උතුරු යුරෝපිය රටවල් කිහිපයකම මෙගලිතික යුගයේදී නිර්මාණය කරන ලද බවට සැලකෙන, එක ලක්ෂයක් වටා කවයක ආකාරයෙන් සිරස් අතට ගල් සිටුවා ගොඩ නගන ලද ගල් කව (Stone Circles) දැකිය හැකිය. මේවා ගල් පේලි එකක් හෝ වැඩි ගණනකින් යුක්තව නිර්මාණය කොට තිබේ. ගල් කව ඉදිකිරීමේ පරමාර්ථය කුමක් දැයි නිශ්චිතව නිගමනය වී නැතත්, ඒවා යම් ඇදහිමක් සම්බන්ද චාරිත්‍ර සඳහා හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා සුර්යයාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හෝ ගොඩ නගන්නට ඇතැයි අනුමාන කරති.
ලෝකයේ ඉතා ජනප්‍රියතම ගල් කව වන්නේ මහා බ්‍රිතාන්‍යයේ විල්ට්ශයර් (Wiltshire) පෙදෙසේ පිහිටි ස්ටෝන්හේන්ජ් (Stonehenge) හා එව්බරි (Avebury) ගල් කවයන්ය. මානව නිර්මාණ කුසලතාවය, සංස්කෘතික සම්ප්‍රදායන් පිලිබඳ සාක්ෂියක් වීම හා සාරධර්ම හුවමාරුව ආදී කරුණු මුල්කොටගෙන මේ ස්මාරක 1986 පමණ සිට යුනෙස්කෝව මගින් ලෝක උරුමයන් ලෙස නම්කොට ඇත. අති විශාල ගල් කුළුණු යොදා සැකසු ලෝක ප්‍රකට ගල් කවය ස්ටෝන්හේන්ජ් වන අතර විශාල බිම් ප්‍රදේශයක් ආවරණය කරමින් නිමවූ ලෝකයේ විශාලතම ගල් කවය දක්නට ලැබෙන්නේ ඊට කිලෝ මීටර් 30 ක් පමණ උතුරින් ඇති එව්බරිහිය.
එව්බරි (Avebury) ගල් කවය පිළිබදවද කරුණු නිශ්චිතව හෙළිදරව් කරගෙන නැතත් එහි 180 ක් පමණ වන ගල් කනුවලින් පිටත කවයේ වන 100 ක් පමණවත් වසර 5000 පමණ පෙර ගොඩනගා තිබෙන්නට ඇතැයි විශ්වාස කරති. එව්බරි ගල් කුළුණු, කඳු, ඉවුරු, අගල් ආදී නිර්මාණ වලින් යුත් ප්රාග් ඓතිහාසික යුගයේ නිර්මාණ සංකීර්ණයකි.
එව්බරිහි (Avebury) පිහිටි Alexander Keiller කෞතුකාගාරය මහා බ්‍රිතාන්‍යයේ ඉතා වැදගත් ප්රාග් ඓතිහාසික පුරාවස්තු වලට නිවහන වී ඇත.මෙය නැරඹීමෙන් මේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව හා ප්රාග් ඓතිහාසික යුගයේ ජිවන තොරතුරු අවබෝධ කරගැනීමට පිටිවහලක්වේ.
Alexander Keiller කෞතුකාගාරය
West Kennet Avenue
West Kennet Avenue
බටහිර කෙනට් මාවතේ සිට Sanctuary නම් ස්මාරකය වෙතට දිවෙන මීටර් 15 ක් පමණ පළල කිලෝ මීටර් 2.5 පමණ දිගු මාවත දෙපස එකිනෙකට වෙනස් ගල් කුළුණු යුගලක් බැගින් පිහිටුවා ඇත. මේවා මියගිය එව්බරි ප්‍රජාවේ සමහර සාමාජිකයන් වෙනුවෙන් වූ ස්මාරක වියහැකි යයි සිතති. මේ කුළුණු පාමුල කරන ලද කැනීම් වලදී ක්‍රි. පු. 2500 – 1800 පමණ කාලයට අයත් යයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් හමුව ඇත. ගල් වල හැඩය අනුස්මරණය කෙරෙන සාමාජිකයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සංකේතවත් කෙරෙන බවටද විශ්වාසයකි.
අභය භුමිය Sanctuary
වසර 3000 කට පමණ පෙර ලි කණු වලින් නිමවන්නට ඇතැයි පිළිගත් කවයකි අභය භුමිය ( Sanctuary) නමින් හැඳින්වෙන ස්මාරකය. මෙයද කුමක්දැයි තවමත් තේරුම් ගෙන නොමැති අතර එය විශේෂිත පුද්ගලයෙකුගේ නිවහනක් හෝ පුද පුජා සිදු කරන ස්ථානයක් විය හැකියයි සිතති. මෙහි කැනීම් වලදී මානව අස්ථි කොටස් රාශියක් හා අහාර වර්ග වල ශේෂයන් හමුව ඇත. මෙහි නෂ්ඨාවශේෂයන් දැනට ඉතිරිවී නොමැති බැවින්, ඒවා තිබුණු ස්ථාන කොන්ක්‍රීට් සලකුණු මගින් පෙන්වා ඇත.
Silbury Hill
Silbury Hill
යුරෝපයේ විශාලතම කෘතීම කන්ද මේ පරිශ්‍රයේ ඇති Silbury කන්දයි ක්‍රි.පු.2400 දී පමණ ගොඩ නගන්නට ඇතැයි සැලකෙන මෙය ඊජිප්තුවේ පිරමිඩයක් තරම් වේ.
West Kennet Long Barrow
ක්‍රි.පු.3650 දී පමණ ඉදිකරන ලද සොහොන් ගෙයකි, West Kennet Long Barrow. කෙටි කාලයක් පමණක් භාවිතා කොට ඇති මෙහි 50 දෙනෙකුගේ පමණ සිරුරු මිහිදන් කර ඇත.
Windmill Hill
එව්බරි සිට කිලෝ මීටර් දෙකක් පමණ වයඹ දෙසට වන්නට Windmill Hill නමින් තවත් නියෝලිතික පුරාවිද්‍යා ස්ථානයක් ඇත.ක්‍රි.පු.3675 දී පමණ ගොඩනගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අක්කර 21 ක පමණ භුමි භාගයක් අයත්වන මෙහි තිබී සත්ව ඇටකටු විශාල ප්‍රමාණයක් හමුව ඇත.
Avebury Manor නමින් හැඳින්වෙන මධ්‍යතන යුගයේ මන්දිරය හා උද්‍යානය, සංචාරකයන්ගේ අවධානය දිනාගත් තවත් ස්ථානයකි. මේ පරිශ්‍රයේ පිහිටි The Henge Shop වෙතින් වටිනා සමරු භාණ්ඩ ආදිය මිලට ගත හැකිය.
The Henge Shop
එව්බරි ආසන්නයේ ඇති තවත් ආකර්ශනීය දර්ශයක් ලෙස ඇල්ටන් බාන්ස් සුදු අශ්ව රුපය හැඳින්විය හැක. එය එව්බරි සිට කිලෝමීටර් 8 ක් පමණ දකුණට වන්නට පිහිටි මිල්ක් හිල් නම් කඳුවැටියේ නෙලා ඇති කඳුකර නිර්මාණයකි (Hill Figure).
ඇල්ටන් බාන්ස් සුදු අශ්ව රුපය
හුණුගල් සහිත කන්දේ පස් තට්ටුව අශ්වයෙකුගේ හැඩයට ඉවත්කොට සුදු පැහැති හුණුගල් තට්ටුව නිරාවරණය කර ගැනීමෙන් මෙය නිර්මාණය කොට ඇත. ඇල්ටන් බාන්ස් සිට එව්බරි වෙත දිවෙන මාර්ගයට අලංකාර නිර්මාණය දිස්වේ. මහා බ්‍රිතාන්‍යයේ නොයෙක් තැන්වල නිර්මාණය කොට ඇති සුදු අශ්ව රූප හා වෙනත් කඳුකර රූප අතර මෙය ඉතා ජනප්‍රිය නිර්මාණයකි.
ස්ටෝන්හේන්ජ් හා බොහෝ සමානකම් දැක්ක
* Stone Circles
* Burial Mounds
* White Horse Carvings in Hills
* Wheat fields
* Sheep
නමුත් මට හිතෙනව ස්ටෝන්හේන්ජ් වලට වඩා බොහොම නිදහසේ නරඹන්න පුළුවන් තැනක් කියල
කැමතියිකැමතියි
ඇත්තෙන්ම ඔව්, මෙය ගමක් පුරා පැතිරී ඇති ස්මාරක සමුහයක්.
කැමතියිLiked by 1 person