UNESCO ලෝක උරුමයක් වන පැරිස් නගරයේ සේන් නදිය දෙපස වැදගත් ස්මාරක නරඹමින් යනවිට Orsay කෞතුකාරයට පසුව දක්නට ලැබුනේ Assemblée nationale නැතහොත් Palais Bourbon යනුවෙන් හැඳින්වෙන ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහල ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ප්‍රංශ ජාතික සභා ගොඩනැගිල්ලයි.
- Assemblée nationale
14 වන ලුවී රජුගේ දියණිය වූ Duchesse de Bourbon වෙනුවෙන් තැනු Palais Bourbon නම් ගොඩනැගිල්ල ප්‍රංශ විප්ලවයෙන් පසු ජාතිය සතුවිණ. පසුව නැපෝලියන් අධිරාජයාගේ කාලයේදී ගෘහ නිර්මාණ ශිල්පී Bernard Poyet විසින් එහි මුහුණත නවීකරණය කරන ලදී. 1795 දී පමණ පන්සීය දෙනාගේ මණ්ඩලය (Council of the Five Hundred) යනුවෙන් හැඳුන් වූ ව්‍යවස්ථාදායක පහළ මන්ත්‍රී මණ්ඩලය පළමු වරට මෙහි රැස් විය.
ගොඩනැගිල්ල ඉදිරිපස ප්‍රතිමා කීපයක් දක්නට ලැබිණ.
France, between Liberty and Public Order, calling to her geniuses Trade, Agriculture, Peace, War and Eloquence by Jean-Pierre Cortot

Themis (The goddess of Justice, Law and Equity).Jean-Antoine Houdon
Henri François d'Aguesseau (French magistrate who was Chancellor of France in 1717) Jean-Joseph Foucou
Michel de l'Hospital (1505-1573) (Advisor to the Parliament of Paris, ambassador to the Council of Trent, superintendent of finance and finally Chancellor of France) by Louis-Pierre Deseine . Maximilian of Bethune, Duke of Sully (1559-1641), Pierre-Nicolas Beauvallet Athena, (Goddess of war, wisdom, craftsmen, artists and schoolmasters, represents legislation) by Philippe-Laurent Roland
මේ ගොඩනැගිල්ල ඉදිරිපස ඇත්තේ කොන්කොර්ඩ් චතුරශ්‍රයයි.

- කොන්කොර්ඩ් චතුරශ්‍රය
හෙක්ටෙයාර් 8.64 ක් පමණ වන මෙය පැරිසියේ විශාලතම මහජන චතුරශ්‍රයයි. ප්‍රංශ විප්ලව සමයේ ඉතා ප්‍රසිද්ධ ගිලටිනය පිහිටුවා තිබුනේ මෙහිය. 1793 – 1795 අතර කාලයේ 14 වන ලුවී, මාරි ඇන්ටොනට් ආදී රාජකීයයන් ඇතුළු 1300 ක් පමණ දෙනෙකුගේ හිස් ගසාලන ලද්දේ මෙහිදීය. දේශපාලනමය නොවන ස්මාරකයක් මෙහි පිහිටුවිමට ලුවී පිලිප් අදහස් කළ හෙයින් මෙහි ලුවී පිලිප් හට 1831 දී මොහමඩ් අලි විසින් ප්‍රධානය කොට තිබු ලුක්සෝර්හි (Luxor) රම්සිස් (Ramses) දේවාලයේ තිබු ස්ථම්භය (Obelisk) 1836 දී මෙහි ස්ථාපනය කරන ලදී. මිට අමතරව රෝමයේ සාන්ත පීටර චතුරශ්‍රයේ පිහිටි වතුර මල් වල ආකාරයෙන් තඹ වලින් සෑදු වතුර මල් දෙකක්ද පිහිටුවා ඇත.
- Obélisque de Louxor & Eiffel

- Fontaine des Mers & Eiffel
- Fontaine des Mers
- Water Fountain, Obelisk, Assemblée nationale & Invalides
කොන්කොර්ඩ් චතුරශ්‍රයට මඳක් ඔබ්බෙන් සේන් ගඟේ දකුණු පස මීළඟට දක්නට ලැබෙන්නේ වින්සන්ට් චර්චිල් මාවතේ පිහිටි Petit Palais හා Grand Palais නමින් හැඳින්වෙන 1900 දී පැරිසියේදී පැවැත්වූ විශ්ව ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිලි දෙකයි. Petit Palais දැන් කලා කෞතුකාගාරයකි. 1903 සහ 1925 අතර කාලයේදී නිර්මාණය කරන ලද සිතුවම් හා මූර්ති රාශියක් මෙහි ප්‍රදර්ශනය කෙරේ.
- Petit Palais
- Petit Palais
- Grand Palais
- Grand Palais
- Grand Palais
1900 දී පැරිසියේදී පැවැත්වූ විශ්ව ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිලි අතර දැනට ඉතිරිව ඇති විශාලතම ගොඩනැගිල්ල Grand Palais නම් ගොඩනැගිල්ලයි. එය දැනට ලෝකයේ ඇති විශාලතම ලෝහ සැකිල්ලක් හා විදුරු වහලක් සහිත ඉදිකිරිම ලෙස සැලකේ. එහි වර්ග මීටර් 15,000 ක් පමණ විශාල ඉතා අලංකාර විදුරු වහල සහ සැරසිලි නිසා මෙය පැරිසියේ වැදගත් ස්මාරකයක් බවට පත්ව ඇත. මෙය වසර සියයකට වැඩි කාලයක් තිස්සේ විශේෂිත අවස්ථා හා ප්‍රදර්ශන, විලාසිතා එළිදැක්වීමේ ප්‍රදර්ශන ආදිය පැවැත්වෙන ශාලාවක් හා කෞතුකාගාර සංකීර්ණයක් ලෙස භාවිතා වෙයි.

සේන් නදිය ඔස්සේ තව දුරටත් යනවිට ඒ ආසන්නයේ මෑතකදී පිහිටුවා ඇති ජනප්‍රිය තවත් සිහිවටනයක් වී ඇත්තේ Flamme de la Liberté (Flame of Liberty) නමින් හැඳින්වෙන සිහිවටනයයි.
- Flame of Liberty
මෙය ඇමෙරිකාවේ නිව්යෝර්ක් වරාය සමීපයේ ඇති නිදහසේ ප්‍රතිමාවේ (Statue of Liberty (Liberty Enlightening the World)) ඇති ගිනි සිළුවේ ආකෘතියකි. 1987 දී International Herald Tribune පුවත් පතට වසර 100 ක් සැපිරීම නිමිත්තෙන් පාඨකයන්ගේ දායකත්වයෙන් ඇමෙරිකානු ඩොලර් 400,000 ක් පමණ වැයකොට මේ ස්මාරකය තනා 1989 දී ප්‍රංශ – ඇමෙරිකානු මිත්‍රත්වය සංකේතවත් කරමින් පැරිස් නගරයට පරිත්‍යාග කර ඇත.
මෙය 1989 මැයි 10 දින Place de l’Alma හි නිව්යෝර්ක් මාවතේ පිහිටුවන ලදී. මේ ස්මාරකය යට පිහිටි උමං මාර්ගයේදී 1997 අගෝස්තු 31 දින සිදුවූ රිය අනතුරකින් මහා බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය මිය ගියාය. ඉන් පසු ඩයනා කුමරිය වෙනුවෙන් ශෝකය පළකරන්නන් මේ ස්ථානය නිල නොවන ස්මාරකයක් බවට පත්කරගෙන ඇත. අද මෙහි ඇත්තේ මේ ස්මාරකය ඩයනා වෙනුවෙන් ඉදිකරණ ලද්දක් බවට වැරදි වැටහීමක් ඇති කරවන අන්දමේ පරිසරයකි.
- Flame of Liberty
මේ ඉදිරියේ ඩයනා කුමරිය වෙනුවෙන් ලියූ ප්‍රකාශ, ඡායාරුප, මල් ආදිය තැන්පත් කිරීම හා ස්මාරකය වටා ඇති දම්වැල් වල Love Lock දැමීම සිරිතක් වී තිබීම ඊට හේතුවයි.
මේ ස්මාරකයට මීටර් 250 ක් පමණ ඉදිරියේදී හමුවුයේ Palais de Tokyo නම් කලාගාරයයි.
- Palais de Tokyo
මෙහි නුතන කලා කෘති ප්‍රදර්ශනය කෙරේ. 1937 පැවැත්වූ ජ්‍යාත්‍යන්තර නුතන ජිවන කලා හා තාක්ෂණ ප්‍රදර්ශනය (International Exhibition of Art and Technology in Modern Life) වෙනුවෙන් මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත. මහල් හතරකින් යුත් වර්ග මීටර් 22,000 ක පමණ විශාල මේ ගොඩනැගිල්ලේ ප්‍රසංග, ප්‍රදර්ශන, රැස්වීම් ආදියට ඉඩ පහසුකම් සලසා ඇති අතර පොත් සාප්පුවක් අවන් හල් ආදියද පවත්වාගෙන යයි.
- කලාගාරයේ මුර්ති
- කලාගාරයේ මුර්ති
- කලාගාරයේ මුර්ති
- කලාගාරයේ මුර්ති
- කලාගාරයේ මුර්ති