සංස්කෘතික වන්දනාවේ යන අය සමහරු තම තමන් අදහන ආගමේ ශාස්තෘවරුන් උපන් ස්ථාන හා ඔවුන්ගේ ජිවිතයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් වූ ස්ථාන දැක බලා ගැනීමට හා වන්දනා කර ගැනීමට සංචාරයේ යෙදෙති. එමෙන්ම සමහරු තමන් අගය කරන ලේඛකයින්, කලාකරුවන් ආදීන් තම නිර්මාණ එලිදැක්වූ යුගයේ ජීවත්වූ ස්ථාන හා පරිසරය දැකබලා ගැනීමට සංචාරය කරති. එවන් සංචාරද සංස්කෘතික වන්දනාවක් ලෙස සැලකීම අසාධාරණ නොවේ. එවන් වන්දනාවේ යෙදෙන්නන්ගේ එක් සිහිනයක් වන්නේ අවොන් ගඟට ඉහලින් වූ ස්ට්‍රැට්ෆර්ඩ් (Stratford-upon-Avon) ගම්මානය දැක බලා ගැනීමයි. ඒ එම ගමෙහි ඉංග්‍රීසි සාහිත්‍යයේ හා නාට්‍ය කලාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතමයා වන මහා කවි විලියම් ශේක්ස්පියර් විසු ගම්මානය නිසාය.

ශේක්ස්පියර් ගැන නොදන්නා කෙනෙක් නැත. රෝමියෝ ජුලියට් Romeo and Juliet, ජුලියස් සීසර් Julius Caesar, හැම්ලට් Hamlet, ඔතෙලෝ Othello, කිං ලියර් King Lear, මැක්බත් Macbeth, ඇන්තනී හා ක්ලියෝපැට්රා Antony and Cleopatra, කොරියෝලේනස් Coriolanus, ටිමන් ඔෆ් ඇතැන්ස් Timon of Athens, ටයිටස් ඇන්ඩ්‍රොනිකස් Titus Andronicus, ට්රොයිලස් හා ක්‍රෙසිඩාTroilus and Cressida, ලව්ස් ලේබර්ස් ලොස්ට් Love’s Labour’s Lost, මෙෂර් ෆෝ මෙෂර් Measure for Measure, කොමඩි ඔෆ් එර’ස්The Comedy of Errors, ක්රිම්බලයින් Cymbeline, ටූ ජෙන්ට්ල්මෙන් ඔෆ් වෙරෝනා Two Gentlemen of Verona, අ මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම් A Midsummer Night’s Dream, වැනිසියේ වෙළෙන්දා The Merchant of Venice, ටේමින් ඔෆ් ද ෂ්වී Taming of the Shrew, The Tempest, මෙරි වයිව්ස් ඔෆ් වින්ඩ්සර් The Merry Wives of Windsor, මව් අ ඩූ එබවුට් නතිං Much Ado About Nothing, පෙරික්ලස් Pericles, ප්‍රින්ස් ඔෆ් ටය Prince of Tyre, ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් All’s Well That Ends Well, ඈස් යූ ලයික් ඉට් As You Like It, ට්වෙල්ෆ්ත් නයිට් Twelfth Night, හයවන හෙන්රි (කොටස් 3ක්) Henry VI, තුන්වන රිචර්ඩ් Richard IIl, දෙවන රිචර්ඩ් Richard II, කිං ජෝන් King John, හතරවන හෙන්රි (කොටස් 2ක්) Henry IV, පස්වන හෙන්රි Henry V, වැනි නාට්‍ය 37 ක් හා The Sonnets, A Lover’s Complaint ,The Rape of Lucrece, Venus and Adonis, Funeral Elegy by W.S කාව්‍ය ආදී ඉංග්‍රීසි සාහිත්‍යයේ අමරණිය කෘති ඔහුගේ නිර්මාණ වේ. මේ නාට්‍ය රචනා කොට වසර 400 ක් පමණ ගතවී ඇති අතර ඒවා භාෂා 50 කටත් වැඩි ගණනකට පරිවර්තනය අදත් ලොව පුරා රඟ දැක්වේ. බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය පළමු වරට විකාශනය කල නාට්‍යය වුයේ මොහුගේ ජුලියස් සීසර් නාට්‍යයේ ජවනිකාවකි. රාජකීයයන්ට මෙන්ම පොදු මහජනතාවටද එකසේ ඇමතීමට ඔහුට හැකිවීම ඔහුගේ සුවිශේෂී දක්ෂ තාවයකි. ශේක්ස්පියර් ඉංග්‍රීසි භාෂාවට වචන 3000 ක් පමණ අලුතෙන් එකතුකොට ඇත.

ඒ යුග පුරුෂයා උපන් ස්ථානය, ජීවත්වූ ස්ථානය, භාර්යාව උපන් ස්ථානය ආදී ඔහුගේ ජන්ම නගරයේ වන උරුමයන් පහක් සංරක්ෂණය කොට කෞතුකාගාර ලෙස පවත්වාගෙන යාමට ශේක්ස්පියර් උපන් ස්ථාන භාරය (Shakespeare Birthplace Trust)කටයුතු කොට තිබේ.

Stratford-upon-Avon නගරයේ Henley විදියේ ශේක්ස්පියර් මධ්‍යස්ථානය පවත්වාගේනයයි. මෙහි ශේක්ස්පියර්ගේ කෘති, ඔහුගේ ජිවිතය් හා සම්බන්ද දේවල් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම මේ තුලදී ශේක්ස්පියර් හා ඔහු හා සම්බන්ද ස්ථාන පිළිබඳව මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රදර්ශන ආශ්රයෙන් අවබෝධයක් ලබාගෙන ශේක්ස්පිය උපන් නිවසට පිවිසිය හැකිය.
උපන් නිවස

මේ නිවස හිමිකරු ව්‍යාපාරිකයෙකු වූ ජෝන් ශේක්ස්පියර්ය. ඔහුගේ භාර්යාව මේරි ආඩන්ය. ඔවුන්ට දරුවන් අට දෙනෙකු වූ අතර 1564 දී උපත ලද විලියම් ඒ අතරින් තුන් වැන්නාය. 1568 දී ජෝන් ශේක්ස්පියර් ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ නගරාධිපති විය. පසු කාලීනව ඔහු බංකොලොත් භාවයට පත්ව ඇතත් එකල ඔහු ඉසුරුමත් පුද්ගලයෙකු වූ බැවින් විලියම් ග්‍රැමර් පාසලේ ඉගෙනීමට තරම් භාග්‍යවන්ත විය. 1601 දී ජෝන් අභාවප්‍රාප්ත වූ බැවින් මේ නිවස විලියම් හට අයත් වින. විලියම් මේ නිවසේ විවාහ වී වසර පහක් ජිවත් විය. පසුව එය ඔහුගේ දියණියකට හා ශේක්ස්පියර් පරපුරේ වෙනත් අයට අයත්ව තිබී 1847 දී ශේක්ස්පියර් උපන් ස්ථාන භාරය අයත්කරගෙන ඇත . දැන් මේ නිවස පැරණි ආකාරයෙන්ම පවත්වාගෙන යන අතර ශේක්ස්පියර් පවුල පාවිච්චිකළ භාණ්ඩ, නාට්‍ය සඳහා භාවිත කල ඇඳුම් පැළඳුම් ආදිය ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම ජෝන් ශේක්ස්පියර්ගේ අත්වැසුම් නිෂ්පාදන ක්‍රියා හා වූල් වෙළඳාමේ අවස්ථා නිරුපනය කර ඇත.





ශේක්ස්පියර් භාරය මේ නිවස කෞතුකාගාරයක් කරන්නට පෙර සිටම බොහෝ ආගන්තුකයන් මෙය දැක බලා ගැනීමට පැමිණ ඇත. ඒ අතරින් සමහරු මේ නිවසේ ශේක්ස්පියර් උපන් කාමරයේ විදුරු ජනේලයේ ඔවුන්ගේ දියමන්ති මුදු වලින් ඔවුන්ගේ අත්සන කුරුටුගා ඇත. මෙසේ කල අය අතර වෝල්ටර් ස්කොට්, එලන් ටෙරී, තෝමස් කාලයිල්, අයිසෙක් වොට් ආදීන් වේ. මිට අමතරව බොහෝ බිත්ති වලද පැමිණි අයගේ නම් සහ නොයෙක් කුරුටු ගී ලියා ඇතිබව කියති.
ඈන් හතවේ විසු නිවස
ඈන් හතවේ විසු නිවස



ශේක්ස්පියර් වයස අවුරුදු 18 දී ඈන් හතවේ සමග විවාහ විය. Stratford-upon-Avon නගරයේ ශේක්ස්පියර්ගේ නිවසේ සිට සැතපුම් එක හමාරක් පමණ දුරින් කොටේජ් ලේන් හි ඈන් හතවේ විසු නිවස පිහිටා තිබේ. ශේක්ස්පියර්ගේ විවාහයට පෙර ඈන් සමග පෙම් පිළිසඳරේ යෙදී ඇත්තේ මෙහිදීය. ශේක්ස්පියර් භාරය මගින් පවත්වාගෙන යන ඉතාමත් මනස්කාන්ත ගොඩනැගිල්ල හා උද්‍යානය මෙයයි. එය එලිසබත් යුගයේ ගෘහ අලංකරණය නිරුපනය කරයි. මෙය අක්කර 90 ක් පමණ විශාල ගොවිපලක 1463 දී පමණ ලි දඬු උපයෝගී කරගෙන ඉදිකරන ලද ටියුඩර් ගෘහනිර්මාණ ශිල්පිය ගොඩනැගිල්ලකි. වහල සෙවිලි කොට ඇත්තේ ශාකමය ද්‍රව්‍ය වලිනි (thatched). මඳක් බැවුම් සහිත බිමක එකිනෙක වෙනස් මට්ටම් වල තනි මහලකට ඉදිකර ඇති මෙය කාමර 12 කින් පමණ සමන්විත වුවකි. ඈන් 1556 දී මේ නිවසේ උපත ලබා ඇත. මේ නිවසද හතවේ පරම්පරාවේ හා වෙනත් අයගේ අතිනත ගොස් 1892 දී ශේක්ස්පියර් උපන් ස්ථාන භාරය අත්පත් කරගෙන ඇත.
මුල් යුගයේ තිබී ඇත්තේ කාමර තුනක් පමණි. ඒවා දැනුදු මුල් තත්වයෙන්ම පවත්වාගෙන යනු දැකිය හැකිය.


මේ නිවසේ උද්‍යානයද ඉතා සිත්කළු අන්දමින් පවත්වාගෙන යයි. උද්‍යානයේ ශේක්ස්පියර් නාට්‍ය වල චරිත ඇසුරෙන් කල මුර්තිද පිහිටුවා තිබේ.


මේරි ආඩන්ස් ගොවිපල නිවස
ශේක්ස්පියර්ගේ මව වූ මේරි ආඩන් විවාහයට පෙර ජීවත්වූ මේරි ආඩන්ස් ගොවිපල නිවසද මේ භාරය මගින් පවත්වාගෙන යනු ලැබේ. මේරිගේ පියා වූ රොබර්ට් ආඩන් 1514 දී පමණ මෙය ඉදිකොට ඇත.

නිව් පැලස්
ශේක්ස්පියර් 1597 සිට1616.04.23 දින මිය යනතෙක් වාසය කර ඇත්තේ නිව් පැලස් නම් නිවහනේය. එයද භාරය මගින් පවත්වාගෙන යනු ලැබේ.

හෝල්ස් ක්‍රොෆ්ට්
ශේක්ස්පියර්ගේ දියණිය වූ සුසන්නා හා වෛද්‍යවරයෙකු වූ ඇගේ සැමියා, ජෝන් හෝල් ජීවත්වූ හෝල්ස් ක්‍රොෆ්ට් නිවසද 1949 සිට මේ භාරය අත්පත් කරගෙන මහජනයාට ප්‍රදර්ශනය කෙරේ.




වටිනා සටහනක්.නොදැන සිටි බොහෝ කරුණු දැන ගත්තා..
කැමතියිLiked by 1 person
බොහොම ස්තූතියි ලිපියට සමරසිංහ මහත්මයා, දැනට සති දෙකකට කලින් මම මෙහි ගියා නමුත් මේ සියල්ල රසවිඳින්න පැය 3-4 ක් හොදටම මදි තව පාරක් යන්නම වෙනව. මට එතරම් ඉංග්‍රීසි සාහිත්‍ය දැනුමක් නැතත් ඒ ගැන හොයල යමක් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියනව.
කැමතියිLiked by 1 person