ස්කොට්ලන්තය බොහෝ සංචාරකයන්ගේ සිත්ගත් පෙදෙසකි. එක්සත් රාජධානිය තුල ඉතා අලංකාර භුමි දර්ශනයන්ගෙන් සපිරුණු ප්‍රදේශයක් බවට ස්කොට්ලන්තය පත්ව තිබීම ඊට එක හේතුවකි. පුරාණයේ සිදූවූ ගිනිකඳු විදාරණය හා අයිස් යුගයේ අවසාන අදියරේදී සිදුවූ ග්ලෙශියර් ඛාදනය නිසා ස්කොට්ලන්තයේ බොහෝ අභ්‍යන්තර විල් බිහිවී ඇත. (මේවා ස්කොට්ලන්ත භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ ලොහ් නමිනි.) මේ විල් ආශ්‍රිතව ඇති මනස්කාන්ත පරිසරයේ සෞන්දර්යය අත්විඳීමට කැමැත්තක් දක්වන බොහෝදෙනා මේ පෙදෙස්වල සංචාරයේ නිරත වෙති.
ස්කොට්ලන්තයේ ජලාශ ආශ්රිත සංචාරක ගමනාන්ත අතරින් ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වී ඇත්තේ ලොමන්ඩ් විල ආශ්රිත ප්රදේශසයි. ග්ලාස්ගෝ නගරයට කිලෝමීටර් 20 ක් පමණ වයඹ දෙසින් ස්කොට්ලන්තයේ දකුණේ තැනිතලා පෙදෙස් හා කඳුකර පෙදෙස් මායිමේ මේ ජලාශය පිහිටා ඇත.
ලොහ් ලොමන්ඩ් එක්සත් රාජධානියේ විශාලතම ප්‍රදේශයක් ආවරණය කෙරෙන විශාලතම මිරිදිය විලයි. එය කිලෝ මීටර් 36 ක් පමණ දිගින් හා කිලෝ මීටර් එකක සිට අටක් පමණ පළලට වර්ග කිලෝමීටර් 71 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති අතර ගැඹුරුම ස්ථානය මීටර් 150ක් පමණ වෙයි. වෙරළ තිරය කිලෝ මීටර් 150 ක් පමණ වන අතර ජලාශය තුල දුපත් 38 ක් පමණ පිහිටා ඇත. මහා බ්‍රිතාන්‍යයේ මිරිදිය ජලාශයක් තුල පිහිටි විශාලතම දුපත වන Inchmurrin දුපත පිහිටියේද මෙහිය. මේ දුපත් ජලාශයේ අලංකාරය හා වැදගත්කම වැඩි වීමට හේතුවකි.
මේ ජලාශයේ Powan, lamprey, lampern, brook trout, perch, loach, common roach, flounder ආදී මිරිදිය මසුන් වර්ග රාශියක් ජීවත්වේ. මේ විල පිහිටි Trossachs ජාතික උද්‍යානයේ බ්‍රිතාන්‍යයේ ඇති වෘක්ෂ ලතා වර්ග වලින් සියයට 25 ක් පමණ දැකගත හැකිය. එමෙන්ම ජලාශ්‍රිත ප්‍රදේශයේ පක්ෂීන් වර්ග බොහොමයක් දැකගත හැකිය.
බල්මහ (Balmaha) තොටුපොළ
Loch Lomond dock යනුවෙන්ද හැඳින්වෙන Scottish dock (Rumex aquaticus), නම් ශාඛය මේ ප්‍රදේශයට ආවේනික ශාකයකි.
මේ ප්‍රදේශය ඓතිහාසික අතින්ද වැදගත් ප්රදේශයකි. වසර 5000 කට පමණ පෙර සිටම මේ ප්‍රදේශ ජනාවාස වී තිබේ.
ලොහ් ලොමන්ඩ් ඔරු පැදීම, මසුන් ඇල්ලීම ආදී විවිධ ජලාශ්‍රිත ක්‍රියා කාරකම් වලට, කඳු නැගීම, වන සතුන් නැරඹීම, කඳවුරු බැඳ නිවාඩු ගතකිරීම් ආදී බොහෝ ක්‍රියා කාරකම් වලට පහසුකම් ඇති ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. Sir Walter Scott විසින් 17 වන සියවසේ ස්කොට්ලන්තයේ මේ පෙදෙසේ විසූ Robert Roy MacGregor ගේ චරිතය ඇතුලත් කොට ලියන ලද Rob Roy නවකතාව නිසා 19 වන සියවසේ සිටම මේ පෙදෙස ප්‍රසිද්ධියට පත්විය.
තොරතුරු මධ්‍යස්ථානය
හිමිදිරියේ ගැමි පරිසරය අත්විඳිමින් ලොමන්ඩ් විලේ නිසල ජලතලය මත ඇඳෙන රූ රටා බලා හිඳිමෙන් පමණක් වුවද සිත් සතන් සුවපත්වේ.
Nice article ! Small correction to make. Loch pronounce karanne ලොහ් kiyala old Gaelic language eken
කැමතියිLiked by 1 person
කියවීම හා අඩු පාඩු පෙන්වා දෙමින් අදහස් දැක්වීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ඔබේ උපදෙස් අනුව වරද නිවැරදි කළෙමි. ස්තුතියි.
කැමතියිකැමතියි