ලෝක උරුම කිරුළ අහිමි වූ ලිවර්පූල්

මධ්‍යම එංගලන්තයේ බටහිර වෙරළේ මර්සි ගංගා මුවදොර පිහිටි ලිවර්පූල් 18, 19 සියවස්වල හා 20 වන සියවසේ මුල් භාගයේ  ලෝකයේ ප්‍රධානතම සමුද්‍රීය වෙළඳ සේවා නගරයක් ලෙස  ස්ථාපිත විය. අප්‍රිකානු රටවලින් ගෙනෙන වහලුන් හා උතුරු ඇමරිකාවට එංගලන්ත හා අයර්ලන්ත විගමනිකයින් උතුරු යුරෝපයේ සිට  ප්‍රවාහනය කෙරෙන සහ රෙදිපිළි ආදී කර්මාන්ත වලට කපු ආදී අමුද්‍රව්‍ය ගෙන්වන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රධාන වරාය බවට ලිවර්පූල් පත්ව තිබුණි. ලිවර්පූල් නූතන වරාය තාක්ෂණ, ප්‍රවාහන ක්‍රමවල හා වරාය කළමනාකරණ සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමී නගරයක් විය. කාර්මික විප්ලවයේදී ඇල මාර්ග සංවර්ධනය, දුම්රිය මාර්ග සංවර්ධනය, ගොඩනැගිලි ඉදිකිරීම ආදී කටයුතු වලදීත්   ලිවර්පූල්  නගරය පුරෝගාමිත්වය දැරීය. ලිවර්පූල් නගරයේ පිහිටි නැව් තටාක, ගබඩා, වාණිජ  ගොඩනැගිලි ආදිය නව වාණිජ සංස්කෘතියක් නිර්මාණය කළේය. ලෝකයේ පළමුවන භූමියට ඉහලින් ගමන් කිරීමට සැකසූ විදුලි දුම්රිය, ස්වයන්ක්‍රීය සිග්නල් පද්ධති, විදුලි වර්ණ සංඥා, දුම්රිය ස්ථානයක වන මගී සෝපාන හා ලෝකයේ දෙවන විදුලි මෙට්‍රෝ දුම්රිය ආදිය අරඹා දුම්රිය ඉතිහාසයේ ඓතිහාසික සිද්ධි වාර්තා කලේ ද ලිවර්පූල් නගරයයි.


ලිවර්පූල් කෞතුකාගාරයේ ඇති දුම්රිය මැදිරි
ලිවර්පූල් දුම්රිය

යුරෝපයේ පැරණිතම චීන ජනාවාසය ඇත්තේ ද ලිවර්පූල් වල බව කියති. 

ලිවර්පූල් චීන නගරය

ලිවර්පූල් මානව ඉතිහාසයේ වැදගත්කම, වටිනාකම් හුවමාරු කර ගැනීම හා  සංස්කෘතික සම්ප්‍රදායේ සාක්ෂි පිළිබිඹු කෙරෙන ප්‍රධාන වාණිජ නගරයක් ලෙස 2004 දී යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම්කොට තිබුණි.

ලෝක උරුම ලෙස නම් කොට තිබුනේ පියර් හෙඩ් පරිශ්‍රයේ ප්‍රධාන ගොඩනැගිලි තුන; නැව් තටාක, ගබඩා,  ඇළ පද්ධති, සහ වරාය කටයුතුවලට  පහසුකම් සැලසූ අනෙකුත් උපාංග සහිත තටාක පරිශ්‍ර හා නාවික, රක්‍ෂණ හා බැංකු කාර්යාල, ගොඩබිම් ගබඩා සහ වෙළඳ නිවාස පිහිටි නගරයේ වාණිජ ප්‍රදේශයයි. මේ අනුව ලෝක උරුමයක් බවට ප්‍රකාශිත ප්‍රධාන ස්ථාන වූයේ ඇල්බර්ට් තටාකය, ස්ටැන්ලි තටාකය, පියර් හෙඩ්, කාසල්/ඩේල්/ඕල්ඩ් හෝල් ස්ට්‍රීට්, විලියම් බ්‍රවුන් ස්ට්‍රීට්, ලෝවර් ඩියුක් ස්ට්‍රීට් යන ස්ථානයන්ය. මේ ස්ථානවල පිහිටි ඉදිකිරීම් රාශියක් සංරක්ෂිත ස්මාරක ලෙස නම් කොට තිබුණි.

පියර් හෙඩ්හි ප්‍රසාදිනියන් තිදෙනා (The Three Graces) යනුවෙන් හැඳින්වෙන ලිවර් ගොඩනැගිල්ල, ලිවර්පූල් වරාය ගොඩනැගිල්ල හා Cunard ගොඩනැගිල්ල යන ප්‍රධාන ගොඩනැගිලි තුන පිහිටා ඇත. මේ ආසන්නයේ නව ලිවර්පූල් කෞතුකාගාර ගොඩනැගිල්ල 2011 දී ඉදිකොට ඇත. මෙහි ඇති තවත් විශේෂිත ගොඩනැගිල්ලක් වන්නේ මර්සි ගංගාවට යටින් වන උමං මාර්ගයට සැපයෙන වාතාශ්‍රය පාලනය කෙරෙන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලයි,


The Three Graces – Liver, Port of Liverpool and Cunard Buildings
George’s Dock Building – Liverpool

පියර් හෙඩ් වලට දකුණින්, දැව භාවිතයෙන් තොරව සම්පූර්ණයෙන්ම යකඩ, ගඩොල් හා ගල් ආදිය පමණක් යොදවා ඉදිකළ ඇල්බට් ඩොක් ගොඩනැගිලි ලෝකයේ පළමුවන ගිනි ආරක්‍ෂිත ගබඩා ගොඩනැගිලි සංකීර්ණයයි. ලෝකයේ පළමුවරට හයිඩ්රොලික් දොඹකර භාවිතයට ගැනුනේ ඇල්බට් ඩොක් හිය. දැන් ඇල්බට් ඩොක්හි ටේට්, මර්සිසයිඩ් මැරිටයිම්, බීට්ල්ස් ආදී කෞතුකාගාර හා වෙළඳ හල්, ආපන ශාලා ආදිය පිහිටුවා ඇත. එමෙන්ම සංචාරක රුවල් නැව් ආදියට තොටුපලක් වී ඇති ඇල්බට් ඩොක් ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයකි.

ඇල්බට් ඩොක් ස්මාරක.

Albert Dock
Albert Dock
Albert Dock
නාවික, රේගු, වහල් සහ ටයිටැනික් කෞතුකාගාර
වහලුන්ට හන ගැසූ මුද්‍රාවක්
බීට්ල්ස් කෞතුකාගාරය
Liverpool
The Pier Master’s House – Liverpool
The Pier Master’s House – Liverpool
Liverpool
Liverpool
Liverpool
Lusitania Propeller – Liverpool
Horse Monument – Liverpool
Liverpool
Liverpool
Liverpool
Liverpool
Liverpool

ස්ටැන්ලි ඩොක් පියර් හෙඩ්වලට උතුරින් වෙයි.

වාණිජ නගරයේ ස්මාරක

World Museum – Liverpool
Liverpool
Liverpool
Liverpool
Liverpool
St Georgr’s Hall – Liverpool
Equestrian Statue of Prince Albert – Liverpool
Equestrian Statue of Queen Victoria -Liverpool
Liverpool
Liverpool
Statue honouring the King’s Liverpool Regiment – Liverpool
Lime Stret Railway Station – Liverpool
Wellington’s Column – Liverpool
The Steble Fountain – Liverpool
Liverpool
Tunnel Entrance – Liverpool
North Western Hotel – Liverpool

2008 දී ලිවර්පූල් යුරෝපීය සංස්කෘතික නගරය ලෙස නම් කෙරින.  2010 දී පමණ ලිවර්පූල් නගරයේ නව ඉදිකිරීම් රාශියක් ඇරඹින.

නව ගොඩනැගිලි

Liverpool
Liverpool
Liverpool
Liverpool

මේ ඉදිකිරීම් නගරයේ ලෝක උරුම තත්ත්වයට අහිතකර අන්දමින් බලපානු ඇති බවට යුනෙස්කෝ  ආයතනය අනතුරු අඟවා තිබිණ. තත්ත්වය මෙසේ තිබිය දී 2021 දී පවුම් මිලියන 500 ක් පමණ වැයකොට එවර්ටන් පාපන්දු සමාජය සඳහා පාපන්දු ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට ද පියවර ගනු ලැබිණ. නව ඉදිකිරීම් නිසා නැවත ලබාගත නොහැකි වන තරමට ලිවර්පූල් නගරයේ ස්මාරකවල  විශ්වීය වටිනාකමට හේතුවී ඇති ගුණාංගවලට  හානි සිදුවී ඇති බැවින් ලිවර්පූල් ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට වාර්තා විය. ඉන් අනතුරුව 2021 ජුලි මස 21 වන දින චීනයේ Fuzhou  හිදී  පවත්වන ලද ලෝක උරුම කමිටුවේ 44 වන සැසි වාරයේදී කරන ලද  ඡන්ද විමසීමේ දී ලෝක උරුම තත්ත්වය ඉවත් කිරීම සඳහා 13 : 5 ක් ලෙස ඡන්ද ප්‍රකාශ වීම නිසා ලිවර්පූල් නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී.

මේ අනුව ලිවර්පූල් නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු තුන් වැනි භූමියයි. 

එන්. එච්. සමරසිංහ.

2021. 08. 15.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.