Marble Arch Caves

අයර්ලන්තය ලෝක භුමි ප්‍රමාණයෙන් සුළු කොටසක් නියෝජනය කරන්නක් වුවත් එය ලෝකයේ විවිධාකාර භුමි දර්ශන බොහොමයකට නිදර්ශන සපයන භූමියක් වී ඇත. අයර්ලන්තය උතුරු හා දකුණු වශයෙන් දේශපාලනිකව බෙදී ඇතත් මේ බෙදීම විවිධාකාර භුමි දර්ශනයන්වලට අදාලවී නැත. උතුරු අයර්ලන්තයේ Fermanagh ප්‍රාන්තයේ Florencecourt ගම්මානයේ  උතුරු අයර්ලන්තයේ තවත් සුවිශේෂී භුමි දර්ශන සහිත ස්ථානයකි. UNESCO සංවිධානය මගින් Marble Arch Caves යුරෝපයේ පළමුවන Geopark ස්ථානය වශයෙන් 2001 දීත්, Global Geopark ලෙස  2004 දීත් නම් කරන ලදී. 2008 දී ඒ ප්‍රදේශයේ ඇති ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ගැන සලකා මේ භූගෝලීය උද්‍යානය දකුණු අයර්ලන්තයේ Cavan ප්‍රාන්තය දක්වා පුළුල් කරන ලදී. ඒ අනුව මෙය අන්තර් ජාතික දේශ සිමා ඉක්මවා ගිය ලොව පළමුවන භූගෝලීය උද්‍යානය වී ඇත.

DSC04362

Cuilcagh කඳු වැටිය

DSC04286DSC04287

භූගෝලීය හා සංස්කෘතික උරුමයන් ගවේෂණයට, කඳුකර ප්‍රදේශයේ ස්වාභව සෞන්දර්යය අත්විඳීමට, හුණුගල් ගුහාව නැරඹීමට ආදී නොයෙක් ක්‍රියාවන් සඳහා කදිම ස්ථානයක් බැවින්  ශිෂ්‍යයන් හා වැඩිහිටියන් ආදී සැවොම එකසේ ප්‍රියකරන තැනක් බවට මේ ප්‍රදේශය පත්ව ඇත. එහෙයින් වසරකට සංචාරකයින් 200,000 කට වැඩි පිරිසක් පැමිණෙන ජනප්‍රිය ගමනාන්තයක් ලෙස Marble Arch Caves හැඳින්විය හැක.

අභ්‍යන්තර ජල මාර්ග, හුණුගල් ඛාදනය වීමෙන් හා දියවිගිය කොටස් තැන්පත් වීමෙන් සැදුනු  විවිධාකාර හුණුගල් භූ රුප ආදියෙන් සුසැදි Marble Arch Caves නම් හුණුගල් ගුහාව යුරෝපයේ ප්‍රදර්ශනය කෙරෙන හුණුගල් ගුහා අතරින් හොඳම හුණුගල් ගුහාව ලෙස සැලකේ.

ආදිතම යුගයේ උතුරු අයර්ලන්තය සාගරයට යටව තිබු ප්‍රදේශයකි. එහෙයින් වසර මිලියන 330 කට පමණ පෙර මේ පෙදෙසේ කඳු හුණුගල් වලින් සැදී ඇත. මේ පෙදෙසට ලැබෙන වැසි ජලය හුණුගල් තුලට කාන්දුවීම නිසා සිදුවූ ඛාදනයෙන් ඇතුලත කුහර නිර්මාණය වී ඇත. මේ කඳුවැටියේ Owenbrean, Aghinrawn සහ  Shruh Croppa යන   ගංගා තුනද   මේ කුහර තුලින් ගලායමින් වසර මිලියන ගණනක් තිස්සේ සිදුවූ ක්‍රියාවලියෙන් අභ්‍යන්තර ජල මාර්ගද සහිත කිලෝ මීටර් 11.5 පමණ විශාල ගුහාවක් මෙහි  නිර්මාණය වී ඇත.

DSC04297

අමුත්තන්ගේ මධ්‍යස්ථානය

අද්භූත බලවේගයක් විසින් Cuilcagh කඳු වැටියේ ගංගා අතුරුදහන් කරන බවට වූ  ප්‍රදේශ වාසීන්ගේ විශ්වාසය, ප්‍රංශයේ සොර්බෝර්න් විශ්ව විද්‍යාලයේ දේශක ගුහා පිලිබඳ විද්වතෙකු වූ Edouard Alfred Martel හා Lyster Jameson නම් අයිරිෂ් විද්‍යාඥයෙකුට මේ ගුහාව  ගවේෂණයට මුලික වූ හේතුව විය. ඔවුන් වසර මිලියන ගණනක් තිස්සේ භුමිය යට සැඟව තිබු මේ ගුහා 1895 දී සොයාගනු ලැබිණ. 1985 දී Fermanagh දිස්ත්‍රික් සභාව මෙහි කොටසක් සංචාරකයන් සඳහා විවෘත කරන ලදී.

DSC04289

අමුත්තන්ගේ මධ්‍යස්ථානය

දැඩි අන්ධකාරයෙන් යුත් මේ ගුහාව දැන්   නැරඹීමට සියලු පහසුකම් සලසා තිබේ. මේ ස්ථානයේ ඇති අමුත්තන්ගේ මධ්‍යස්ථානයේදී මේ ගුහා පිළිබඳව විස්තර ප්‍රදර්ශනය කොට ඇත.  එමෙන්ම සමරු භාණ්ඩ ආහාර පාන ආදිය අලෙවි හලක් ආදී පහසුකම් ආදියද සලසා ඇත.

DSC04300

ඇතුළුවන ස්ථානය

කාලගුණ තත්වයන් අනුව, වරකට විනාඩි 75 ක පමණ කාලයක් ගතවන මාබල් ආර්ච් ලෙන බැලීම සඳහා වන සංචාරයකට මාර්ගෝපදේශකයෙකු සමග සීමිත නරඹන්නන් කණ්ඩායමක් සහභාගී කරගනු ලැබේ. මේ ගමනේදී සංචාරකයන් මාර්බල් ආර්ච් වනාන්තරය තුලින් ටික දුරක් රැගෙන ගොස්  පටු මාවත් ඔස්සේ විශ්මිත ලොවකට කැඳවාගෙන යයි. මෙහිදී පෘතුවි අභ්‍යන්තරයේ ගලා බස්නා ස්වාභාවික ගංගා, දිය ඇලි, පටු මාවත්, විශාල ශාලා වැනි ලෙන් හා හුණුගල් දියවීමෙන් හා ඒවා තැන්පත් වීමෙන් සැදුණු විවිධ හැඩයේ නිර්මාණ විදුලි ආලෝකයෙන් දිදුලන ආකාරය  නරඹන්නන් විශ්මයට පත් කරයි.

DSC04303

ඇතුළුවන ස්ථානය

DSC04306

මාර්ගෝපදේශකයෙකු සමග

DSC04317

කාන්දුවන ජලය සමග මිශ්‍රවී ඇති ඛනිජ ද්‍රව්‍ය ගුහා සිවිලිමේ තැන්පත්වී සැදී ඇති stalactites හා ගුහා පොලවේ තැන්පත්වී සැදී ඇති  stalagmites විවිධාකාර හැඩයන් ගෙන ඇත.

DSC04322DSC04323DSC04325DSC04335DSC04338DSC04339DSC04351DSC04360

විවිධ හැඩයේ stalactites හා  stalagmites

ඒවායේ හැඩයන් අනුව ඒවා විවිධ නම් වලින් හඳුන්වා තිබෙනු දැකිය හැක. තවමත් වැඩෙමින් පවතින මේ calcite නිර්මිතතයන්  ඉතා දිගු කාලයක් තිස්සේ නිර්මාණය  ඇති ඒවාය. මේවායේ වැඩීම වසර 1000 කට සෙන්ටි මීටරයක් පමණ වන බව කියති.  . Porridge Pot නම් සුප්‍රසිද්ද නිර්මාණය සැදීමට වසර 50000 ක් පමණ ගතවන්නට ඇතැයි අනුමාන කර ඇත.  

DSC04307

බෝට්ටු ගමන

DSC04347

ජලාශ

මේ සියල්ල බලමින් ලෙන තුල කෙරෙන සංචාරයේදී ජල මාර්ගයක් ඔස්සේ විනාඩි 10 ක පමණ කාලයක් බෝට්ටුව කින්ද  කිලෝමීටර් 1.5 පමණ වන දුරක් පා ගමනින්ද යා යුතුවෙයි. ලෙනෙන් පිටවීමට 150 ක් පමණ වන පියගැට පෙළක් නැගිය යුතුවේ.

DSC04361

ගුහාවේ හරස්කඩ

සාමාන්‍යයෙන් අයහපත් කාලගුණ තත්ත්වයන් ඇති දිනවල හා  දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා කාලයේදී මේ ලෙන් මහජනයාට විවෘත නොකෙරේ. මා මෙහි ගිය දිනය සෑම අතින්ම යහපත් දිනයක් වූ බැවින් Marble Arch ලෙන බලන්නට හැකිවීම අමතක නොවන අත් දැකීමකි.  

Map of Marble Arch Cave

සිතියම Marble Arch Caves විස්තර පත්‍රිකාවකින්

Advertisements

One thought on “Marble Arch Caves

  1. ඕමානයේ සහ ඕස්ට්‍රියාවේ මෙවැනි ගුහා කිහිපයකට ගිහින් තියනව. නමුත් තවමත් හිතට හරියන විදිහෙ අර සුරංගනා කතා වල පෙන්නනවා වගේ එකක් හම්බ උනේ නැහැ. එකක් හමු වෙනකම්ම යනව 🙂

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.