදනය වී කඳුවැටිය පිටුපස කවාකාර මුහුදු බොක්කක් නිර්මාණය වී ඇති Stair Hole තවත් වැදගත් භූ ලක්ෂණ දෙකකි. එමෙන්ම මේ ආසන්නයේ ඇති ෆොසිල වනාන්තරය ජුරාසික් හා පුර්ව ක්රිටීස් යුගයන්වල කොනිෆරස් වනාන්තර වල තොරතුරු ගවේෂණයට ලෝකයේ හොදම ස්ථානයකි.

DSC07152

DSC07169

Lulworth Crumples & Stair Hole

DSC07159DSC07157

Stair Hole

Lulworth Cove අද ස්වාභාවික වරායක් බවට පත්ව ඇත.

DSC07144

Lulworth Cove සිට සැතපුමක් පමණ බටහිර දෙසට වන්නට ඇති ස්වභාව ධර්මයේ අපුරු නිමැවුමකි Durdle Door.

DSC07099DSC07085DSC07074DSC07067

Durdle Door

ස්වභාව ධර්මය, මුහුදු රල මගින්  දුර්වල පාෂාණ ඛාදනය කොට ශක්තිමත් පොර්ට්ලන්ඩ් පාෂාණ වැටිය ඉතිරිකරමින් යෝධ ආරුක්කුවක් තනා ඇත. මෙය එංගලන්තය තුල වැඩි වශයෙන්ම ඡායාරූපයට නැගෙන ස්ථානයකි. මෙහි වෙරළ  හා මේ ආසන්නයේම පිහිටි Man O’War වෙරළ නිවාඩු ගතකරන්නන්ගේ පරාදීසයකි.

DSC07073DSC07055

Man O’War වෙරළ

DSC07100DSC07078

DSC07095

Man O’War වෙරළේ ඔප වැටි ඇති ගල් කැට

එංගලන්තයේ ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ශනීය ස්ථානයක් වන මේ ප්‍රදේශයට වසරකට සංචාරකයින් 500,000 ක් පමණ පැමිණෙන බව කියති. මේ ආසන්නයේ සංචාරක හෝටල් කීපයක් හා කඳවුරු භූමියක් පවත්වාගෙන යයි.

DSC07129DSC07181

හෝටල්

DSC07110

DSC07052

කඳවුරු භූමිය

බොහෝ සංචාරකයන් මෙහි ගැවසුනද ආහාර ආදිය සපයන වෙළඳුන් ආදීන් සිමා කරමින්  මේ ඉතා වැදගත් පරිසර කලාපයට හානියක් නොවන පරිදි පවත්වාගෙන යාමට ඩෝසෙට් ප්‍රාන්ත බලධාරීන් ආදර්ශමත් ලෙස කටයුතු කර තිබෙනු දැකිය හැක.

Lulworth cove 2

DSC07096

එන්.එච්. සමරසිංහ  2018.03.29

Protected by Copyscape

Advertisements

1 Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.