සේන් ගඟ දිගේ 4 – ORSAY කෞතුකාගාරය ALONG THE RIVER SEINE 4 – ORSAY MUSEUM

 

Tuileries උද්‍යානයට සමාන්තරව සේන් නදියේ අනෙක් පස දකින්නට ලැබුනේ ඔර්සේ Orsay කෞතුකාගාරයයි. ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන  සම්භාව්‍ය සම්ප්‍රදායේ කලා කෘති වලට පසු කාලිනව හා පොම්පිඩු මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කරන නුතන කලා කෘති වලට පුර්වයෙන්වූ   ක්‍රි. ව. 1848 සිට 1914 දක්වා කාලයේ උපස්ථිතිවාදී හෙවත් ආලෝකවාදී (Impressionism) කලා කෘති ප්‍රදර්ශනය කෙරෙන මේ කෞතුකාගාරයද බොහෝ සංචාරකයන්ගේ ප්‍රසාදයට ලක්වුවකි. උපස්ථිතිවාදී  කලා කෘති වලින් ලෝකයේ පොහොසත්ම  කෞතුකාගාරය මෙයයි. දල වශයෙන් වසරකට  මිලියන තුනකට වැඩි ජනතාවක් මෙය නරඹන්නට පැමිණෙති.

_DSC4807

කෞතුකාගාරය

මේ කෞතුකාගාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලද විශේෂිතය. මේ ගොඩනැගිල්ල 19 වන සියවසේ සම්භාව්‍ය  ගෘහ නිර්මාණ ශිල්පය හා කාර්මික යුගයේ නුතන ගෘහ නිර්මාණ ශිල්පය මැනවින් සංකලනය කොට ඉදිකරන ලද්දකි. 1900 දී දුම්රිය පොලක් ලෙස ඉදිකළ මෙහි ලෝහයෙන් හා විදුරු වලින් කළ නිමවුම් පරදා කලාත්මක කැටයමින් කළ පේකඩ ආදිය කැපී පෙනේ. 1939 දක්වා පැරිසියේ දුම්රිය ස්ථානයක් වූ මේ ගොඩනැගිල්ල  දුම්රිය සේවාවේ වර්ධයත් සමග දුම්රිය පොලක් ලෙස භාවිත කිරීමට ප්‍රමාණවත් නොවූ බැවින් කඩා ඉවත් කිරීමට නියමිතව තිබිණ. එහෙත් කලාවේ අගය වටහාගෙන සිටි පැරිසියානුවන් මෙහි හෝටලයක් ඉදිකරනු වෙනුවට එය කෞතුකාගාරයක් බවට පත් කොට 1986 දෙසැම්බර් මාසයේ Musee d’ Orsay නමින් විවෘත කරන ලදී.

21

DSC07792-001DSC07796-001

මුර්ති හා ප්‍රතිමා, සිතුවම්. ඡායාරුප, කලාත්මක භාණ්ඩ ආදී විවිධ වර්ගවල කලා කෘති දහස් ගණනක් මහල් කීපයක් පුරා මෙහි  ප්‍රදර්ශනයට තබා ඇත.

Alfred Barye, Alexandre Falguiere,  François Rude, Pierre Jules Cavelier, Jean-Baptiste Carpeaux, James  Pradier,, Émile-Coriolan Guillemin, Auguste Rodin, Aristide Maillol, Paul Gauguin, Camille Claudel, Sarah Bernhardt, Honoré Daumier. Edgar Degas ආදී මුර්ති ශිල්පීන්ගේ ලෝහ, කිරිගරුඩ, ටෙරා කොටා, ප්ලාස්ටර්, ඉටි ආදී ද්‍රව්‍යයන්සෙන් සාදන ලද සුප්‍රසිද්ධ ප්‍රතිමා හා මුර්ති රාශියක් මේ අතර වේ.

DSC07804

mil2

Tanagra by Jean Leon Gerome

mil

Standing Bather by Aristide Maillol

_DSC4716

The Dance by Jean Baptiste Carpeaux (copy at Paris Opera)

DSC07873

Mediterranean by Aritide Maillol (copy at Tuilleries Garden)

මේ කෞතුකාගාරය මෑතකදී අරඹන ලද්දක් වුවද චිත්‍ර කලා ඉතිහාසයේ නොමැකෙන නමක් තබා ඇති ලෝකප්‍රසිද්ධ චිත්‍ර ශිල්පින්ගේ විශිෂ්ට කෘති රාශියක් සමගින් සිතුවම් 5000 කටත් වැඩියෙන් මේ කෞතුකාගාරය සතුව ඇත.

එඩුවාර්ඩ් මැනේ (Eduard Manet), ක්ලෝඩ් මොනේ (Claude Monet ) ආල්ෆ‍්‍රඩ්සිස්ලේ (Alfred Sisley), පෝල් සෙසාන්(Paul Cezanne), ඔගස්ටස් රෙනුවා(Augustes Renoir), කැමිල් පිසාරෝ (Camille Pissarro), එඩ්ගා ඩෙගා (Edgar Degas), පෝල් සිග්නා(Paul Signac), පෝල් ගොගෑන් (Paul Gauguin), වින්සන්ට් වැන් ගෝ (Vincent Van Gogh) ,Alexandre Cabanel, Jean Auguste Dominique Ingres, Théodore Chassériau, Jean-François Millet, Gustave Courbet, James McNeill Whistler, Gustave Caillebotte,  Georges Seurat,  Eugène Delacroix, Jean-Baptiste-Camille Corot,Eugène Boudin, Eugène Boudin, Pierre Bonnard ආදී සිය ගණනනක් වූ  උපස්ථිතිවාදීන්  හා පශ්චාත් උපස්ථිතිවාදීන් ගේ ඓතිහාසික චිත්‍ර මෙහිදී දැක ගන්නට ලැබිණ.

DSC00486

The Picnic by Edouard Manet

William-Adolphe_Bouguereau_(1825-1905)_-_The_Birth_of_Venus_(1879)Alexandre_Cabanel_-_The_Birth_of_Venus_-_Google_Art_Project_2

Birth of Venus by Alexandre Cabanel 
(ඉහත පින්තුර දෙක WIKIPEDIA අඩවියෙන් ලබාගන්න ලදී.)

DSC00488

Woman with Coffee pot by Paul Cezanne

DSC00489

Self Portait by Vincent Van Gogh

මිට අමතරව විවධ උපක්‍රම භාවිතයෙන් නිම කරන ලද ආලේඛ්‍ය, භූ දර්ශන, හා ඓතිහාසික ඡායාරුප රාශියක් ද මෙහි ප්‍රදර්ශණය කෙරේ. Gustave Le Gray, Edouard Baldus, Paul Haviland, Heinrich Kuhn, Eugene Atget, Pierre Bonnard, Edward Steichen  ආදීන්ගේ කෘති මේ අතර කැපී පෙනේ.

කෞතුකාගාර ගොඩනැගිල්ලෙන් පිටත භුමියේද මුර්ති කීපයක් දැකිය හැකිය.   Exposition Universelle නම් 1878 දී පැවැත්වූ  තුන්වන පැරිස් ප්‍රදර්ශනයට සාදන ලද Aimé Millet ගේ   South America, Alexandre Falguière  ගේ Asia,  Mathurin Moreau ගේ  Oceania ,   Alexandre Schoenewerkගේ  Europe, Ernest-Eugène Hiolle ගේ North America හා Eugène Delaplanche ගේ Africa  මේ අතර ප්‍රධානවේ.

DSC09271

DSC09262_DSC4773_DSC4777

මෙහි තිබු දුම්රිය ස්ථානයේ සවිකොට තිබු විශාල ඔරලෝසු තවමත් නිවැරදිව වෙලාව දක්වයි.

DSC07786-001

DSC07800-001DSC07791-001

_DSC4793

Clocks

මේ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටුවා ඇති  ආපන ශාලාව, කලාව සම්බන්දයෙන් ලියවුනු වටිනා පොත් පත් හා සමරු භාණ්ඩ මිලට ගත හැකි වෙළඳ සැල ආදියද නරඹන්නන්ගේ අවධානය දිනාගෙන ඇත.  

මේ කෞතුකාගාරයේ කලා කෘතිවල ඡායාරුප ගැනීමේ තහනම 2015 මාර්තු පමණ සිට ඉවත්කොට ඇත.

DSC07801-001DSC07802-001

අවන් හල 

_DSC4790

_DSC4789

 Books and Gifts Shop

DSC03119

එන්.එච්. සමරසිංහ  2018.04.29

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.