රූණු මහ වෙහෙර – මගුල් මහා විහාරය, ලාහුගල MAGUL MAHA VIHARAYA

අනුරාධපුර යුගයේ රජ වරුන් රජරට පමණක් නොව රුහුණු රටේද බොහෝ බෞද්ධ වෙහෙර විහාර ඉදිකොට තිබේ. ක්‍රි. ව.661 – 673 පමණ කාලයේ  රජ කල දප්පුල රජතුමා පාණ දිවයින් වැසි මහතෙරුන්ගෙන් බන අසා සතුටුව රෝහණ විහාරය කරවා උන් වහන්සේට පුජා කල බව මහා වංශයේ දැක්වේ.  

රෝහණ නැතහොත් රුහුණු මහා විහාරය නමින් හඳුන්වා ඇති පුරාණ විහාරයක් අම්පාර දිස්ත්‍රික්කයේ පානම ලාහුගල පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් A 4 මාර්ගයේ සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 22ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් හැරී  කි. මී. 1/2ක් පමණ ගිය විට මගුල් මහා විහාරය යනුවෙන් දැන් හැඳින්වෙන මෙම ඓතිහාසික හා  පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානය හමුවේ.

දහ හතරවන සියවසට අයත්සේ සැලකෙන පුවරු ලිපි දෙකක් මෙහි පිහිටුවා තිබේ. එක් පුවරු ලිපියක සඳහන්ව ඇති  සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර” යන පාඨයඅනුව මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දක් බවට අනුමාන කර ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන්කර ඇත්තේ මෙය ධාතුසේන රජතුමා කරවූ විහාරස්ථානයක් බවයි. එසේ වුවත් සෙනරත් පරණවිතාන මහතාද අදහස් කරන්නේ මෙය පළමුවන දප්පුල (දාපුළුසෙන්) රජු කරවන්නට ඇති බවයි  පසු කාලීනව සෙල් ලිපිය කරවද්දී දාපුළුසෙන් යන්න දාසෙන් කැලි ලෙස පැටලෙන්නට ඇති බව ඔහුගේ අදහස වී තිබී ඇත. දහ හතරවන සියවසේදී පරාක්‍රමබාහු සොහොයුරන්ගේ බිසව වූ විහාරමහා දේවිය මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කල බවත් එහි නඩත්තුව සඳහා ඉඩම් පුජා කල බවත් පුවරු ලිපියක දැක්වේ.

පුරාවෘතවල සඳහන් වන්නේ  මෙය ක්‍රි.පූ.205 – 162 පමණ කාලයේ රජ කල කාවන්තිස්ස රජ සමයේ ඉදිකොට ඇති බවයි. කැලණිතිස්ස රජ මුහුදට බිලිදුන් විහාර මහා දේවිය පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයට නිරුපද්‍රිතව ගොඩ බට බවත්, කාවන්තිස්ස රජ ඇය විවාහ කරගත්  ස්ථානයේ මේ විහාරය ඉදිකරවා ඇති බවත් පුරාවෘත වල කියවේ. එහෙයින් මේ විහාරස්ථානය මගුල් මහා විහාරය යනුවෙන් හැඳින්වෙන බව කියති.

පිළිම ගෙයක්, දාගැබක්, භික්ෂු ආවාස, උපෝශථාගාරයක් හා බෝධිඝරයක් ආදිය  මෙහි ගොඩනගා තිබී ඇත.

Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya

පිළිම ගෙය

Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
දාගැබ

බෝධිඝරය කැටයම් සහිත කළුගල් පුවරු වලින් නිමවූ ප්‍රාකාරයකින්  වටකොට උස්ව තනා ඇත. 

Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
බෝධිඝරය 
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya

බෝධිඝරයේ කැටයම්

Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya

බෝධිඝරය

මෙය කාවන්තිස්ස හා විහාර මහා දේවියගේ මගුල් පෝරුව ලෙසද සමහරු හඳුන්වති. මේ විහාරයේ ප්‍රාකාර බැම්මට පිටින් ආසන ඝරයක හා වටදා ගෙයක නෂ්ඨාවශේෂ සොයාගෙන ඇත. අතීතයේදී අක්කර දස දහසක් පමණ මේ පුද බිමට අයත්ව තිබු බව කියති.

Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
මුරගලක් 

මේ ස්ථානයේ ඇති ගල් වලින් කරන ලද ඉදිකිරීම් වන ගල් කුළුණු, මුරගල්, කොරවක් ගල්, සඳකඩපහන් ආදිය මනරම් කැටයමින් යුක්තය.

Ruhunu Maha Viharaya
Ruhunu Maha Viharaya
 සඳකඩපහණ

මෙහි දක්නට ඇති එක් සඳකඩ පහනක් සුවිශේෂී එකක් ලෙස හැමගේ විශේෂ අවධානයට ලක්ව ඇත. ඒ, මෙම සඳකඩපහනේ කැටයම් කර ඇති ඇත් රූප වල ඇත් ගොව්වකුද දක්වා ඇති බැවිනි. ඇත් රූප පෙලේ සමබර තාවය රැකිම සඳහා ඇත් ගොව්වා ඇතා පිට නොව ඇතුගේ පිට ප්‍රදේශයේ ආයාසයෙන් එල්ලී සිටින ආකාරයෙන් කැටයම් කර ඇති බව පෙනේ. හොටෙන් මල් දරා සිටින හංස පේලියක් හා  නෙලුම් පොහොට්ටු හා කොළ සහිත ලියවැල් පේලියද අන් සඳකඩ පහන් වල නොවූ ආකාරයේ විශේෂිත කැටයමකි. මේ සියලු කැටයම් සජීවී ආකාරයෙන් කැටයම් කර තිබීම හා පිටත කවයේ ගිනි දැල් හා පලාපෙති මෝස්‌තර දක්නට නොලැබීමද විශේෂත්වයකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )