නව සත්වෝද්‍යාන සංකල්පය අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී ඔවුන් නිරීක්ෂණය කල හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටවූ පළමු සෆාරි උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට ආසන්න රිදියගමදී 2016.03.28 දින මහජන ආශ්වාදනීය ප්රහර්ශය සඳහා විවෘත කරන ලදී.
අම්බලන්තොට නගරයේ සිට රිදියගම පාරේ කිලෝ මීටර් 17 ක් පමණ යාමෙන් හෝ ඇඹිලිපිටිය නෝනාගම පාරේ පදලංගල හන්දියෙන් හැරි සුරියවැව පාරේ ගොස් විහාරගල හන්දියෙන් හැරී කිලෝ මීටර් 4 ක් පමණ යාමෙන් මේ උද්‍යානයට ලඟාවිය හැකිය.

මේ උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවීමට යෝජිතය. දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට ඒ තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවි හල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප තුනක වැඩ නිමකර ඇත. මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ ප්රදේශයකවූ අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය යන ඒවාය. බෙංගාලි ව්යාග්රයන්, ඕස්ට්‍රේලියානු සතුන්, ශ්‍රී ලංකා දිවියන්, වලසුන් ආදීන්ට තවත් කලාප හතරක වැඩ නිමවෙමින් පවතී. අප්‍රිකානු සතුන්, චීටාවන්, උරගයින්, සමනලයන් ආදීන් සඳහා තවත් කලාප කීපයක් හා කුඩා සත්ව රජ දහනක්ද සත්ව ජනන හා සංරක්ෂණ කලාපයක්ද නිම කිරීමට යෝජිතය.
ඊට අමතරව මහජන විනෝදාස්වාදය සඳහා පහසුකම් සලසන කොටසක් හා රාත්‍රී කාලයේද සෆාරි යාමට සංචාරකයනට නවාතැන් ගැනීම සඳහා සංචාරක නිවාස හා කඳවුරු පද්ධතියක් ඉදි කිරීමට යෝජිතය.
දැනට මෙය සත්ව වර්ග 22 කට පමණ අයත් සතුන් 200 කගේ පමණ නිවහන වී ඇත. මේ උද්‍යානය නැරඹීමට වරකට නරඹන්නන් 20 දෙනෙකු පමණ ගෙනයන වායු සමනය කළ ආරක්ෂිත බස් රථ යොදවා තිබේ. මිට අමතරව අවශ්‍ය නම් අතිරේක මුදලක් ගෙවීමෙන් හත් දෙනෙකුට පමණ ගමන් කල හැකි වාහනයක් ලබාගත හැකිය.
නරඹන්නන්ට පළමුවෙන්ම හමුවන්නේ අප්‍රිකානු සිංහ කලාපයයි. මෙහිදී අපට පැන්තරා ලියෝ (panthera leo) වර්ගයේ සිංහයන් දැකගත හැකිය.
සිංහයන්
අනතුරුව ලෝක ශාක භක්ෂක සත්ව කලාපය වෙත පිවිසේ. මෙහිදී තිත් මුවන්, ගෝනුන්, වල් ඌරන්, සීබ්‍රාවන්, අප්‍රිකානු කුළු ගවයන්, ඔටුවන්, කුරු හිපපොටේමස්, සිමිටර් හෝර්න්ඩ් ඔරික්ස්,(scimitar horned oryx) ඇරබියන් ඔරික්ස් (arabian oryx) ගුවානකෝ (guanaco) ග්‍රේටර් කුඩු (greater kudu) බ්ලැක් බක් (blackbuck) පැස්බරුන් ආදීන් හමුවේ.
තිත් මුවන්
ගෝනුන්
වල් ඌරන්
සීබ්‍රාවන්
ඔටුවන්
කුළු ගවයන්
guanaco
guanaco
oryx
blackbuck
greater kudu
පැස්බරා
අවසන ඇතුළු වන්නේ ආසියානු අලින්ගේ කලාපයටයි.
දැනට මහජනයා වෙනුවෙන් විවෘත වී ඇති මේ කලාප තුන නැරඹීමට දල වශයෙන් පැය එක හමාරක පමණ කාලයක් ගතවේ.
මේ උද්‍යානය පිහිටුවීම 2008.12.20 දින ආරම්භ කරන ඇත්තේ තිරසර සංවර්ධන කාර්යයන්හිදී අපගේ ජාතික උරුමයන් වන ජෛව සම්පත අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීම පිළිබඳව ජනතාව තුල හැඟීමක් ඇතිකර ලීම හා දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් ආකර්ශනීය සංචාරක මධ්‍යස්ථානයක් ඇතිකිරීමේ අභිලාෂයෙනි.
- අලෙවි හල්
මේ උද්‍යානය තවමත් ආරම්භක අවධියේ ඇති බැවින් බොහෝ සතුන් ප්‍රමාණයක් බැලීමට අපේක්ෂා කිරීම සාධාරණ නොවේ. මදුනාගල උණුදිය උල්පත් හා මදුනාගල ආරන්යයද මේ ආසන්නයේ පිහිටා ඇත. දකුණේ සංචාරයක යෙදෙන්නේ නම් මේ උද්‍යානය නැරඹීමටද කාලයක් වෙන්කර ගැනීම අගනේය.
එන්.එච්. සමරසිංහ 2018.11.28