වංශ කතාවන්ට අනුව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පටන්ම රුහුණු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වැදගත් ජනාවාසයක්ව තිබී ඇත. දෙවන පෑතිස් රජතුමාගේ දෙවන සොහොයුරාවූ මහානාග යුවරජු රුහුණට පැමිනීමෙන් පසුව දේශපාලන වශයෙන්ද ඊට වැදගත් කමක් ලැබී ඇත. අද මොණරාගල දිස්තික්කයට අයත් ප්‍රදේශයද අතීතයේ රුහුණට අයත්වූ ප්රදේශයකි. එදා මහානාග යුව රජුගේ මුනුබුරෙකු වූ කාවන්තිස්ස රජුගේත් දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන්ගේත් ක්‍රියාවන් වලට සම්බන්ද බොහොමයක් ස්ථාන මේ මොණරාගල ප්‍රදේශයේ පිහිටා ඇත.
කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසු රජකම සඳහා දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන් අතර ක්‍රිස්තු පූර්ව 161 දී පමණ සටනක් පැවති බවත් පළමු සටනේදී දුටුගැමුණු කුමරා පසුබැස ගිය බවත් දෙවැනි සටනේදී ඔහු ජය ලබාගත් බවත් වංශ කතාවල කියවේ. කුමාරවරුන් දෙදෙනා අතර වූ පළමු සටන චූලංගණී නම් ස්ථානයේදී සිදුව ඇත. දෙවන සටනද මේ ආසන්නයේම සිදුවී ඇති අතර ඒ ස්ථානය යුදඟනාව ලෙස හඳුන්වා ඇත.
මේ යුදඟනාවේ හා චූලංගණීයේ පැරණි දාගැබක හා විහාර සංකීර්ණයක නටබුන් දක්නට ලැබේ. බුත්තල සිට වැල්ලවාය මාර්ගයේ බුත්තලට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි යුදඟනාව හන්දියෙන් හැරී කිලෝ මීටර් දෙකක් පමණ ගියවිට මේ ඓතිහාසික භුමියට ලඟාවිය හැකිය.
යුදඟනාවේ පිහිටි දාගැබ කොටවෙහෙර වර්ගයේ දාගැබකි. එහි වට ප්‍රමාණය අඩි දහසක් පමණ වන අතර උස අඩි 95 ක් පමණ වේ. කොටවෙහෙරක් යනුවෙන් අදහස් කෙරෙනුයේ මුල් කොටස විශාල දාගැබක් ලෙස නිර්මාණය කොට පේසා වළලු වලට ඉහලින් දාගැබේ කොටසක් නිමකිරීමෙන් පසුව දාගැබ බැඳීම නවතා ඒ මත මලුවක් සකසා එහි කුඩා දාගැබක් ඉදිකරමින් කෙරෙන නිර්මාණයකි.

දාගැබ
සියවස් ගණනාවක් වල් බිහිව තිබූ මේ භුමියේ කැණීම් හා සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1979 පමණ ආරම්භ කොට ඇත. කැනීම් වලදී මෙහි තිබී සමාධි බුදු පිළිම, දේව ප්‍රථිමා, මැටි බඳුන්, කාසි, කරඬු ආදිය හමුව ඇත.
යුදඟනාව දාගැබේ ඉතිහාසය විමසා බැලීමේදී එය ඉදිකිරීම සම්බන්දයෙන් මත දෙකක් ඇති බව පෙනේ. එක මතයක් වන්නේ දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන් අතර පැවති සටන් වලින් පසුව දෙදෙනා අතර වූ සමාදානය සිහිපත් කරවීම සඳහා සද්ධාතිස්ස කුමරුවන්ට එහි දාගැබක් ඉදිකරන්නට භාරදුන් බවයි.
අනෙක් මතය වන්නේ පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් එතුමාගේ මෑණියන් වූ රත්නාවලී බිසවගේ ආදාහනය සිදුකළ ස්ථානයේ ඇය වෙනුවෙන් මේ දාගැබ ඉදිකොට ඇති බවයි. සෙනරත් පරණවිතාන මහතා මේ චෛත්‍යය හඳුන්වා ඇත්තේ රත්නාවලීචේතිය යනුවෙනි.
දාගැබ් අත්තිවාරමේ ගලක බ්රාහ්මීය අක්ෂර කීපයකින් යුත් සෙල් ලිපියක කොටසක් පෙනෙන්නට ඇතත් ඉතිරි කොටස දාගැබ තුල වන බැවින් එය කියවා තේරුම් ගැනීමට නොහැකිවී ඇති බව කියති. මහා පැරකුම්බා රජතුමා එතුමාගේ යුව රජුගේ රට වන රුහුනේද නොයෙක් කර්මාන්ත කරවූ බව මහා වංශය කියයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ උපන් ගමවන පිළගම ඉදිකළ (වර්ථමාන දැදිගම) සුතිඝර දාගැබ, පොළොන්නරුවේ දෙමළ මහා සෑය ආදියද මේ ආකෘතියේම දාගැබ් බව පෙනේ. එමෙන්ම දාගැබේ පේසා වළලු නිරීක්ෂණය කිරීමේදී එය ඉදිකිරිම සම්පුර්ණයෙන් නිම නොකළ දාගැබක් ලෙස පෙනී යන බව විද්වතුන් ප්‍රකාශකොට ඇත. මේ දාගැබ ඉදිකිරීමට යොදාගෙන ඇති ගඩොල් වර්ගයද පොළොන්නරු යුගයේ ඉදිකිරීම් යොදාගත් ගඩොල් හා සමාන බවද කියති. එමෙන්ම දාගැබේ කරන ලද කැනීම් වලින් තහවුරු වී ඇත්තේ මෙය චෛත්‍යයේ මුල්ම ඉදිකිරීම මිස කලින් ගොඩනගන ලද චෛත්‍යයක පුළුල් කිරීමක් හෝ ප්‍රතිසංස්කරණය කිරීමක් නොවන බවයි. රුහුණේදී අභාවයට පත්වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියවූ රත්නාවලී දේවියගේ දේහය ඛීරග්රාම නම් ස්ථානයකදී ආදාහනය කළ බව චුලවංශයේ සඳහන්වේ. මහියංගනය බලා ගිය දුටුගැමුණු රජතුමාගේ සේනාව බුත්තල ප්‍රදේශයේ ලැගුම්ගැනීමෙන් පසු පිටත්ව ගොස් ඊළඟ දිනයේදී වාඩිලා ගත්තේ ඛීරග්රාමයේ බව ථුපවංශයේ සඳහන්වේ. ඒ අනුව බුත්තල ප්‍රදේශයට නුදුරින් ඇති මේ දාගැබ රත්නාවලී දේවිය ආදාහනය කළ ස්ථානයේ කළ දාගැබ විය හැකි බව පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව බලන විට මෙය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දක් බවට ඉදිරිපත්ව ඇති සාක්ෂි වඩාත් ප්‍රබල බව පෙනේ.
මහනුවර යුගයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යුදඟනාව දාගැබ ආශ්රිත අක්කර 1739 ක පමණ භුමි භාගයක් යුදඟනාව විහාරයට සන්නසකින් පුජා කර ඇත.

පිළිම ගෙය
මහනුවර යුගයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉදි කරන ලදැයි සැලකෙන පිළිම ගෙයක් දාගැබට මඳක් ඊසාන දෙසින් ඇත. එය මැටියෙන් කරන ලද කුඩා ගොඩනැගිල්ලකි. ඒ තුල මැටියෙන් හා දැවයෙන් නිම කළ හිඳි හා හිටි බුද්ධ ප්‍රතිමා කීපයක්, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පිළිම, විෂ්ණු හා සමන් දෙවි වරුන්ගේ පිළිම නෙලා ඇත.

ප්‍රතිමා
විහාරගෙයට ඇතුළුවන දොරටුව මකර තොරණකින් අලංකාරවත් කොට ඇත. විහාරගෙය ඇතුලත දොරටුව දෙපස ඉර, හඳ රූප හා කතරම දෙවියන්ගේ හා ගණදෙවියන්ගේ රූප සමග බුදුරජාණන්වහන්සේගේ රූප සිතුවම් කර ඇත. අනෙකුත් බිත්තිවල සත් සතිය හා සුවිසි විවරණය ආදී සිතුවම් දක්නට ඇත. සිවිලිමේ හංස පුට්ටු, නාරිලතා ආදී සිතුවම් වේ.

සුවිසි විවරණය

සුවිසි විවරණය

සුවිසි විවරණය
විහාරගෙයි පිටත බිත්තිවලද සිතුවම් ඇඳ තිබු බව පෙනෙතත් ඒවා හඳුනාගත නොහැකි තරමට විනාශවී ගොසිනි.

පිටත බිත්තිවල සිතුවම්
මේ දාගැබ් පරිශ්‍රයට අඩි 800 ක් පමණ මෑතින් ක්‍රිස්තු වර්ෂ හයවන හෝ හත්වන සියවසේදී පමණ ඉදිකළ බවට විශ්වාස කෙරෙන චුලංගනී විහාර සංකීර්ණයේ හා බුදු පිළිම කීපයක නටබුන් දැකිය හැකිය. මෙහි දාගැබක, බෝධිඝරයක, පිළිම ගෙයක, හා ආරාම ගොඩනැගිලි දෙකක නටබුන් සංරක්ෂණය කොට ඇත.

චුලංගනී දාගැබ

ගොඩනැගිලි නටබුන්

ගොඩනැගිලි නටබුන්
නිශ්ශංක මල්ල රජ තුමා විසින් රුහුණේ සිට පොලොන්නරුව දක්වා වැටි ඇති මාර්ගයේ ගව්වක දුර දැක්වෙන “ගවුත කණු” ලෙස හැඳින්වෙන ශිලා ස්ථම්භ පිහිටුවා ඇත. එවන් ශිලා ස්ථම්භයක් යුදඟනානාවේ සංරක්ෂණය කර තිබෙනු දැකිය හැකිය.
යුදඟනාව අනුරාධපුර, පොළොන්නරු හා මහනුවර යුගයන් සියල්ලේම රජවරුන්ගේ අනුග්‍රහය ලැබූ විශේෂිත සිද්ධස්ථානයක් බව කිව හැකිය.
Dear Mr Samarasinghe,
This is an excellent piece of work that you have done. I admire you and all the archaeological work that you have done.
Dr Abayasiri-Silva
කැමතියිLiked by 1 person
Thank you so much for reading and appreciating.
කැමතියිකැමතියි