සේන් ගඟ දිගේ 1 – නොත්‍රදාම් දේවස්ථානය – Along The River Seine 1 – Notre-Dame Cathedral (“Our Lady of Paris”)

සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයක් වන පැරිසිය සේන් ගඟ ආශ්‍රිත නගරයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පැරිසි ගෝත්‍රිකයින්ගේ  කාලයේ සිටම සේන් නදිය ප්‍රංශයේ ආර්ථිකය හා ආරක්ෂාව සමග බැඳී තිබුණි. 16 වන සියවසේ සිටම පැරිස් නගරය සංවර්ධනය වුයේ මේ සේන් ගංගාව ඇසුරුකරගෙනයි. 19 වන සිටවසේදී  Georges-Eugène Haussmann ගේ නගර සංවර්ධන සැලැස්ම මගින්ද සේන් නදියේ අලංකාරය වැඩි දියුණු විය. එමෙන්ම පැරිස් නගර සංවර්ධනයේ ඉතිහාසය හා නගර  නිර්මාණශිල්පිය කුසලතාවයන් සේන් නදියේ සිට නිරීක්ෂණය කල හැකිය. මේ පෙදෙස UNESCO සංවිධානය මගින් 1991 දී ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත

DSC00758

සියවස් ගණනාවක් කලා කරුවන්ගේ අවධානය දිනාගත් සේන් නදිය දැන් පැරිසියේ ප්‍රධානතම  සංචාරක ආකර්ෂණයක් වී ඇත. නොත්‍රදාම් දේවස්ථානය අසල සිට අයිෆල් කුලුන දක්වා සේන් නදියේ බෝට්ටුවක නැගී කරනු ලබන සංචාරය පැරිස් නගරය හොඳින් දැක බලා ගැනීම සඳහා ඇති හොඳම මගකි.

DSC00829

(මේ ගමනේදී මා දුටු පැරිසියේ විශේෂ ස්මාරක හා ස්ථාන පිළිබඳව එක් සටහනක් තැබීම අසීරු බැවින් ඒවායින්  කීපයක් පිළිබඳව  වෙන් වෙන්ව සටහන් තැබීමට සිත්වින)

DSC00006

  1. නොත්‍රදාම් දේවස්ථානය.

සේන් ගඟ බඩ පිහිටි ඉතාමත්ම වැදගත් ස්මාරකයක් වන්නේ  නොත්‍රදාම් දේවස්ථානයයි.  ජුපිටර් වෙනුවෙන් වූ පැරණි රෝම සිද්ධස්ථානය පිහිටි ස්ථානයේ ක්‍රි.ව.1160 දී de Sully බිෂොප් තුමාගේ කාලයේ ඉදිකිරීම් අරඹා ක්‍රි.ව.1345 දී පමණ වැඩ අවසන් කරන ලද ගොතික් යුගයේ විශිෂ්ඨ නිර්මාණයක් වූ මෙය Ile de La Cite හි සේන් නදියේ දුපතක කෙලවර පිහිටා ඇත.

DSC00812

flying buttresses

ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා ගඩොල් ආරුක්කු (flying buttresses) යොදාගත් පළමු ගොඩනැගිල්ල මෙයයි. මේ ගොඩනැගිල්ලේ අලංකාර විදුරු ජනේල හා ගොඩනැගිල්ල පිටත හා ඇතුලත නිමවා ඇති ප්‍රතිමා දේවස්ථානයේ ප්‍රෞඩත්වය විදහාපායි.

13 වන හා 14 වන සියවස් වල පාප් වහන්සේලා ගණනක් බිහිකරන ලද අති විශේෂ මධ්‍යස්ථානයක් වූ මෙය ප්‍රංශ විප්ලව සමයේ පසු බැසිමකට ලක්විය. ගොඩනැගිල්ලේ පිටත තනා තිබු පරණ තෙස්තමේන්තුවේ සඳහන් රජවරුන්ගේ ප්‍රතිමා ප්‍රංශ රජවරුන්ගේ ප්‍රතිමා ලෙස වරදවා වටහාගෙන විනාශ කර ඇත. 

DSC00055DSC00050DSC00049

නැපෝලියන් අධිරාජයා මෙය ප්‍රතිසංස්කරණය කොට ඔහුගේ අභිශේකය 1804 දී මෙහිදී සිදුකර ඇත.

1

නැපෝලියන් අධිරාජයාගේ අභිශේකය ලූව කෞතුකාගාරයේ චිත්‍රයක්  Jacques Louis David

විශිෂ්ඨ ප්‍රංශ ලේඛකයෙකුවූ වික්ටර් හියුගෝ Notre – Dame de Paris කෘතිය ලියා ජනතාව අතර මේ දේවස්ථානය පිළිබඳව උනන්දුවක් ඇතිකොට මේ ගොඩනැගිල්ල හොඳින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා යවන ලද පෙත්සමක් නිසා Viollet -le -Duc නම් ගෘහනිර්මානශිල්පියගේ මුලිකත්වයෙන් අද තිබෙන තත්වයට ප්‍රතිසංස්කරණය විය.

නොත්‍රදාම් දේවස්ථානයේ දිග මීටර් 130 කි. පළල මීටර් 48 කි. උස මීටර් 35 කි. කුළුණු මීටර් 69 පමණ උසකින් යුක්තවන අතර ඊට නැගීමට පියගැට 387 ඇත.

DSC00036DSC00035DSC00032DSC00018

Stained Glass Windows

මෙහි ඇති අලංකාර විදුරු ජනේල 13 වන සියවසේදී නිමවන ලද ඒවාය. ඉතා අලංකාර  rose ජනේලයේ විෂ්කම්භය මීටර් 10 කි.

DSC00044DSC00020

Rose Windows

DSC00048

Organ

මේ දේවස්ථානයේ දකුණු කුලුනේ පිහිටුවා ඇති යෝධ සීනුව Emmanuel Bell නමින් හැඳින්වෙන අතර එය ටොන් 13 ක් පමණ බරකින් යුක්තය.

DSC00046

DSC00042

DSC00022

DSC00025

DSC00043

මේ දේවස්ථානයට ඇතුළුවන දොරටු වලට ඉහලින් ඇති කැටයම් විශේෂයෙන් සිත්ගන්න සුළුය. Last Judgement, Mary being crowned by Christ, Virgin enthroned ඒ අතරින් වැදගත්ය.

DSC00065DSC00061

Virgin enthroned

DSC00060

Last Judgement

DSC00056DSC00052

DSC00051

Original Sin

මේ දේවස්ථානය තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තබා ඇන ගැසූ කුරුසියේ කොටසක්, ශුද්ධවූ ඇනයක් හා ඔටුන්නේ කටුවක් ඇතැයි පැවසේ.

වසරකට සංචාරකයෝ  මිලියන 13 ක් මෙය නැරඹීමට පැමිණෙති.

800px-Point_Zéro_des_Routes_de_France_(2)
කිලෝමීටර් 0 (From Wikimedia Commons 800 px)

නොත්‍රදාම් දේවස්ථානය පැරිසියේ පමණක් නොව මුළු මහත් ප්‍රංශයේම හදවත බඳුය. කිලෝමීටර් 0 ඇත්තේ මේ ස්ථානයේය. රට පුරා විහිදෙන මාර්ග වල දුර සටහන් කර ඇත්තේ මේ ස්ථානය සිටයි.

DSC00757

River Saine

එන්.එච්. සමරසිංහ  2018.04.11

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.