ගිනස්ගේම වාර්තාව Guinness’s own Record

ගිනස් නම ඇසේද්දීම අපට සිහිපත් වන්නේ ගිනස් ලෝක වාර්තා. 1950 දී පමණ ගිනස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වරයෙකු වූ  Sir Hugh Beaver (1890—1967) මහතාගේ අදහසක් අනුව එම සමාගමේ ප්‍රවර්ධනයට ලෝක වාර්තාවන් එකතු කොට පොතක් පළකිරීමට පියවර ගනු ලැබූ නිසා එය ගිනස් වාර්තා පොත ලෙස හඳුන්වනු ලැබුවා. එහෙත් ගිනස් වාර්තා එක්රැස් කරවූ මේ ගිනස් සමාගම කුලී පදනම මත කර්මාන්ත ශාලා පරිශ්‍රයක් ලබා ගැනීමට ලියූ බදු ගිවිසුම් ඔප්පුව වැනි ලියවිල්ලක් මෙතෙක් කිසිදා ලියවිලා නැතුව ඇති. එය ඔවුන්ගේම නොබිඳිය හැකි වාර්තාවක් වෙලා.

dsc03985

අයර්ලන්තයේ අගනුවර වූ ඩබ්ලින් නගරයේ සාන්ත ජේම්ස් දොරටුවේ අක්කර හතරක පමණ භුමි භාගයක පිහිටි ක්‍රියාත්මක නොවූ St. James’s Gate Brewery නම් කම්හල් පරිශ්‍රය වසරකට පවුම් 45 ක් වැනි සුළු මුදලකට වසර 9000 කට බදු ඔප්පුවක් ගිනස් සමාගමේ නිර්මාතෘ ආතර් ගිනස් මහතා 1759. 12. 31 දින ලියවා ගනු ලැබුවා. කාර්මික විප්ලවය ආරම්භ කෙරුණු සමයේම මෙවන් දීර්ඝ කාලයයකට ඉඩමක් බදු ගැනීම අසාමාන්‍ය සිද්ධියක්.

dsc03984

අදවන විට ඩබ්ලින් නගරයේ අක්කර 50 ක් පමණ භූමියක් පුරා පැතිර ඇති ගිනස් බියර් නිෂ්පාදනය කෙරෙන කම්හල එම ඉඩම් මිලටගෙන ඇති නිසා මේ බදු ඔප්පුවේ වලංගු භාවයක් නැතත් එය ඓතිහාසික ලියවිල්ලක්.

dsc03886dsc03949

dsc03912

ඩබ්ලින් නගරයේ සංචාරය කරන බොහෝ දෙනෙක් නොවරදවාම නරඹන්නට යන ආකර්ශනිය ස්ථානයක් මේ ගිනස් සමාගමේ ගිනස් ස්ටෝහවුස් ( Guinness Storehouse) නම් ප්‍රදර්ශන මධ්‍යස්ථානය. 1988 පමණ වනතෙක් බීර පැසවීම සඳහා යොදාගත් St. James’s Gate Brewery, අද මේ ප්‍රදර්ශන මධ්‍යස්ථානය වී තිබෙනවා. සෞඛ්‍යමය හා ආරක්ෂක හේතුන් මත බියර් කර්මාන්ත ශාලා නැරඹීමට සංචාරකයනට ඉඩ නොදෙන බැවින් ඒ අඩුව පිරිමැසීමට මේ මධ්‍යස්ථානය පිහිටුවා තිබෙනවා. එය මහල් හතකින් යුතු ලෝකයේ විශාලතම බියර් පයින්ට් එකක විදුරුවේ  ( World’s largest pint glass) හැඩය ගත් ආකෘතියක් වටා ඉදිකළ ප්‍රදර්ශන ශාලා සමුහයක්.  

p1020735

මේ ස්ථානයට යන ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම දකින්නට ලැබෙන්නේ අර ඓතිහාසික බදු ඔප්පුවේ පිටපතක්. එය කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන ස්ථානයේ බිම විශේෂයෙන් සකස්කොට තබා තිබෙනවා.

dsc03950

ඓතිහාසික බදු ඔප්පුව

arthur's bar

මෙහි මහල් කීපයකම විවිධ ආකාරයේ අයිරිෂ් කෑම බීම සපයන අවන් හල් ඇති අතර ප්‍රධාන වශයෙන් ගිනස් සමාගමේ ඉතිහාසය දැක්වෙන කෞතුකාගාර, බියර් නිෂ්පාදනයට යොදාගන්නා අමු ද්‍රව්‍ය හා ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා ආකාරය දැක්වෙන ප්‍රදර්ශනයන් ගෙන් සමන්විතයි. ඒ අතර විනාඩියක් තුල නියම බියර් පයින්ට් එකක් නිවැරදිව වීදුරුවකට පුරවන ආකාරය ඉගෙන සහතිකයක්ද ලබාගැනීමට හැකියි.

dsc03953

p1020727

untitled

වතුර බාර්ලි හොප්ස් සහ යීස්ට් බියර් නිෂ්පාදනයේ මුලික අමුද්‍රව්‍ය

dsc03958

පස්වන අමු ද්‍රව්‍ය “ආතර් ගිනස්”

dsc03960

p1020732

ප්‍රවාහනය සඳහා බැරල් නිෂ්පාදනය

dsc03964

අමුද්‍රව්‍ය ප්‍රවාහනය කළ දුම්රියක්

dsc03962dsc03963

dsc03961

මේ ගොඩනැගිල්ලේ හත්වන මහලේ පිහිටි ආපන ශාලාවේ සිට ඩබ්ලින් නගරය අංශක 360 ක කෝණයකින් නැරඹිය හැකියි.   

dsc03974dsc03973dsc03969   7

හත්වන මහලේ Gravity Bar සිට

 Protected by Copyscape

Advertisements

2 thoughts on “ගිනස්ගේම වාර්තාව Guinness’s own Record

  1. සමරසිංහ මහත්මය ගිනස් බීරත් රස බැලුවද ? ඔරිජිනල් එක වගේම තවත් ජාති බර ගානක් තියෙනව කියල තමයි ආරංචිය.

    අම්මෙ අවුරැදු 9,000 ක බද්දක් ! මේක කියවන ගමන් මට හිතුණා අපේ රටත් අපි චීනෙටවත් මේ වගේ බදු දීල දැම්මොත් මොකද කියල ? දැනටත් ඉතිං දේසපාලුවන්ට බදු දීලනෙ තියෙන්නෙ, චීන්නුන්ට දුන්නම මොකෝ 🙄

    Liked by 1 person

    1. බාර්ලි රෝස්ට් කිරීම හා පැසවිමේ ක්‍රමය අනුව වර්ණය, රස හා සුවඳ, අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය, කලවම් කොට ඇති වායුව ආදිය අනුව එකිනෙකට වෙනස් වර්ග ගණනාවක්ම තියෙනවා. මොනවා රස බැලුවාදැයි අමතකයි.

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.