සේන් ගඟ දිගේ 2 – ලුවර් කෞතුකාගාරය ALONG THE RIVER SEINE 2 – LOUVRE MUSEUM

(This blog post is written in Sinhala. If you are visiting this page but do not read this language, I warmly invite you to right-click and translate any passage to your language.)

පැරිසියේ සේන් ගඟ දිගේ පහලට යනවිට  නොත්‍රදාම් දේවස්ථානයට පසුව දකුණු ඉවුරේ මුණ ගැසුණු  ඊළඟ අමතක නොවන ස්ථානය වූයේ ලුවර් කෞතුකාගාරයයි. මනස්කාන්ත ගොඩනැගිලි සමුහයකින් සමන්විත මෙය ලෝකයේ විශාලතම කෞතුකාගාරයයි. මෙහි ඇති පුරා වස්තු හා කලා කෘති ආදිය පමණක් නොව මේ ගොඩනැගිලිද සියවස් අටක පමණ කාලයක් තිස්සේ ගොඩ නැගුනු  ගෘහ නිර්මාණශිල්පිය විශිෂ්ට නිමවුම් වේ.

 

_DSC4894_DSC489502

ගොඩනැගිලි වල පිටතද ප්‍රතිමා නිර්මාණය කර ඇත.

පළමුවෙන්ම මෙහි ඉංග්‍රීසින්ගෙන් පැරිසිය ආරක්ෂා කරගැනීම සඳහා බලකොටුවක්ක්‍ ක්‍රි.ව 1165 – 1223 කාලයේදී රජවූ Philippe Auguste විසින් ක්‍රි.ව. 1190 දී ඉදි කරන ලදී.

ක්‍රි.ව. 1360 දී පස්වන චාල්ස් රජ මේ බලකොටුව සිය වාසස්ථානය කරගති.  1546 දී පළමුවන ෆ්‍රැන්සිස් රජ Pierre Lescot ගේ සැලසුම් අනුව  මෙය රජ මාලිගයක් බවට පත් කළේය. පසුව කලින් කල Androuet du Cerceau, Louis Metezeau,Louis Le Vau,  Charles Percier ආදී ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සැලසුම් අනුව විවිධ එකතු කිරීම් කරන ලදී. ක්‍රි.ව. 1682  දී පමණ වර්සේල්ස් මාලිගය රජ වරුන්ගේ නිවහන වීමෙන් පසුව ලුවර් මාලිගය අතහැර දමා තිබින.

ප්‍රංශ විප්ලවයෙන් පසු දහ හතරවන ලුවී හා මාරි බිසව ගිලටීනයට ගෙල තැබූ   ක්‍රි.ව.1793 දී නැපෝලියන් රජතුමා මෙය කලා කෞතුකාගාරයක් බවට පත් කළේය. ක්‍රි.ව. 1806 දී  Arc de Triomphe du Carrousel ඉදිකරන ලදී.

06

Arc de Triomphe du Carrousel

1989 දී Ieoh Ming Pei නම් ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පියා විසින් මේ කෞතුකාගාරයේ ගොඩනැගිලිවලට ඇතුළුවන ප්‍රධාන දොරටු සඳහා විදුරු පනේල 673 කින් යුත් පිරමිඩයක් නිර්මාණය කළේය.

03

පිරමිඩය ඇතුලත ප්‍රදර්ශන ශාලාවලට ඇතුළුවන ස්ථානය

1993 දී ලුවර් ගොඩනැගිල්ලේ පහල මාලයේ ඇති වෙළඳසැල් පිහිටි ප්‍රදේශය ආලෝකමත් කිරීම සඳහා Pyramide Inversee නමින් හැඳින්වෙන පිරමීඩාකාර ඉදිකිරිම කරන ලදී.

05

වෙළඳසැල්

Architecture Page 24

Pyramide Inversee

ලුවර් කෞතුකාගාරය Denon, Richelieu හා Sully යනුවෙන් ගොඩනැගිලි තුනකි. වර්ග මීටර් 72,735 ක් පමණ වන ප්‍රදර්ශන ශාලා මේ ගොඩනැගිලිවල මහල් හතරක් පුරා ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා සියලු කාලයන්වලට අදාල ප්‍රදර්ශන භාණ්ඩ 38,000 ක් පමණ මෙහි ප්‍රදර්ශනය කෙරේ.      මේ කෞතුකාගාරයට වසරකට නරඹන්නෝ මිලියන අටකටත් වැඩියෙන් පැමිණෙති.

ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රධාන වශයෙන් නැගෙනහිර පුරාවස්තු, ඊජිප්තු පුරාවස්තු, ග්‍රීක් රෝමන් හා   පුරාවස්තු, සිතුවම්, මුර්ති, විසිතුරු භාණ්ඩ, මුද්‍රිත දේ හා චිත්‍ර, ඉස්ලාම් කලා අප්‍රිකා,ආසියා, ඇමරිකා ආදී කලා කෘති ආදී වශයෙන් කොටස් ගණනාවකට වෙන් කොට ඇත.

නැගෙනහිර පුරාවස්තු (Oriental Antiquities)

වර්තමාන මද්‍යධරනි මුහුදේ සිට ඉන්දියාව දක්වා ප්‍රදේශයේ පැතිරී තිබුණු මෙසපොටේමියා, ඉරාන්, ලෙවන්ට් ආදී පුරාණ මැදපෙරදිග ප්‍රදේශ වලින් සොයාගන්නා ලද ක්‍රිස්තු පුර්ව වසර 7000 කට පමන පෙර කාලයට අදාළ වෙතැයි සැලකෙන පුරා වස්තු ආදිය මෙහිදී දක්නට ලැබුණි.

07

The Code of hammurabi (Babylon, 18 c. BC)

08

Capital from the Apadana Palace of Darius 1

09

Sarcopghagus of Eshmunazer 11 King of Sidon (Levaant)

1011

Assyrian Bull

ඊජිප්තු පුරාවස්තු (Egyptian Antiquities)

ක්ලියෝපැට්‍රා කාලයේ, Coptic හා රෝමන් කාලයේ ආදී  ඊජිප්තු පුරාවස්තු මෙහි ඇත.

12

The Great Sphinx

13

ඊජිප්තුවේ බළලුන් දේවත්වයෙන් සලකා ඇත

14

The Goddess Isis (332-30 BC)

15

The Seated Scribe

ග්‍රීක් හා රෝමන් පුරාවස්තු (Greek, Etruscan and Roman Antiquities)

ක්‍රිස්තු පුර්ව තූන්වන සියවසේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ හයවන සියවස පමණ කාලය තුල පැරණි ග්‍රීක රෝම ආදී ශිෂ්ටාචාරවලට අදාළ පුරාවස්තු මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනු දුටිමි.31

The Winged Victory of Samothrace (c90 BC)

34

Venus de Milo (c130-100 BC)

30

Borghese Gladiator (c100 BC)

සිතුවම් Paintings

දහ තුන්වන සියවසේ සිට දහ නවවන සියවසේ මැද කාලය දක්වා ප්‍රංශ, ඉතාලි, ස්පාඥ, ජර්මන් සහ උතුරු යුරෝපිය ආදී යුරෝපිය රටවල සිතුවම් ප්‍රධාන  කොටස් තුනකට බෙදා ප්‍රදර්ශනයට තබා තිබුණි.

69

මොනාලීසා සිතුවම ඉතාම වැදගත් සිතුවම වුවත් එය ප්‍රමාණයෙන්  77cm X 53cm පමණ වේ.

39

Monalisa – Leonardo da Vinci (Italy)

40

The Wedding Feast at Cana – Veronese (Italy)

Louvre Paintings Page 14

Terrestrial Venus with Eros – Giovanni Antonio Bazzi

Louvre Paintings Page 9

The Judgement of Paris – Girolamo de Benvenuto

Louvre Paintings Page 4

Venus & Three Graces – Sandro Botticelli

41

The Raft of the Medusa – Theodore Gericault (French)

4243

Death of Sardanapalus – Eugene Delacroix (French)

70

The Intervention of the Sabine Women – Jacques Louis David

44

Paolo & Francesca

45

The Baptism of Christ – Cornelis van Haarlem

46

The Clubfoot – Juspede Ribera

47

The Ravan Tree – Caspar David Friedrich

48

Galerie Medicis

103100

Northern Europe

101

16 th century poraits

මුර්ති Sculptures

මධ්‍ය කාලින යුගයේ සිට දහ නවවන සියවස දක්වා ප්‍රංශ, ඉතාලි, ස්පාඥ, උතුරු යුරෝපිය ආදී රටවල ඉතා සිත්ගන්නා සුළු මුර්ති මෙහිදී දක්නට ලැබුණි.

16

French Sculpture

17

Nisus & Euryalus

18

The soldier from marathon announcing victory

192021

2223

French Sculpture

24

Satyr & Baccchante – James Pradier 

25

Christ taken down from the cross

26

Fountain of Diana

27

The Rebellious Slave – Michelangelo

28

The Dying Slave – Michelangelo

29

Cupid & Psyche – Antonio Canova

3233

Dying Seneca

35

Athena

36

Centaur being ridden by Cupid 

37

Centaur Clasping Bacchante – Johan Tobias Sergel (Sweden)

38

Saint Mary Magdalene – Gregor Erhart (Netherlands)

විසිතුරු භාණ්ඩ Decorative Arts

ප්‍රංශ රාජකීයයන්ට අයත්ව තිබු භාණ්ඩ, ම්ධ්‍ය කාලින, 17 හා 18 වන සියවස්වල අයත් විසිතුරු බඩු, 19 වන සියවසේ ගෘහ භාණ්ඩ, තුන්වන නැපෝලියන් රජුගේ මාළිගය ආදිය මේ කොටසේ දක්නට ලැබුණි.

49505152

Napoleon 111 Apartments

53

Cove painting

63

Sceptre of Charles V

646566

Nessus & Deianeira

6768

62

Virgin & Child

ඉහතින් ඇත්තේ දින දෙක තුනකදී  මා දුටු කළා කෘති වලින් කීපයක් පමණි. ලුවර් කෞතුකාගාරය මුළුමනින් නැරඹීමට නම් දින ගණනාවක් ගතකල යුතුවෙයි.

DSC00663

Advertisements

One thought on “සේන් ගඟ දිගේ 2 – ලුවර් කෞතුකාගාරය ALONG THE RIVER SEINE 2 – LOUVRE MUSEUM

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.