ලොව පළමු මෝටර් රථ ධාවන තරඟ පථය
මිනිසා සත්වයින් හීලෑ කර ගැනීමෙන් පසු සතුන් පිට නැගී එකිනෙකා පරයා යන්නට උත්සාහ ගති. මේවා තරඟ ආකාරයෙන් පවත්වන්නටද යෙදුනි. එසේ ඇරඹුන අශ්ව රේස් අදටත් ඉතා ජනප්‍රියය. මිනිසා ගමනාගමනය සඳහා වාහන නිපදවූවායින් පසු බයිසිකල්, මෝටර් සයිකල් හා මෝටර් රථ ආදියෙන්ද තරඟ පත්වන්නට පටන් ගති.
දහනව වන සියවස අවසන් වනතෙක් මෝටර් රථ ධාවන තරඟ පැවැත්වුයේ ඉතා සුළු වශයෙනි. ධාවන තරඟ පවත්වන්නට සිදුවූයේ පොදු මහා මාර්ගවල වීම හා තරඟ නීතිරීති හරියාකාරව නොතිබීම නිසා මෝටර් රථ ධාවන තරඟ පිළිබඳව බොහෝ අය තුල උනන්දුවක් නොතිබුණි.
මෝටර් රථ ධාවන තරඟ ගැන මහත් උනන්දුවක් දැක්වූ බ්‍රිතාන්‍ය ජාතික හියු ලොක් කිං (Hugh Locke King) බ්‍රිතාන්‍ය ජාතිකයන් මෝටර් රථ ධාවන තරඟ වලට යොමු කිරීම සඳහා මෝටර් රථ ධාවනය සඳහාම වෙන්වූ ධාවන පථයක් ඉදිකරන්නට තීරණය කළේය. ඒ සඳහා සුදුසු භුමිය වශයෙන් එංගලන්තයේ සරේ (Surrey) ප්‍රදේශයේ වේබ්රිජ් (Weybridge) හි පිහිටි ඔහුගේ වත්තේ අක්කර 330 ක භූමියක් තෝරා ගති. එහි මෝටර් රථ ආරක්ෂිතව උපරිම වේගයකින් ධාවනය කළ හැකි වන පරිදි සැතපුම් 2.75 ක් වන ඕවලාකාර ධාවන පථයක් හා සැතපුම් භාගයක් පමණ වන සරල රේඛිය ධාවන පථයක් (Finishing Straight) 1906 දී ඉදිකරන ලදී. එය අඩි 100 ක්පමණ පළලින් හා වංගු සහිත කොටස් දෙක අඩි 30 ක් පමණ උස්වීය. 1907.06.17 දින හියු සහ එතල් ලොක් කිං විසින් මේ ධාවන පථය විවෘත කරන ලදී. මෙය මෝටර් රථ ධාවන තරඟ සඳහාම ඉදිකළ ලොව ප්‍රථම ධාවන පථයයි .
1907 මෙය විවෘත කළ පසු පළමු වරට මෝටර් රථ ධාවක Selwyn Francis Edge ඔහුගේ සිලින්ඩර් හයක් සහිත නේපියර් රථයෙන් මේ ධාවන පථයේ පැය 24 ක් නොකඩවා ධාවනයේ යෙදෙමින් සැතපුම් 1581 (2544km) ක්ධාවනය කොට පැයට සැතපුම් 66 (106 km) ක වාර්තාගත වේගයක් සනිටුහන් කළේය. 1907 ජුලි මස 6 වන දින මෙහි පළමුවන තරඟය පැවැත්විණ. ඒ වන විට මෝටර් රථ තරඟ සඳහා නීති රීති නොතිබුණ හෙයින් අශ්ව රේස් වලදී මෙන් මෙය “මෝටර් ඇස්කොට්” (Motor Ascot) ලෙස හැඳින්වූ අතර ධාවකයන් අශ්ව රේස් වල ජොකියන් මෙන් වර්ණවත් ඇඳුම්වලින් සැරසී සිටියහ.
එකල බයිසිකල් රේස් සඳහා මහා මාර්ගය භාවිතා කිරීමට අවසර නොවූ හෙයින් මේ ධාවන පථය බයිසිකල් තරඟ සඳහාද ආරක්ෂිත ධාවන පථයක් විය. 1907 සැප්තැම්බර් මාසයේදී සැතපුම් සියයක බයිසිකල් ධාවන තරඟයක් මෙහිදී පැවැත්විණ.
බ්රූක්ලන්ඩ්ස් නොසිතු විරු අන්දමින් ගුවන් යානා නිර්මාණය හා පියාසර අත්හදා බැලීම් හා පුහුණුවීම් සඳහාද ප්‍රයෝජනට ගැනින.
ලෝක යුද සමයේ 1914 සිට වසර කීපයක් මෙහි තරඟ නොපැවැත් වින. ඒ කාලයේදී මෙහි ගුවන් යානා නිපදවීම සිදු කෙරින. පසුව 1920 පමණ සිට නැවත මෙහි මෝටර් රථ තරඟ හා ගුවන් යානා නිපදවීම හා පුහුණුවීම් කටයුතු සිදුකෙරිණ. මේ කාලයේදී වාර්තාගත ධාවන වේගයන්ද දක්නට ලැබුණි. 1921 දී ලී ගිනස් (Kenelm Lee Guinness) තම V 12 සන්බිම් රථයෙන් පැයට සැතපුම් 135.75 (218.5 km) ක වේගයක් වාර්තාකළේය. විකර්ස් කර්මාන්ත ශාලාවේ (Vickers Factory) Vimy Commercial, Wellesley, Wellington bomber ආදී ගුවන් යානා රාශියක් නිපදවිය.
1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම නිසා බ්රූක්ලන්ඩ්ස් ධාවන තරඟ අත්හිටවුණ අතර එය යුද ගුවන් යානා නිපදවීම සඳහා පමණක් යොදාගන්නා ලදී. 1936 – 42 අතර කාලය තුල මෙහිදී හෝකර් හරිකේන් (Hawker Hurricane) නම් බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා 3012 ක් නිපදවා ඇත. එමෙන්ම මෙහිදී බෝම්බ නිෂ්පාදනයද සිදුකර ඇත. 1945 යුද්ධය අවසන්වූ පසු මෙහි VC10 ආදී මගී ගුවන් යානා නිපදවිය. 1960 බ්‍රිතාන්‍ය ගුවන්යානා සංස්ථාව (British Aircraft Corporation) ආරම්භකොට කොන්කොර්ඩ් යානා නිපදවීමද මෙහිදී සිදු කෙරින.
1986 දී මෙහි කර්මාන්ත ශාලා වසා දැමුණු අතර 1991 දී බ්රූක්ලන්ඩ්ස් කෞතුකාගාරයක් ලෙසින් සංවර්ධනය කොට මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත කෙරින. දැන් මෙහි පැරණි මෝටර් රථ ගම්මානයක්, පැරණි මෝටර් රථ ධාවන තරඟ සඳහා යොදාගත් මෝටර් රථ,යතුරු පැදි, පා පැදි, බ්රූක්ලන්ඩ්ස්හි නිපදවූ ගුවන් යානා, ලන්ඩන් බස්, ආදී බොහෝ දේ දැක බලා ගැනීමට තබා ඇත.
මෙහි ප්‍රදර්ශනය කෙරෙන භාණ්ඩ කීපයක තොරතුරු මෙසේය.
Delage 15-S8 Grand Prix 1,500cc, straight-eight supercharged. 1927/1926.
1912 Lorraine Dietrich 15 Lt GP VIEUX CHARLES 111
ලොව පළමු ටර්බෝ චාර්ජ් මෝටර් රථය.
Aston Martin Halford Special 1923-25, 1500cc 6 cylinders, twin overhead camshaft, the world’s first turbo-charged car.
Duesenberg Single Seater 1927/1931, 1931 Clemons 8 cylinder 4.25 litre engine
Napier Railton 1935
PEUGEOT VOITURE 1900
Morgan Model F 2 Seater Three – wheeler 1937, 1172 cc four cylinder
මෝටර් බයිසිකල්

1904 Humber Motorcycle 300 cc
1927 Norton International 350 cc
බයිසිකල්
Singer ‘Matchless’ High Bicycle
රන් ආලේපිත රැලේ බයිසිකලයක්
ලන්ඩන් බස්
අශ්වයන් යෙදු තට්ටු දෙකේ බස් රථයක්
ට්‍රොලි බස් රථ
බ්රූක්ලන්ඩ්ස්හි නිපදවූ ගුවන් යානා
BAC Aerospatiale Concorde
Vickers Vimy
Stratosphere Chamber
Vickers 4,000lb ‘Tallboy Small’ Demonstration Earthquake Bomb
බ්රූක්ලන්ඩ්ස් මෝටර් රථ ගම්මානය ක්‍රියාත්මකව තිබූ අවධියේ පවත්වාගෙන ගිය මෝටර් රථ නියෝජිතයන්ගේ වැඩපළවල්වල ආකාරයද දැකගන්නට තිබේ.
කැම්බල් ෂෙඩ් වැඩපල
ඉන්ධන පිරවුම් හලක්
ක්ලබ් හවුස්
මේ කෞතුකාගාරයේ නොයෙකුත් අධ්‍යාපනික හා විනෝදාත්මක වැඩසටහන් වරින් වර ක්‍රියාත්මක කරණු ලැබේ.
Virtual Race
මෙය නැරඹීමට පැමිණෙන්නන්ට ෆෝමියුලා රථයක සිට බ්රූක්ලන්ඩ්ස් ධාවන පථයේ තරඟයකට සහභාගී වීමට අවස්ථාවක් ලැබේ. එමෙන්ම මෙහි ඇති 4 D රඟහලේදී ධාවන තරඟයක අත්දැකීම ලබා ගත හැකිවීම මෙය නරඹන්නන්ට අමතක නොවන අත්දැකීමක් වනු ඇත.
දුර්ලභ තොරතුරු හා සේයා රූ එකතුවක අපූරු තිළිනයකි
කැමතියිLiked by 1 person