මධ්‍යතන යුගයේ කෞතුකාගාරය ක්ලුණි – National Museum of Middle Ages, Paris

ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය හා කලාව අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී ඉතා ඉහල මට්ටමක තිබුණු බව පෙනීයයි. එහෙත් මේ හා  සමාන්තර කාලයක් ලෙස සැලකිය හැකි බටහිර යුරෝපිය කලාවේ මධ්‍යතන යුගය ලෙස සැළකෙන, රෝම අධිරාජ්‍යය බිඳ වැටීමේ සිට පුනරුද කාලය දක්වා සහශ්‍රයක් පමණවූ කාලය  (ක්‍රි,ව. 400 පමණ සිට 1400 දක්වා පමණ) අඳුරු යුගයක් ලෙස සමහරු හඳුන්වති. එතෙක් පැවති සම්භාව්‍ය කලාව ක්‍රමයෙන් වියැකී යාම ඊට හෙතුවයි. කලාවේ ඇතිවූ මේ හිඩැස පියවීම ආරම්භ කෙරුනේ ඉයුරේෂියාව හරහා පැමිණි Huns, Vandals, Franks, Visigoths, Ostrogoths, Suebi, Alans, Alamanni, Burgundians   ආදී (Barbarian tribes) ගෝත්‍රික ජනයා සතුව තිබු කලා නිපුණත්වයෙන් කරනු ලැබූ නිර්මාණ වලිනි. මේවා බොහෝවිට කුඩා පරිමානයේ ලෝහ නිර්මාණ සහ කුඩා කැටයම් ආකාරයෙන් දක්නට ලැබිණ. ක්‍රි.ව. 800 දී පමණ චාර්ලිමේන් අධිරාජයාගේ පැමිණීමෙන් පසුව ක්‍රිස්තියානි කලා නිර්මාණයන් වල ව්‍යාප්තියක් ඇතිවිණ. පසුකාලීනව රෝමන්ස්ක්, ගොතික් ආදී විවිධ ආකෘති වලින් කලා නිර්මාණ බිහිවිය.

මෙවන් මධ්‍යකාලීන කලාකෘති ප්‍රදර්ශණය කෙරෙන කෞතුකාගාරයක් ලෙස පැරිසියේ ක්ලුණි කෞතුකාගාරය මුල් තැනක ලා ගිනිය හැකිය. මේ කෞතුකාගාර පිහිටි ගොඩනැගිල්ලද ඓතිහාසික වටිනාකමකින් යුත් එකක් වීමද කෞතුකාගාරයේ වැදගත් කමට හේතුවක් වී ඇත.

Tower Door

ගොඩනැගිල්ලේ දොරටුවක්

Well

ළිඳක්

Sun Dial

ගොඩනැගිල්ලේ පිටත පිහිටුවා ඇති සූර්ය ඔරලෝසුව

පැරිසියද රෝම අධිරාජ්‍යයේ කොටසක්ව තිබිණ. රෝමන්වරු ස්නානය සඳහා පොදු හා පෞද්ගලික වශයෙන් සුවිශේෂී ස්ථාන ඉදිකළහ. ඒවා ඉතා විශාල තටාක, උණුසුම් (caldarium), සාමාන්‍ය (tepidarium) හා සීත (frigidarium)  කාමර වලින් හෙබි ගොඩනැගිලි විය. Lutetia නමින් හැඳින්වූ පැරිසියේ පළමුවන සියවසේ ඉදිකළ විශාල ස්නානාගාර තුනෙන් ඉතිරිව ඇති එකම ස්නානාගාරය වනුයේ මේ කෞතුකාගාරය පිහිටි පරිශ්‍රයේ කොටසකි.

DSC00135

DSC00138

frigidarium

DSC00139

DSC00118DSC00136

DSC00142DSC00143

කෞතුකාගාර පිහිටි ගොඩනැගිල්ල පිටත බිත්තිවල සත්ව හා වෙනත් විවිධ කැටයමින් යුක්තව ඉදිකොට ඇති Hotel de Cluny නම් 15 වන සියවසේදී ඉදිකරනු ලැබූ කුඩා මාලිගයක් බඳු  ගොඩනැගිල්ලකි. 14 වන සියවසේ සිට ඇරඹි ගොතික් ගෘහ නිර්මාණශිල්පිය ලක්ෂණ මේ ගොඩනැගිල්ලේ කැපී පෙනෙයි.

මධ්‍යකාලීන කෞතුක භාණ්ඩ පිළිබඳව උනන්දුවක්  දැක්වූ Alexandre Du Sommerard මහතා එකතුකොට 1833 දී Hotel de Cluny හි තැන්පත් කළ භාණ්ඩ 1832 දී සිදුවූ  ඒ මහතාගේ අභාවයෙන් පසු රජය මගින් මිලට ගෙන 1843 දී මේ කෞතුකාගාරය ආරම්භ කොට ඇත. පැරිස් නගර සභාව Hotel de Cluny ගොඩනැගිල්ලට මායිම්ව තිබු Gallo – Roman thermal baths ගොඩනැගිල්ල හා එහි තිබු භාණ්ඩද මේ කෞතුකාගාරයට පවරා ඇත. පසු කාලීනව මිලට ගත් භාණ්ඩ, පරිත්‍යාග ආදියද  එකතුව මේ වනවිට මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ 24000 ක් පමණ ඇත.

මහල් දෙකකින් යුතු මේ කෞතුකාගාරයේ ආසන දෙව්මැදුරුවල වූ වර්ණවත් විදුරු ජනේල, ගොඩනැගිලි වල කොටස්,  ප්‍රතිමා හා මුර්ති, කුඩා විසිතුරු භාණ්ඩ, ඇත් දල වලින් කළ නිර්මාණ, ආභරණ, රන් ,රිදී, සිල්ක් ආදී නූල් වලින් අලංකාරවත් වූ විශාල එම්බ්‍රොයිඩරි බිත්ති සැරසිලි තිර රෙදි (tapestry) සිතුවම්,  චිත්‍ර වලින් අලංකාරකළ පොත් වල අත් පිටපත් ආදී රෝමන් යුගයේ සිට 15 වන සියවස දක්වා කාලයට අයත් විවිධ මධ්‍යකාලීන කෘතීන් රාශියක් ප්‍රදර්ශණයට තබා ඇත.

රෝමන් යුගයේ කෞතුක වස්තු ලෙස දක්නට ලැබෙන්නේ ගොඩනැගිලිවල කුළුණු ආශ්‍රිත කැටයම් හා පේකඩ  ආදියයි. මෙහි ඇති 4 වන හෝ 5 වන සියවසට අයත් පුරා වස්තුවක් වනුයේ පැරණි ඊජිප්තු කතෝලිකයන්   ග්‍රීක මිත්‍යා කතාවක් ආශ්‍රයෙන් ගොතන ලද කතාවක ඇතුලත් Jason සහ Medea නම් චරිත ඇතුලත් කොට එම්බ්‍රොයිඩරි වැඩ  දමන ලද රෙදි කැබැල්ලකි.

DSC00096Mathematics

ගණිතය 

මධ්‍යකාලීන කලා කෘති අතර විශ්ෂයෙන් කැපී පෙනෙන්නේ රන්, රිදී, සිල්ක් ආදී නූල් වලින් එම්බ්‍රොයිඩරි  වැඩ දැමූ (tapestry) විශාල බිත්ති සැරසිලියි. මෙවන් බිත්ති සැරසිලි බොහෝ කාමරවල දක්නට ලැබේ.

මේ අතරින් ඉතා වැදගත් සැරසිලි ලෙස බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවී ඇත්තේ කාමර අංක 13 ඇති යුනිකෝන් සමග වන කාන්තාව (Lady with the Unicorn tapestry series) නම් mille-fleurs (thousand flowers) වර්ගයේ  සැරසිලි කාණ්ඩයයි. මේවා Lyon හි Le  Viste පවුලේ සංකේතය ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් බෙල්ජියමේ නිපදවුවකි. නිල් පැහැති තීරුවක අඩසඳ තුනක් දැක්වෙන ඔවුන්ගේ පවුලේ සංකේතය කොඩියක ලෙලදෙන ආකාරය මේවායේ දැකගත හැකිය. එමෙන්ම එහි කුඩා මල්, පැලෑටි, කුරුල්ලන්, සතුන් ආදිය කැටයම් කළ තද රතු පැහැති පසුබිමක් මධ්‍යයේ කාන්තාවක්, සිංහයෙක්, කඟවේනෙක්, ආදිය විවිධ ආකාර ක්‍රියාවන්හි නියුක්ත වන ආකාරයක් පෙන්නුම් කරයි.   මේ කාණ්ඩයේ කැබලි හයකි. මේවායින් දැකීම, ඇසීම, රසය, සුවඳ සහ දැනීම යන පසිඳුරන් හා හයවැන්නෙන්  හැඟීම නිරුපනය කොටඇති බව කියවේ.

DSC00154

දැනීමDSC00158

රසය

DSC00157

ඇසීම

DSC00155

සුවඳ

DSC00156

දැකීම

DSC00159

හැඟීම

ඉතා වටිනා ඇඳුමක් ඇඳ සිටින කාන්තාවක් කඟවේනාගේ අඟ අල්ලාගෙන සිටීමෙන් දැනීමද, මන්ජුසාවකින් රස කැවිලි ගැනීමෙන් රසයද, පියානෝවක් වාදනය කිරීමෙන් ඇසීමද, කානේෂන් මල්දමක් පිළියෙළ කිරීමෙන් ද, කඟවේනා දෙසට අල්ලාගෙන සිටින කැඩපතින් උගේ පිළිබිඹුව පෙනීම දැකීමද, සංකේතවත් කොට ඇත. අවසාන සැරසිල්ලෙන් දැක්වෙන්නේ කාන්තාවගේ මාලය ඇගේ මෙහෙකාරියගේ අතැති මන්ජුසාවකට දමන ආකාරයයි. ඉන් හැඟීම පිළිඹිබු කරන බව අදහස් කෙරේ.

කැටයම් පුවරු

DSC00107DSC00108

14 හා 15 වන සියවස් වලදී එංගලන්තයේ නිෂ්පාදනය කොට වෙනත් යුරෝපිය රටවලට අපනයනය කල ඇලබැස්ටර් කැටයම් පුවරු රාශියක්ද මෙහි ප්‍රදර්ශනය කෙරේ.

වර්ණවත් විදුරු ජනේල

DSC00109DSC00111DSC00113

මෙහි ප්‍රදර්ශනය කෙරෙන වර්ණවත් විදුරු ජනේල 12 වන හා 13 වන සියවස් වලට අයත් ඒවාය.

බයිබලයේ සඳහන් රජවරුන්

DSC00127DSC00130DSC00131

1220 – 1260 පමණ කාලයේදී නොත්‍රදාම් දේවස්ථානයේ බටහිර පේකඩෙහි අඹා තිබු බයිබලයේ සඳහන් රජවරුන් 28 දෙනාගේ පිළිරූ, ප්‍රංශ රජවරුන්ගේ පිළිරූ යයි වැරදි වැටහීමෙන් ප්‍රංශ විප්ලව වාදීන් විසින් 1789 දී හිස් වෙන්කර  විනාශ කර දමන ලදී. මේවාද ඇතුලත් සුන් බුන් තොගයක් 1796 පැරිසිය පිරිසිදු කරන අවස්ථාවේදී ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවෙකුට විකුණා දමා ඇත. මේ ගල් Baptiste Lakanal නම්  ප්‍රංශ ධනවතෙකුට නිවසක් ඉදිකිරිම සඳහා ගෙනවිත් ඇත. භක්තිමත් කතෝලිකයෙකු වූ Baptiste Lakanal පල්ලියේ නිතිය අනුව මේ ආගමික පිළිරූ භූමදාන කොට ඇත. 1977 දී පැරිසියේ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට කරන ලද කැණීමකදී මෙයින් පිළිරූ 21 හා තවත් කැටයම් කොටස් රාශියක් හමුවී මේ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

DSC00123DSC00125

DSC00124

මිට අමතරව රෝමන්, ගොතික් ආදී  අවදිවල ප්‍රථිමා, පුරා වස්තු, 14 වන හා 15 වන සියවස්වල සිතුවම්, වටිනා ලෝහ වලින් නිපදවූ මධ්‍යකාලීන ආගමික විසිතුරු භාණ්ඩ, දේවස්ථානවල අල්තාරය අලංකාර කිරීමට නිර්මාණය කල පුවරු, මධ්‍යතන යුගයේ වැසියන් එදිනෙදා පාවිච්චිකළ භාණ්ඩ, යුද කටයුතු හා දඩයම් සඳහා භාවිතා කල උපකරණ හා ආරක්‍ෂිත ඇඳුම් ආදී බොහෝ දේ මෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර වේ.  

DSC00121

DSC00106Virgin of Mercy c1400

DSC00132

ගොතික් මූර්තියක් නොත්‍රදාම් දේවස්ථානයෙන් ආදම්DSC00117DSC00118DSC00149DSC00151DSC00126

ගොඩනැගිලිවල කුළුණු හිස් ආදිය

DSC00087DSC00089DSC00091

DSC00093DSC00094DSC00095DSC00097DSC00099DSC00105

DSC00187DSC00189

DSC00152

DSC00162

ප්‍රථිමා

DSC00172

DSC00174

පළමු කොටුවේ දැක්වෙන Votive Crown 7 වන සියවසට අයත්ය 

Reliquary of Christ's Umbilicus 1407 Gilded silver
Reliquary of Christ’s Umbilicus 1407 Gilded silver

DSC00177

වටිනා ලෝහ වලින් නිපදවූ මධ්‍යකාලීන ආගමික විසිතුරු භාණ්ඩ

DSC00164

සිතුවම්

DSC00195

මුල් යුගයේ යාන්ත්‍රික ඔරලෝසුවක්DSC00182DSC00184

DSC00122

ඇත් දල කැටයම්

DSC00176

DSC00115

සාන්තුවරයන්ගේ පිළිරූ කැටයම් කළ මංජුසා

DSC00100

චිත්‍ර වලින් අලංකාරකළ පොත් වල අත් පිටපත්

Tombstone of Nicholas Flamel @Musée de Cluny - Musée national du Moyen Âge

සුසානභුමි ස්මාරකයක්

DSC00161DSC00190DSC00167

DSC00192DSC00193

DSC00171

ජලය තබාගන්නා භාජන

Plates from the Levant

ලෙවන්ට්හි පිඟන් භාණ්ඩ

DSC00196DSC00199

ශරීර ආරක්ෂක උපාංග

මෙහි උද්‍යානයද කෞතුකාගාරයේ තේමාවට ගැලපෙන ආකාරයෙන් සකසා තිබේ. ගෝවා, ලූනු ආදී මුළුතැන්ගෙයට අවශ්‍ය  එළවලු වර්ග, රෝස, ලිලි, වයලට්, අයිරිස් ආදී මල්, මින්ට් ආදී මද්‍යකාලින ඖෂද පැලෑටි, තුරු වදුලු මංපෙත් ආදියෙන්  සමන්විත මෙහි විවේකයෙන් සැරිසරමින් මද්‍යකාලින පරිසරයක් මහජනයාට අත්විඳීමට අවස්ථාවක් සලසා ඇත.

 Protected by Copyscape

එන්.එච්. සමරසිංහ.  2019. 04. 19

Advertisements

1 Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.