සේන් ගඟ දෙපස UNESCO ලෝක උරුමයක් ලෙස සැලකෙන සීමාව ලූව කෞතුකාගාරය ආසන්නයේ සිට අයිෆල් කුළුණ දක්වා විහිදෙයි. මේ පෙදෙස මෙසේ ඉතා වැදගත් ලෝක උරුමයක් ලෙස නම් කිරීමට හේතුවූ එක් කරුණක් වන්නේ 19 වන හා 20 වන සියවස් වල ඉතා වැදගත් විශ්වීය ප්‍රදර්ශනයක් වූ 1889 වසරේදී පැවැත්වුණු Exposition Universelle නම් ප්‍රදර්ශනයේ ජීවමාන සාක්ෂියක් වන අයිෆල් කුලුණද මේ ආසන්නයේ පිහිටීමයි. පැරිසියේ සේන් ගඟේ කෙරෙන සම්ප්‍රදායික බෝට්ටු සංචාරයද අයිෆල් කුළුණ ආසන්නදී ආපසු හැරී නැවත ඉහලට ගමන් ගනී.
- Eiffel
1789 දී සිදුවූ ප්‍රංශ විප්ලවය ලෝක දේශපාලනය නව මගකට හැරවූ සන්ධිස්ථානයකි. ඒ බැස්ටිලය බිඳ වැටීමට වසර සියයක් සැපිරීම සැමරීම සඳහා ප්‍රංශයේ පැරිස් නගරයේදී 1889 මැයි 6 සිට 1889 ඔක්තෝබර් 31 දක්වා ලෝක ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කෙරින.19 වන සියවසේ යුරෝපයේ අදිරාජ්යවාදින්තුල මහා පරිමානයේ සංදර්ශන පැවැත්වීමේ ප්රවනතාවයක් තිබිණ. ඒ අනුව මේ ප්‍රදර්ශනයද පෙර කිසිදා නොකළ ආකාරයේ එකක් කිරීමට ප්‍රංශ බලධාරින්ට අවශ්‍ය විය. ඔවුහු මේ ප්‍රදර්ශනයට ඇතුළුවන දොරටුවට විශ්මිත ආකාරයේ ඉදිකිරීමක් කිරීමට තරඟයක් පැවැත්වුහ. මේ සඳහා ඉදිරිපත්වූ සැලසුම් අතරින් තෝරා ගැනුනේ Maurice Koechlin හා Emile Nouguier යන Alexandre Gustave Eiffel ගේ ආයතනයේ ජේෂ්ඨ ඉංජිනේරුවන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කළ අයිෆල් ගේ සැලසුම. ඒ මීටර් 300 උස අයිෆල් කුළුණ.
- Gustave Eiffel
කල නොහැකි හා අනතුරුදායක වැඩක් ලෙස බොහෝදෙනාගේ විවේචනයට භාජනය වුවත් ඉතා සාර්ථක අන්දමින් 1887 ජනවාරි 28 හා 1889 මාර්තු 31 අතර කාලය තුල මෙය ඉදිකොට අවසන් කරන ලදී. එදා එය මිනිසා විසින් කරන ලද ලෝකයේ උසම ඉදිකිරිම විය. 1930 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ Chrysler ගොඩනැගිල්ල ඉදිකරන තුරු වසර 41 ක් එය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස කිරුළ දැරිය. එය පුදුම හතෙන් එකක් ලෙසද ගණන් ගැනිණ.

2024 ඔලිම්පික් තරඟ වලට සුදානම් වන පැරිස්
මේ කුළුණේ පාදම පැත්තක් මීටර් 125 ක් පමණවේ. ටොන් 9700 ක් පමන බර වාත්තුකල යකඩ කොටස් 18,000 කටත් වැඩි ප්‍රමාණයක් 2,500,000 පමණ රිවට් ඇන වලින් ලැටිස් ආකාරයෙන් සම්බන්දකොට මීටර් 300 ක් උසට මේ කුළුණ ඉදිකර ඇත. එය පැරිසියේ වැදගත්ම ගොඩනැගිල්ල ලෙස පමණක් නොව ලෝකයේ කාර්මික නිර්මාණ ශිල්පයේ උසස්ම නිෂ්පාදනය ලෙසද ගණන් ගැණින.

Exposition Universelle ප්‍රදර්ශනයට ඇතුළුවන දොරටුව ලෙස
අයිෆල් කුළුණ ගොඩනැංවීම සඳහා අයිෆල්ට ගෙවන ලද්දේ ඇස්තමේන්තු කරන ලද ෆ්රෑන්ක් ලක්ෂ 65 ක මුදලින් ලක්ෂ 15 ක් පමණි. ඉතිරි මුදල කුළුණ ප්‍රදර්ශනයෙන් ලැබෙන මුදලින් පියවා ගන්නට කටයුතු කෙරිණ. වසරක් තුලදී මේ මුදල පියවා ගන්නට හැකිවූ බව කියති. ලොව උසම කුළුණ නිර්මාණය කිරීම ඉතා සාර්ථක කාර්යයක් වූ බැවින් අයිෆල් ගේ දක්ෂතාවය අගය කිරීමට ඔහුගේ නමින් කුළුණ නම් කළ අතර ඔහුට ගෞරව සම්මානද පුදනු ලැබිණ.
මෙය ඉදි කරන ලද්දේ අවුරුදු 20 ක කාලයකට පමණි. ඒ අනුව එය 1909 දී ගලවා ඉවත් කිරීමට නියමිතව තිබිණ. කුළුණ කෙරෙහිවූ සංචාරක ආකර්ෂණයට අමතරව 20 වන සියවසේ මුල් දශකයේදී හදිසියේ ඇතිවූ රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රියාවලියට අවශ්‍ය ඇන්ටෙනා සවිකිරීමේ අවශ්‍යතාවය කුළුණ ඉවත් කිරීමේ තීරණය වෙනස් කිරීමට හේතුවිය. ගුවන් විදුලි සංදේශනය දියුණුවීමත් සමග කුළුණේ කාර්යභාරයද වෙනස්විය. කුළුණේ ඉහලම මහල පැරිස් නගරයේ අසිරිය නරඹන ප්රේක්ෂකයනට වෙන්වුන අතර ඊට ඉහල කොටස ඇන්ටෙනා සඳහා වෙන්විය. මෙසේ මුල් සැලැස්මේ නොතිබුණු අංගයක් කුළුණට එක්වී එහි උස තවත් මීටර් 21 කින් පමණ හා බර තවත් ටොන් දහසකින් පමණ වැඩිවිණ. පළමු ටෙලිවිෂන් ඇන්ටෙනාව 1936 දී මේ කුළුණට එකතු විය. 1957 දී ඒ වෙනුවට වෙනත් ප්‍රබල ඇන්ටෙනාවක් සවි කෙරින. ඒ අනුව කුලුනේ උස මීටර් 300 සිට 320.75 දක්වා වැඩිවිය. එවිට මේ කුළුණට හිමිව තිබු උසම ගොඩනැගිල්ල බවට වූ වාර්තාව අත්කරගත් 1930 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ Chrysler ගොඩනැගිල්ලට වඩා අඩි 6 කින් වැඩිවිය. මේ උස උෂ්ණත්වය වෙනස්වීම අනුව තවත් සෙන්ටි මීටර් 15 කින් පමණ වෙනස් වන බව කියති.
- ඇන්ටෙනා
මේ කුළුණේ සවිකොට තිබු සන්නිවේදන උපකරණ මගින් සතුරු හමුදාවල සඥා අඩාල කිරීම, අනතුරු ඇඟවීමේ සඥා නිකුත් කිරීම ආදිය මගින් පළමුවන ලෝක යුද්ධ සමයේදී ප්‍රංශයේ ආරක්ෂාව සඳහා මේ කුළුණ මහඟු මෙහෙයක් ඉටුකරන ලදී.
පළමුවන ලෝක යුද්ධයෙන් පසු මේ කුළුණ විනාශයට පත්වෙමින් තිබිණ. දෙවන ලෝක යුද්ධයේදී මේ කුළුණ විනාශ කරන ලෙස හිට්ලර් නියෝග කොට තිබිණ. නාසීන් විසින් මෙය අත්පත් කර ගතහොත් ඔවුනට සෝපාන වලින් ඉහලට නැගීමට නොහැකිවන ලෙස සොපානවල කේබල් ප්‍රංශ හමුදා විසින් කපා දමා තිබු බව කියති.
20 වන සියවසේ මැද භාගය පමණ වන විට අයිෆල් කුළුණ අත්හැර දමන ලද ස්මාරකයක් ලෙස පෙනුණි. මේ නිසා චෙකොස්ලෝවැකියානු ජාතික වික්ටර් ලස්ටිංග් නම් වංචනිකයෙකුට දෙවරක්ම මේ කුළුණ පරණ යකඩ ලෙස විකුණන බවට වැදගත් ව්‍යාපාරිකයන් රවටා මුදල් ලබාගැනීමට හැකිවී ඇත.
1986 දී මේ කුළුණේ බොහෝ අලුත්වැඩියාවන් කරන ලදී. සෑම වසර හතකට වරක්ම කුළුණේ තීන්ත ආලේප කරනු ලැබේ. දැන් 500 ක් පමණ දෙනා මේ කුළුණේ සේවයේ දී සිටිති. අද මෙය ලෝකයේ වැඩිම පිරිසක් මුදල් ගෙවා නරඹන ස්මාරකයයි. වසරකට මෙය නැරඹීමට පුද්ගලයන් 7,000,000 ක් පමණ පැමිණෙන බවට හෙළිව ඇත.
- සමරු භාණ්ඩ අලෙවි හල
මහල් තුනකින් යුතු මේ කුළුණේ මහල් තුනම නරඹන්නන්ට වීවෘතය. පළමු හා දෙවන මහල් වල ආපන ශාලා සමරු භාණ්ඩ අලෙවි හල ආදිය ඇත. මීටර් 276 ක් ඉහලින් ඇති ඉහලම මහල නැරඹුම් වේදිකාවකි.

නැරඹුම් වේදිකාව

ඉහල මහලේ සිට Champ de Mars
- ඉහල මහලේ සිට Trocadéro Gardens & Palais de Chaillot
- ඉහල මහලේ සිට පැරිස් නගරය
- ඉහල මහලේ සිට සේන් නදිය
- ඉහල මහලේ සිට සේන් නදිය
- ඉහල මහලේ සිට පැරිස් නගරය
- ඉහල මහලේ සිට පැරිස් නගරය
- ඉහල මහලේ සිට පැරිස් නගරය
අයිෆල් ඔහු වෙනුවෙන් මේ මහලේ කුඩා කාර්යාලයක්ද තනා ඇත. අමුත්තන් පිළිගැනීම් ආදී කටයුතු වලට මෙය පාවිච්චිකර ඇත. දැන් මෙහි තෝමස් අල්වා එඩිසන්, අයිෆල් හා ඔහුගේ දියණියගේ හමුවීම නිරුපනය කෙරෙන ඉටි රුප තනා තිබේ.
මේ මහලේ බිම හලක්ද (Champagne Bar) ඇත. බිම් මට්ටමේ සිට පළමු මහලට පිය ගැට 300 ක් පමණ ඇත. ඉහලම මහලට පා ගමනින් නැගීමට නම් පිය ගැට 1665 ක් පමණ නැගිය යුතුවේ. සෝපානයකින් නම් පළමු හා දෙවන මහල් වලට කුළුණේ පාද ඔස්සේ ඉහලට නැගෙන හයිඩ්රෝලික් සෝපානයකින් හා එතැන් සිට ඉහලම මහලට තවත් සෝපානයකිනුත් යා යුතුය.

සෝපාන
පළමුවෙන්ම සේවයට යෙදවූ සෝපාන දෙකක් තවමත් හොඳින් සේවයේ යොදවා ඇත.

අයිෆල් කුළුණ දැන් රාත්‍රී කාලයේ සෑම පැයකම මුල් විනාඩි පහේදී විදුලි බුබුළු 20000 කින් විවිධ රටා මවමින් ආලෝකමත්වේ. කි.ව. 2000 සහශ්‍ර සැමරුම වෙනුවෙන් කුළුණු මස්තකයට අති දීප්තිමත් xenon ලාම්පු දෙකක් එක්කොට ඇත. මේ කුළුණේ විදුලි රටා වල හිමිකම් අවුරා ඇති බැවින් විදුලි පහන් දැල්වූ පසු අනවසරයෙන් කුලුනේ පින්තුර ගැනීම හා ප්‍රසිද්ධ කිරීම කළ නොහැක.

යකඩ ගැහැණිය යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන මෙය විශ්වීය සංකේතයක් බවට පත්ව ඇත. අයිෆල් කුළුණේ තුන්වන මහලේදී පැරිස් නගරය නිරීක්ෂණය කිරීම අමතක නොවන අත්දැකීමකි.