ක්‍රි.පූ 6 වන සියවස තරම් පැරණි සයිප්‍රසයේ පුරාණ රාජධානි දහයෙන් එකකි “සොලි” .ක්‍රි.පූ. 13 වන සියවසේදී ට්‍රෝජන් යුද්ධයෙන් පසු ආපසු පැමිණි ඇතීනියානුවන් විසින් මෙය ආරම්භ කරන ලදැයි විශ්වාස කෙරේ.තඹ නිධි බහුල වීම, හොඳ ජල සැපයුමක්, සාරවත් පස සහ ආරක්ෂිත වරායක් තිබූ නිසා එය සයිප්‍රසයේ වැදගත්ම නගරය බවට පත්වී තිබුණි. එහෙත් හත්වන සියවසේ සිදුවූ අරාබි ආක්රමණවලින් මෙම නගරය විනාශ වීම නිසා අත්හැර දමා තිබේ. 1929 දී පමණ ස්වීඩන් පුරාවිද්‍යාඥයින් විසින් මෙහි සිදු කරන ලද කැනීම් වලින් රෝම යුගට අයත් නටබුන් සොයාගෙන ඇත.


දෙවන සියවසට පමණ අයත් යයි විශ්වාස කෙරෙන රෝම රඟහල මේ අතර ප්‍රධාන වේ. හාරදහසකට පමණ ඉඩකඩ සැලසෙන ආසන පේළි 17 කින් සමන්විත අර්ධ කවාකාර රඟහල උතුරු කඳු බෑවුමේ පිහිටා ඇත. මේ නගරයේ පිහිටුවා තිබුණු ශාන්ත ඇක්සිබස් බැසිලිකාවේ බිම සත්ව රූප, ජ්‍යාමිතික මෝස්තර ආදී රූප ලෙස සරසා තිබුණු පිඟන් ගඩොල් අදත් දැකිය හැකිය.

මේ අතරින් මේ හංස රුපය වඩාත් ප්‍රසිද්ධය,
එන්.එච්. සමරසිංහ. 2021. 02. 11
ඔබතුමාගේ මහන්සිය අපතේ ගිහින් නැහැ. ඉතාම ප්‍රශංසනීයයි.
කැමතියිLiked by 1 person
බොහොම ස්තුතියි.
කැමතියිකැමතියි